1. 01. කැලෑ ගිනි ඇති වීම වැළැන්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම

මිනිසා විසින්‌ වනාන්නර ආශ්‍රිතව සිදු කරන ගිනි තැබීම්‌ නිසා විශේෂයෙන්ම වියලි කාලගුණික තන්න්චයක්‌ පවතින අවස්ථාවලදී කැලෑ ගිනි ඇති වීමේ අවදානම සිග්‍රයෙන්‌ ඉහළ යාමේ ප්‍රවණතාවක්‌ පවති. බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, මොනරාගල, පොළොන්නරුව්‌, කුරුණෑගල, පුන්තලම සහ රන්නපුර යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇන. මෙම වර්ෂය තුළ මේ දක්වා කැලෑ ගිනි ගැනීම්‌ 150ක්‌ පමණ වාර්තා වී ඇති අතර ඒ හේතුවේන්‌ හෙක්ටයාර £5,600ක පමණ කැලෑ චිනාශ වී ඇත. එබැවින්‌, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා චන රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අනෙකුන්‌ අදාළ පාර්ශ්වයන්ගේ සභාය ලබා ගනිමින්‌ කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම සභ ඇනි වන ගිනි නිවා දැමීම සඳහා වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීම පිණිස වනජීවී හා වන සම්පත්‌ සංරක්ෂණ අමාත්‍යතුූුමිය ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමන කරන ලදී.

  1. 02. ඛණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ජොර්ජියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලෙවන්‌ මයසික්ලඩ්‌්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු හා පර්ය්ඝණ ආයතනය අතර අවබෞධතා ගිවිසුම

විශේෂඥ දැනුම භුවමාරු කර ගැනීම, අධ්‍යයන කාර්යමණ්ඩලය හුවමාරු කර ගැනීම, සිසුන්‌ හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන්‌ මෙන්ම ඉගැන්චීමේ ක්‍රමවේදයන්‌ සහ අනෙකුත්‌ අදාළ ක්ෂේක්‍රයන්‌ සම්බන්ධයෙන්‌ සහයෞගිතාව ඇති කර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යංශය යටනණපකේ පවතින ඛණ්ඩාරනායක ජෘත්‍යන්කතර රාජ්‍යනාන්ත්‍රික පුහුණු ආයතනය සභ මඡජජ්‍යර්ජියං විදේශ කටයුතු අමාත්‍යාංශය යටනේ පචතින ලෙවන්‌ මයික්ලඞ්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු භා පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්‌ අන්සන්‌ නැබීමට යොජනා වී ඇන. ඒ අනුව, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 55ක්‌ සම්පූර්ණ වීම සම්බන්ධයෙන්‌ වන සංවත්සර උන්සවයට සමගාමීව එකී යො’ජිත අවබෝධකා ගිවීසුම දෙපාර්ශ්වය අතර අත්සන්‌ තැබීම ජිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනූමන කරන ලදී.

  1. 03. මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජකෙල්‌ ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම්‌ බෝයාව සළඳභා අවශ්‍ය අමතර කොටස්‌ ප්‍රසම්පාදනය කිරීම

මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජතෙල්‌ ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම්‌ බොෝයාව ස€හා අවග්‍යා මුහුදේ පාවෙන රබර්‌ නල 56ක්‌ සහ අදාළ අමතර කොටස්‌ ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසූ ක්‍රමවේදය අනුව ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා එක්‌ ලංසුවක්‌ පමණක්‌ ලැබී ඇත. එකී ලංසුව ඇගයීමට ලක්‌ කළ තෘක්ෂණික ඇගයිම්‌ කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින්‌ පත්‌ කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Yokahama Industrial Products Asia Pacific (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෙංජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

  1. 04. ඉදිරි මාස හතරක (04) කාලය තුළ ඩීසල්‌ නැව්‌ කොග 04 මිල දී ගැනීම

2023-11-01 දින සිට 2024-02-29 දින දක්වා වන ඉදිරි මාස හතරක (04) කංලය තුළ ලංකෘ ඛනිජනෙල්‌ නීතිගත සංස්ථාව සඳහා ඩීසල්‌ නැව්‌ තොග 04ක්‌ මිල දී ගැනීම වෙනුවෙන්‌ දිගුකාලීන කොන්තක්‍රාක්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳූහා ලංසු 05ක්‌ ඉදිරිපත්‌ චී තිබේ, අමාත්‍ය මණ්ඩලය විසින්‌ පන්‌ කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International (Singapore) Pte Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී,

  1. 05. එක්සක්‌ අරාබි එමීර්‌ රාජ්‍යයේ ඩුබායි නගරයේදී පැවැක්ඩෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත්‌ ජාතින්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වක රුවන්ගේ 28වන සමුළුව

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත්‌ ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්්කරුවන්ගේ 28වන සමුඵව (ලඋර0 58) 5053-11-30 දින සිට 2058-12-15 දින දක්වා එක්සක්‌ අරාබි එමීර්‌ රාජ්‍යයේ ඩුබායි නගරයේදී පැවැත්වීමට කටයූතු සූදානම්‌ කර ඇත. එහිදී, දේශගුණික විපර්යාස හේතුවෙන්‌ අනතුරට පාත්‍ර වීමේ වැඩි ඉඩක්‌ පවතින රටවල්‌ සමඟ එක්ව, සංවර්ධනය වෙමින්‌ පවතින රටවල අපේක්ෂාවන්‌ සම්බන්ධව පොදු හඬක්‌ නැගීමට සහ ඒ සඳහා සංවර්ධනය වූ රටවල පොරොන්දු සහ වගකීම්‌ ඉටූ

කිරීමට එම රටවල්‌ යොමු කෙරෙන ආකෘරයේ වාතාවරණයක්‌ ඇති කිරීමට හැකි වන පරිදි “දේශගුණ විනිශ්චය සංසදය” ((11(0416 11131156 £0:1111) නමින්‌ ව්‍යුහයක්‌ ඇති කිරීම සඳහා වන යෞජනාවක්‌ ඉදිරිපත්‌ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ලබසි. ඒ අනුව, එක්සත්‌ ජාතීන්ගේ රාමුගත සම්මුනියේ පාර්ශ්වක රුවන්ගේ 28වන සමුළුවට සහභාගි වන නිය්‍යෝජින කණ්ඩායමේ සක්‍රිය සහභාගික්වය සඳහා රාජ්‍ය මණ්ඩපයක්‌ (උ0100/ 74/11191)) සමුඵව පැවැත්වෙන කාලය තුළ පවත්වාගෙන යාමටත්‌, දේශගුණික විපර්යාසවලට අදාළ වන ජාතික මව්ටමේ මූලාරම්භයන්‌ එම්‌ මණ්ඩපයේ ප්‍රදර්ශනය කිරීමටත්‌ පරිසර අමාතන්‍යතූමා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

  1. 2017 අංක 24 දරන දේශීය ආදායම්‌ සනතට සංශෝධන

සමාජයේ ආබාධ සහිත දරුවන්ගේ යහපැවැක්මට ප්‍රමුඛත්වයක්‌ ලබා දෙමින්‌ ඔවුන්ට පුළුල්‌ රැකවරණයක්‌ ලැඛෙන බව සහනික කිරීම පිණිස, නීත්‍යානුකූල ආයතනයක්‌ ලෙස පිහිටුවා ඇති හෙ සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක වන ඕනෑම නීතියක්‌ යටකේ ලියාපදිංචි වී ඇති, රජයේ සෞඛ්‍ය සේවා/අධ්‍යාපන පද්ධතිය සම්භ එක්ව එවැනි දරුවන්ට සෞඛ්‍ය පහසුකම්‌ ලබා දෙන ඕනෑම පුණා ආයතනයකට බදු සහන ඉල්ලා සිටිය හැකි වන පරිදි දේශීය ආදායම්‌ බද්ද සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෞජනා වී ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත්‌ කරමින්‌ දේශීය ආදායම්‌ පනත සංශෝධනය කිරීම සඳහා පනක්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීති කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීම පිණිස වැඩබලන මුදල්‌, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යො ජනාව අමාන්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

  1. ආර්ථික ඝස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන්‌ ප්‍රතිපත්ති සදනම්‌ කර ගක්‌ විශේෂික ණුය පහසුකම්‌ ලබා ගැනීම

ආර්ථික ස්ථාසීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන්‌ 05ක්‌ ක්‍රියාත්මක කිරීම සඳූහා ඇමෙරිකානු ඩොලර්‌ මිලියන 200 බැගින්‌ වූ ප්‍රතිපත්ති පදනම්‌ කර ගත්‌ ණය පහසුකම්‌ 059ක්‌ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකෘ රජය වචිසින්‌ ආසියානු සංවර්ධන බැංකුව සමහ මූලික සාකච්ඡා පවත්චා ඇත. එකී පළමු උප වැඩසටහන යටනේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථාසීකරණය වැඩිදියුණු කිරීම සඳහා වන කඩිනම්‌ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යොජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටනේ ඔරොන්තු දෙන සියල්ල ඇතුළත්‌ මූලා පද්ධතියක්‌ ගොඩනැගීමට යොජනා කර ඇත. පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර්‌ මිලියන 500ක්‌ වාර්ෂිකව 2%ක පොලි අනුපාතයක්‌ යටතේ, වසර 05ක සහන කාලයක්‌ ද ඇතුළත්‌ වසර 59ක නැවත ගෙවීමේ කාලයක්‌ සහිනව ලබා ගැනීම සළඳූහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණුය ගිවිසුමකට එළඹීම ජිණිස මුදල්‌, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශුයෙන්‌ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත්‌ කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමන කරන ලදී,

  1. 08. රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම

2055 වර්ෂයේ අතුරු අයවැය මඟින්‌ ආයතනික ප්‍රතිසංස්කරණයක්‌ ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක්‌ ස්ථාපිත කිරීමේ වැදගන්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍යභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටකේ ද ප්‍රමුඛතාගත ක්ෂේත්‍රයන්‌ ලෙස හඳුනාගනු ලැබ ඇත. යොජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපීත කිරීම සඳහා ජාත්‍යන්තර මූලා්‍ය අරමුදල සහ ලොක බැංකුව විසින්‌ කෘක්ෂණික සභාය ලබා දී ඇත. අදාළ පාර්ශ්වකරුවන්‌ සමහ සාකච්ඡා කිරීමෙන්‌ අනතුරුව, ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම, ණය කළමනාකරණ ආයතනික රාමුව සභ නීතිමය රාමුව මේ වන විට සැලසුම්‌ කර තිබේ. ඒ අනුව රාජා ණය කළමනාකරණ පනත්‌ කෙටුම්පත සකස්‌ කරන ලෙස නීති කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීම පිණිස වැඩබලන මුදල්‌, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමා ඉදිරිපන්‌ කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

  1. 09. 2024 මුදල්‌ වර්ෂය සඳහා වූ විසර්ජන පනක්‌ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීම

2094 මුදල්‌ වර්ෂය සඳහා වූ විසර්ජන පනන්‌ කෙටුම්පත සකස්‌ කිරීම පිණිස 9058-07-81 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත, ඒ අනුව නීති කෙටූම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති 5094 මුදල්‌ වර්ෂය සඳූහා වූ විසර්ජන පනතක්‌ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී නිබේ. එකී පනතක්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්‌, ඉන්‌ අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටත්‌ මුදල්‌, ආර්ථික ස්ථාසීකරණ සහ ජාතික ප්‍රතිපන්ති අමාත්‍ය වශයෙන්‌ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත්‌ කළ යො ජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.


ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න