2023.11. 26 පොහෝය දින එෙතිහාසික බුද්ධ ප්‍රතිමාවට සිවුරක්‌ පැළඳවීම පිලිබඳව සමාජ මාධ්‍ය ජාලා ඡායා රූප සභිතව ප්‍රවෘත්තියක්‌ පළ කළ අතර එය සමාජයේ මහත්‌ කතා බභට ලක්‌ වූ කාරණයක්‌ විය.

  1. මෙම ප්‍රවෘත්තියට අදාළව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙනින්‌ අප විසින්‌ ඉතා කඩිනමින්‌ චාර්තාවක්‌ කැඳවන ලදි.
  2. ඒ අනුව ළඑෙතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂාවක්‌ සිදු කොට ඇති අතර මේ පිළිබඳව අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන්‌ ප්‍රකාශයක්‌ ලබා ගෙන ඇත.
  3. “ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන්‌ පිළිම ව්‍යනසේට පැය කිහිපයකට සිවුරක්‌ අන්දවා පූජා පැවැත්වීමට තමන්‌ වහන්සේ කටයුතු කළේය..” යනුවෙන්‌ විහාරාධිපති හිමියන්‌ පවසා ඇත.

වැඩිදුරටත්‌ උන්‌ වහන්සේ පවසා ඇත්තේ ,

  • තමන්‌ වහන්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින්‌ බුදු පිළිමයට හො අනෙක්‌ පුරාවිද්‍යා ස්මාරකචලට හානියක්‌ කිරීමේ අරමුණින්‌ සිදු නොකළ බවත්‌..”ය.

එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන්‌ සිවුරක්‌ පැළඳවීම පිළිබඳ කල්වේලා ඇනිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත්‌ කිරීමට නොහැකි වූ බවත්‌ පවසා තිබේ. එමෙන්ම මෙය අනවබෞධයෙන්‌ සිදු වූ කටයුත්තක්‌ බව තවදුරටත්‌ උන්වහන්සේ පිළිගත්‌ හ.

  1. කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන්ගේ වාර්තාව අනුව ( ස්ථාන පරීක්ෂාව අනුව ) අවුකන එෙතිහාසික බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක්‌ සිදුව නොමැත.
  2. මින්‌ ඉදිරියට මෙවැනි ක්‍රියාවක්‌ සිදු කරන්නේ නම්‌ අනිවාර්යෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්‍්ෂ ජනරාල්ගේ පූර්ව ංලිඛිත අවසරයක්‌ ලබා ගත යුතු බවත්‌ එසේ නොවුනහොත්‌ නීති මගින්‌ කටයුතු කරන බවටත්‌ උන්‌ වහන්සේට දන්චා ඇත.
  3. මේ සම්බන්ධව මේ වනවිටත්‌ ගල්නෑව පොලිස්‌ ස්ථානයේ පැමිණිල්ලක්‌ ගොනු කර තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න