ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක්  දීප ව්‍යාප්තව සිදුකිරීමට  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයින් තමන් භාවිතා කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වි තිබීම අනිවාර්ය වන අතර  තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතුය. පහත ක්‍රමවේදයන් ඔස්සේ තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගත හැක.

  1. #132# අංකය ඩයල් කිරිම.

ඔබ දැනට භාවිතා කරන දුරකථන සමාගමට අදාල තොරතුරු ලබාගත හැක.

  1. ත භාවිතාකරන දුරකථන සමාගම හැර, වෙනත් දුරකථන සමාගමක තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ සිම්පත් තිබේද යන්න එම සමාගම්වල පාරිභෝගික සේවා අංකය ඇමතීමෙන් ඔබට දැනගත හැක.

තමන්ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා වලංගු කිරීමට කටයුතු කල යුතුය. තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිභාවිතාවක් සිදු කළහොත් ඒ සඳහා වගකිම තමන්ට දැරිමට සිදු වන අතර එහි නිවරද්‍යතාවය සනාථ කිරීම සඳහා තමන්ගේ කාලයත්, ශ්‍රමයත්, ධනයත් වැය කිරීමට සිදු වේ.

මේ වන තුරුත් තමන් භාවිතා කරනු ලබන සිම්පත් තමාගේ නමට ලියාපදිංචි වී නොමැතිනම් තමන් භාවිතා කරන සිම්පත අයත් දුරකථන සමාගම හා සම්බන්ධවී එම සිම්පත ලියාපදිංචි කරගැනීමට කටයුතු  කල යුතුය.

සිම්පත නැවත ලියාපදිංචි කිරිමේ දීප ව්‍යාප්ත ජංගම සේවාවේ ආරම්භක වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් 2023.11.13 දින පෙ.ව.09.00 සිට ප.ව.04.00 දක්වා කාලය තුල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  ජංගම සේවාව පැවැත්වෙන දිනයන් සහ වේලාවන් පහත පරිදි වේ.

දිනය

වේලාව

ප්‍රාදේශිය
ලේකම්
කාර්යාලය

2023.11.13

පෙ.ව 9.00 සිට ප.ව 4.00

වටකොරළේ


ඉහළ කෝරළේ

උඩුනුවර

යටිනුවර

2023.11.14

පෙ.ව 9.00 සිට ප.ව 4.00

හරිස්පත්තුව

පුජාපිටිය

තුම්පනේ

හතරලියද්ද

2023.11.15

පෙ.ව 9.00 සිට ප.ව 4.00

උඩපළාත
ගම්පොල

දෙල්තොට

පස්බාගේ කෝරළේ

දොළුව

2023.11.17

පෙ.ව 9.00 සිට ප.ව 4.00

අකුරණ

පාතහේවාහැට

කුණ්ඩසාලේ

පාතදුම්බර

2023.11.18

පෙ.ව 9.00 සිට ප.ව 4.00

මැදදුම්බර

මිණිපේ

පන්විල

උඩුදුම්බර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න