• දේශපාලන බලපෑමෙන් හදිසි මරණ පරීක්ෂකවරුන් බඳවා ගැනීම අවසන්…………
• තෝරාගැනීම් සුදුසුකම් මත පමණයි…………

අධිකරණ ඇමති පවසයි.

මහජනතාවට උපරිම සාධාරණයක් ඉටුවන අයුරින් තමාගේ සහ තම තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් තමුන්ගේ සේවය උපරිමයෙන් අයුරින් ලබාදීමට මේ අය කැපවියයුතු යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අනුමත කරන ලද කාර්ය පටිපාටියට අනුව විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව සුදුසුකම් සපුරාලන ලද හදිසි මරණ පරීක්ෂකවරුන් 47දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආාචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් 2023.12.08 වන දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාාංශයේදී සිදු කෙරිණ.

මෙම අවස්ථාව සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ මින් පෙර මෙම සේවය සඳහා පත්වීම් ලබාදීම දේශපාලණීකරණයට ලක්වී තිබූ නමුත් මෙතැන් පටන් මෙම ගෞරවණීය සේවය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කරන බවයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අනුව ප්‍රදේශයේ ජීවත් වන ජනගහනය, එම ප්‍රදේශයේ රෝහල් ප්‍රමාණය වැනි කරුණු සලකා බලා වඩාත් සුදුසු පුරවැසියන් සඳහා මෙම තනතුර පිරිනමන බවත් එසේ පත්වීම් ලබාගන්නා පිරිස තමාගේ සහ තම තනතුරේ ගෞරවයත් ආරක්ෂා කිරීමට කැපවියයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අතර අධීකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ සපුගස්වත්ත මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවත්ථාවට සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න