නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පවතින බැවින් එය ඵලදායි ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කිරීමට සිදුව ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අඟහරුවාදා (7) මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කිරීමත් සහ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි හෝටල් බවට පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා තැපැල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ විය.

යටත් විජිත සමයේ 1894 දී ඉදිකරන ලද නුවරඑළියේ තැපැල් කාර්යාලය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතු පැරණි ගොඩනැගිලි කිහිපයෙන් එකකි.

නුවරඑළිය තැපැල් කාර්යාලය වික්ටෝරියානු ආකෘතියට අනුව ඉදිකර ඇති අතර එය එක්සත් රාජධානියේ ගොඩනැගිලි සංස්කෘතියට අයත් වන අතර එය නුවරඑළියට නරඹන්නන් ආකර්ෂණය කරන ප්‍රධාන සලකුණකි.

මෙම ගොඩනැගිල්ල සංචාරකයින් අතරද “The Pink Post Office” ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත.

මෙම වැඩ වර්ජනය අද දිනයේද (9) දක්නට ලැබුනි.එම තත්වය නිසා මහනුවර තැපැල් කාර්‍යාලයද වසා දමා ඇති අයුරු දක්නට ලැබිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න