ජනාධිපතිතුමනි ,
කලා රසවතෙකු වූ හිටපු ප්‍රංශ ජනාධිපති ප්‍රංසුවා ම්තොරොං ප්‍රංශ රජයෙන් කලාකරුවකුට පිදෙන ඉහලම සම්මානය රැගෙන ඉන්දියාවට ඇව්ත් සත්‍යජිත්රායිගේ නිවසට ගිහින් බාරදුන්නේ ගෞරවයක් හැටියට .ඔබතුමා ගායිකා නන්දා මාලිනී අසලටම ඇවිත් සම්මානය බාරදීම ඇයට ගෞරවයක් .අරගලය මෙතනට සම්බන්ධයක් නැහැ .එහෙම නම් කලාකරු සුනිල් ආරියරත්න ඔහු චිත්‍රපට සංස්ථාවේ නය පැහැර හරිමින් සිටින සම්භාව්‍ය සිනමා කරුවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න කෙනෙක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නයි .එබැවින් මටත් පුලුවන් නම් ඔබතුමා හමුවිමට අවස්ථාවක් දෙන්න ජාතික චිත්‍රපට සංස්ථාව අවුරුදු 23 කුත් මානව හිමිකම් කොම්සම අවුරුදු 8 කුත් චිත්‍රපටයක් හදන්නට මට හිමිවුන නය මුදල අහිමි කරමින් මගේ නය ලිපි ගොනුවද අතුරුදන් කරමින් මා නොමරා මරා දැමූ කථාව කියන්නට .හැබැයි ඒක මටත් ගෞරවයක් මොකද ? මම 2004 වසරේ සිට මේ දක්වා සෑම අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් මගේ දායකත්වය ලබාදුන් කලාකරුවෙක් .
රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ගෞරවයක් හැටියට ඒ වෙනුවෙන් විශේෂ සදහනක් කරලා තියෙනවා .තවද,මා 1978 සිට කෙටි චිත්‍රපට සහ කලා අධ්‍යක්ෂවරයකු හැටියට ලියාපදිංචි අයෙක් .එසේවුවද ,ලෝක සිනමාවේ සිනමා අධිරාජයා වශයෙන් පිලිගැනෙන ජපානයේ අකිරා කුරෝසාවා සිනමාකරුගේ සිනමා භාෂාව හැදෑරූ කලාකරුවකු ලෙස පිලිගැනීමට ලක්වු කලාකරුවෙක් .
එතුමා සමග ඡායාරූපයකට පෙනී සිටීමත් හමුවීමත් ලෝක සිනමාවේ දුර්ලභ අවස්ථාවක් .පෙනීසිටියේනම් ඒ ලෝක සිනමාවේ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ ස්පිල්බර්ග් ,ප්‍රැන්සිස් ප්‍රෝඩ් කොපොල්ලා ,ජොර්ජ් ලුකස් ,මාර්ටින් ස්කොර්සිස් සහ ඉග්මාර් බර්ග්මාන් වැනි අයත් එක්ක ආසියාවේ නම් සමග සත්‍යජිත්රායි සමග පමණි .
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාටවත් මෙවැනි අවස්ථාවක් උදාවෙලා නැහැ .හොලිවුඩය ජයගත් ඔබතුමාගේ මිතුරකු වූ චන්ද්‍රන් රත්නම් මහතාටද ලැබී නැත .
තරුණයෙකු ලෙස ලෝක සිනමාවට අඩිය තබන්නට තිබුණු උවමනාව තේරුම් ගත් මෙ මහා සිනමාකරු හමුවීමේ සංකේතයක් ලෙස තම වටිනා අත්සන පවා මට තෑගි කලේ ඡායාරූපයකට පෙනී සිටිමින් .
මෙ ඡායාරූපය එදා බර්ග්මාන් හමුවිමට ගිහින් ප්‍රතික්ෂේප වුනු තිස්ස අබේසේකරයන්ගේ ඇහැට කටු අනින එකක් වූ බැවින් ඉහලම සුදුසුකම් තිබුනද මගේ නය මුදලද් මට අහිමි විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න