ආරක්ෂක අංශ මාධ්‍ය ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන්‌ ගේ වෘත්තිය සංචර්ධනය වෙනුවෙන්‌ සිවුදින (23,24,27 සහ 28) මාධ්‍ය පුහුණු වැඩ මුළුවක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්චන ලදී.

එහිදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නූතන ප්‍රවණතා හා මාධ්‍ය හැසිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය චාර්තාකරණයේ බලපෑම, ජනමාධ්‍ය ප්‍රතිපත්ති ආචාරධර්ම හා ශ්‍රී ලාංකේය ජනමාධාංයෙහි චර්තමාන භූමිකාව, ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය වචින්දිතයන්ගේ හා පාර්ශ්ව කරුචන්ගේ ආරක්ෂාව හා ජනමාධ්‍යයේ බලපෑම. පාරිසරික ජනමාධ්‍ය ආපදා කළමනාකරණය භා චාර්තාකරණය, පාරිසරික ජනමාධ්‍ය කලාව හා එහි සමාජ බලපෑම, සහ අධිකරණ වාර්තාකරණය හා එහි සමාජ බලපෑම යන මාතෘකා යටනේ පුහුණු වැඩමුළුව පවත්වන ලදී.

වැඩමුළුව සඳහා සහභාගී වූ පිරිස ඇගයීමේ සහනික පත්‍ර ප්‍රදානෝත්සවය ප්‍රවාගන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාතා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානන්වයෙන්‌ සහ ආරක්ෂක අංශවල ඉහල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්‌ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න