මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය සහ කොටුව දුම්රිය ස්ථානය අතර සිදුව ඇති දුම්රිය පීලිපැනීමක්‌ හේතුවෙන්‌ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇත. මේ හේතුවෙන්‌ දුම්රිය මාර්ගයේ එක්‌ දෙසකට පමණක්‌ දුම්රිය ධාවනය සිදු වන අතර එහිදී කොළඹ දෙසට ඇතුළුවන දුම්රිය වෙන ප්‍රමුඛතාවය ලබා දී ඇත.

දුම්රිය ධාවනය කඩිනමින්‌ යථාතත්වයට පත්‌ කිරීමට සියලු පියවර ගනිමින්‌ නිබෙන අතර එතෙක්‌ කොළඹින්‌ පිටතට ගමන්‌ කිරීම සඳහා දුම්රිය භාවිතා කරන මගීන්ට ඒ සඳහා විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්‌) චී.එස්‌.පොල්වත්තගේ මහතා ඉල්ලීමක්‌ සිදු කරයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න