කාන්තාවන් අතර බහුලම පිලිකා. පිලිකා වැලදී සුවකර ගැනීමේ හැකියාව රටේ ආදායම අනුව තීරනය වේ. ජපානයේත් පිලිකා වැඩිවේ ,එංගලන්තයේත් වැඩියි.නමුත් මරණා අඩුයි ර්‍ ඒ රටවල. රෝග විනිශ්චය මාස 02 ක් තුල කිරීම ඉලක්කයයි.

ලංකාවේ 26% ම පියයුරු පිලිකා. දියුණු රටවල හදුනා ගන්නා අයගෙන් මිය යන ප්‍රමාණය අඩුයි. 65 -75 අතර වයස් කාණ්ඩයේ අය අවදානම්. පියයුරු පිලිකා වලට තිබෙන සාධක වෙනස් කල නොහැක. කලින් වන මල්වර වීම,සහ ආර්තව හරණය පමාවීම පියයුරු පිළිකා වලට අවදානම් කාණ්ඩ. ශ්‍රී ලංකාවේ මැමෝගැපි කිරීම සියලු කාන්තාවන්ට අසීරුයි.අප වගේ රටක. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ , වි.වෛද ඊෂානි ප්‍රනාන්දු මහත්මිය. ශ්‍රී ලංකාවට පහසුකම් අඩු නිසා පිළිකා මරණ අඩු කර ගැනීම බාධාවක්.

වි වෛද්‍ය කණිෂ්ක ද සිල්වා අමතයි

45 – 65 අතර රැකියා කරන වයසේ කාන්තාවන් පිළිකා වට ගොදුරු වීම වැඩි බව පෙනේ. රැකියා කරන වයස් වල අය පරීක්ෂණ වලට යනවා අඩුයි. ස්වයං පරීක්ෂාව හා අවශ්‍ය පරීක්ෂණ කර ගැනීම වටිනවා. මුලදී සොයා ගත්තොත් පිළිකාවක් බවට පත් වීම වලක්වා ගත හැකිය. පුරුදු නිසා ඇතිවන පිළිකා පිරිමින්ට හැදෙන්නේ..විට,දුම්වැටි කාන්තාවන්ගේ හෝමෝන වෙනස් වීම නිසා පිළිකා අව්දානම ඇතිවේ.

ස්වයං පියයුරු පිළිකා පරීක්ෂා ව,පුහුණු පරීක්ෂක වයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම ,විශේෂ පරීක්ෂාව ක්‍රම තුනයි.වෙන දියුණු රටවල කාන්තාවන් සියල්ල පරීක්ෂා කරයි.එහෙත් අපේ රටේ ආර්ථික ය අනුව එය අපට කල නොහැක. එබැවින් අවදානම් අයට විශේෂ ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රමයයි.එබැවින් මුල් අවස්ථාවේම කලින් හදුනා ගන්න.

වි වෛද්‍ය අජිත්

පියයුරු පිලිකා සම්බන්ධ වි වෛද්‍යවරුන් ගේ සංගමයේ සබාපතිතුමා. ලංකාවේ ශල්‍ය වෛද්‍ය විශේ වෛද්‍යවරුන් මූලික රෝහල් හා ඉහල රෝහල් වල තිබේ. වෙනසක් හෝ සැකයක් තිබේනම් මූලික රෝහල කට එන්න .ගමේ ප්‍රාදේශිය රෝහලකටඑන්න.,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හමුවන්න.

වි.වෛද්‍ය විමුතිනී
වි වෛද්‍ය කණිෂ්ක ද සිල්වා

සැප් 29 දිනට යෙදෙන ලෝක හදවත් දිනය ගැන වි වෛද්‍ය ෂෙරීන් බාලසිංහම්. රෝහල් වල මරණ වලට ප්‍රධාන හේතු අතර මුලින්ම එන්නේ Ischemic heart Disease. කෙමෙන් අඩු වයස් වල අයත් හදවත් රෝග නිසා මියයනු පෙනේ.

සීනි දිනකට 30 කට අඩුවෙන්(දිනකට ගන්නා සමස්ත සීනි..බිස්කට්..) ලුණු ගෑම් 05 කට අඩුවෙන් ගන්න. දුම්කොළ මත්පැන් බාවිතය අඩු කිරීම ,ආතතිය අඩු කර ගැනීම, අත්‍යවශ්‍යයි. සුවදිවි සායන 1035 ක් දිවයින පුරා පිහිටුවා තිබේ. රුධිර සීනි, කොලෙස්ටරෝල් මැන බලයි..

අනිදු පතිරණ හර්ද රෝග වි වෛද්‍ය,ජාතික රෝහල. අවු 70 අඩු අයට හර්ද රෝග වැලදීම වැඩිවෙමින් පවතී. විශ්වයේ කාර්‍යක්ෂම යන්ත්‍රය හදවතයි. ලෝක හදවත් දිනය සැප් 29 මාතෘකා ව use hart Know your heart.

ශබ්ද දූෂණය හා වායු දූෂණය හදවත් රෝග වැඩිවීමට හේතුවේ හර්ද වි වෛද්‍ය අනිදු පතිරණ. ඇගේ ඇතිවන වේදනාව ,හුස්ම ගැනීමේ අපහසුව…මූලික ලක්ෂණ. වැඩ කරන විට පපුවේ මහන්සිය ආදිය වේ නම් වහාම පරීක්ෂා කර ගන්න.මූලික පහසුකම් සියලු රෝහල් වල තිබේ. පෙකණිවැල සම්බන්ධ තැන සිට යටි හනුව දක්වා වේදනාව,පපුවේ වේදනාව මූලික ම ලක්ෂණයක්. ඉතා ඉක්මනින් ප්‍රධාන රෝහලකට යන්න.ඊ සී ජී එකක් ගත යුතුයි .1990 කතා කලොත් ඔවුන් කඩිනමින් යවනවා. ලේ කැටි දියවීමේ බෙහෙත ඉතා මිල අධිකමබෙහෙතක්.නමුත් රජය නොමිලේ කරනවා. කැතීටර් එකක් දැමීමේ කටයුතු කලට පෞද්ගලික රෝහලක මිලියන දෙකක් පමණ වැයවේ. නමුත් රජයේ රෝහලේ මෙතරම් අමාරු අවස්තාවකත් නොමිලේ ප්‍රතිකාඑඅ කරයි. පාසැල් විෂය නිර්දේශය ට හදවත් රෝගයක් වැලදුනු රෝගියෙක් බේරාගන්නා ආකාරය ඇතුලු කල යුතුයි .වෙන රටවල නම් ඒවා විෂය නිර්දේශය ට ඇතුලත් කර ඇත. අනවශ්‍ය දේ අපේ විෂය නිර්දේශ වලතිබේ. සුවසරිය වාහනයට ඊසීජී පහසුකම ලබා දීමට ක්‍රියා කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්.සුවසැරිය මූලික වියදම් වෙනුවෙන් වෛද්‍යවරුන් පවා මුදල් දුන්නා. ශබ්ද දූෂණය වැලැක්වීමට පලාත් පාලන ආයතන පොලීසිය හා වගකිවයුත්තන් ක්‍රියා කල යුතුයි.පල්ලි පන්සල් චූන් පාන් ලොතරැයි කූඩු ආශ්‍රිත ශබ්ද දූෂණ,වාහන නලා මගින් වන දූෂණය වලක්වාලීමට නීති නැතිනම් ඒවා නිර්මාණය කර හෝ වහා ක්‍රියාත්මක විය යුතු බව ජාතික රෝහලේ හර්ද රෝග විශේෂ වෛද්‍ය අනිදු පතිරණ මහතා කියයි. හර්ද රෝග වලක්වා ගැනීමට එය ප්‍රබල හේතුවක්.බලධාරීන් මේවා නොකරන්නේ මන්දැයි අනිදු පතිරණ මහතා ප්‍රශ්න කරයි .මාධ්‍ය හමුව නිමාවේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න