ලංකාවේ මේ වන විට අර්බුද රැසකට ජන සමාජය මුහුණදීල තියෙනවා.
හේතුව සංවිචාරනීය සමාජයක් ලාංකික සමාජය තුළ ස්ථාපිත නොවීම නිසා.
මෙහිදී ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා ප්‍රජාවට නිරීක්ෂණ ක්‍රියාවලියක යෙදීමේ ශික්ෂණය ලැබීමට නම් සංවිචාරණීය සමාජයක් ස්ථාපිත විය යුතුයි.
නමුත් ඒ භාෂණයේ වගකීම ඉටු කරන්න ආණ්ඩුවටත් ප්‍රජාවට අවශ්‍ය ඊට පසුබිම ලැබෙන්නේ සංවිචාරණීය සමාජයක් ගොඩනැඟුන පරිසරයක් හමුවේ.
එවැනි තත්ත්වයක් නැති නිසා ලංකාවේ ජනතාව සතුටින් ජීවත් නොවන බව හැමෝම දන්නා කරුණක්.
ආර්ථික අර්බුදය දිගුවෙමින් තිබෙනවා.
එහි අතුරු ඵලයන් පීඩනයෙන් හා වේදනාවෙන් ජනතාව ආත්මගත කරගෙන ඉන්නවා.
ප්‍රජාවගේ ඉල්ලීම්වලට ප්‍රබෝධමත් පරිසරයක් ආණ්ඩුවෙන් නැති තරම්.
ගෙඩි පිටින් සහන බලාපොරොත්තුවෙන් විවිධ වෘත්තීය සමිති ක්‍රියා කළත් පැහැදිලිවම ජනතාව සතු හා ජනතාව අවධාරණය කරගත යුතු ඒ සඳහා මූලික අධ්‍යයනය හා ශික්ෂණය ලබාදිය යුතු සංවිචාරණීය සමාජීය පසුබිමක් ගැන කිසිම වාමාංශික දේශපාලන පක්ෂයක් හෝ බුද්ධිමතුන් හෝ මේ රටේ ක්‍රියා නොකර තිබීම කනගාටුවට කරුණක්.
ඒ නිසා පහුගිය මාසයේ 31 වනදා වන විට ලංකාවේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයට පෙර 8 වන මාසයේ 31දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ ගියා.
ඔක්ටේන් 92 රුපියල් 13කින්, ඔක්ටේන් 95 රුපියල් 42කින් හා සුදු ඩීසල් රුපියල් 35 වශයෙන්.
භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ ගියා.
බොහෝ වෙලාවට දැන් තත්ත්වය වෙළෙඳපොලේ සියලුම භාණ්ඩ වල මිල ඉහළ ගිහිල්ල තියෙනවා.
ආණ්ඩුව සුපුරුදු පරිදි කරගෙන යනවා.
ප්‍රජාව දරාගෙන ඉන්නවා.
හේතුව සංවිචාරණීය සමාජයක් ලාංකික සමාජය තුළ ගොඩනැගී නැති පරිසරයක් තුළ.
මිල ඉහළ දැමීමෙන් මේක ආණ්ඩුව සඳහන් කරන්නේ මිල සංශෝධනයක් වශයෙන්.
එහෙත් එම මිල සංශෝධනය ජනතාවගේ බොටුව මිරිකා තියෙනවා.
කරන්ට් වදින විදුලි බිලත් ඇඟ ලේ වතුර කරවන ජල බිලත් ඉතාම ඉහළ මිලකට ඉහළ ගිහිල්ල තියෙනවා.
ඉන්ධන මිල එකතුවීම පාන් කියාගන්න බැරුව සිටින ප්‍රජාවට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ.
නමුත් මේ ලාංකික සමාජය සංවිචාරණීය ප්‍රඥාවකින් හෙබි නම් මේ තත්ත්වය මීට වඩා වෙනස්.
ඉන්ධන මිල හෝ බඩු මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත් කිරීමට කිසිම රජයක් කටයුතු කරන්න තරම් පවතින රජයට හෝ එන රජයකට අවකාශ ලැබෙන්නේ සංවිචාරණීය සමාජයක් නැති නිසයි.
පවතින අර්බුදයට පිළියම් වශයෙන් කිසිම විධිමත් වැඩපිළිවෙළක් රට තුළ ගොනුවෙලා නැහැ.
මේ තත්ත්වය එන්න එන්නම දිගු වන්නේ ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ හිමිකමක් ශික්ෂණයක් ජනතාව සතුව නැති නිසා.
මේ නිසා අද රටේ තිරය පිටුපස ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා පුරවැසියන්ට තියෙන හැකියාව ඒ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම අහිමි වෙලා තියෙනවා.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මතුපිටින් පේන දේට වඩා තිරය පිටුපස තත්ත්වය භයානකයි.
නිදහස් රැස්වීමේ අවකාශය අවම වෙමින් යනවා.
මාධ්‍ය නිදහස යන මූලිකාංග දිහා බලනකොට පැහැදිලිව මහජනතාවට පේන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හා එකිනෙකාට දේශපාලන විවේචන කරගන්නා දේශපාලන පක්ෂ ක්‍රියාවලිය නිසා ලංකාවේ භාෂණයේ නිදහස උවමනාවටත් වඩා තියෙනවා වගේ හැඟීමක් පෙනෙන දැනෙන සුළුයි.
නමුත් ඇත්තටම එහෙම හැඟීමක් ඇතිවන්න ප්‍රධාන හේතුව සංවිචාරණීය සමාජයක ප්‍රඥාව, ජනතාව ලබා නොතිබීම නිසයි.
රටක ඡන්ද දායකයාට තමන් කැමති ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාගැනීමේ අවකාශය ඇත්තටම සංවිචාරණීය සමාජයක හකුලා දමන්න කිසිම ආණ්ඩුවකට අවකාශ ලැබෙන්නේ නැහැ.
නියමිත මැතිවරණ පැවැත්වීම සඳහා ආණ්ඩුව ක්‍රියා නොකරන පරිසරයක් උද්ගත වී ඇත්තේ සංවිචාරණීය සමාජයක් මේ රට තුළ ස්ථාපිත වී නැති නිසයි.
ඒ සඳහා ස්වකීය දැනුම හා දීප ව්‍යාප්ත වැඩසටහන් දියත් කිරීමට වාමාංශික හෝ රැඩිකල් කියන කිසිම දේශපාලන පක්ෂයකට හැකියාවක් නැති බවත් පෙන්නුම් වෙමින් තියෙනවා.
ස්වකිය ජනතාවගේ ඡන්ද පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට මේ නිසා අවකාශය ප්‍රජාවට අහිමි වෙලා තියෙනවා.
මේ ප්‍රධාන වගකීම මේ රටේ වාමාංශික රැඩිකල් හා බුද්ධිමතුන් ඒ චෝදනාවට ලක් වෙනවා.
ඒ චෝදනාව යම් දවසක ප්‍රඥාවන්ත පුරවැසියන්ගේ එකතුවක් වූ දිනයක හෙළිවනු ඇත.
ආණ්ඩුව ඡන්දය කල්දැමීම සිදු කරන්නේ බරපතල ලෙස පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් බව සංවිචාරණීය සමාජයක නම් පැහැදිලිව ඍජුව ආණ්ඩුවකට පිළිතුරු දෙන සුලුයි.
නිදහස් මැතිවරණයක් සඳහා පසුබිමක් නැති වෙමින් තියෙනවා.
සැබැවින්ම නිති උල්ලංඝනය නොවන ආකාරයට මැතිවරණ කටයුතුවල නියැලුනු ඉතිහාසයක් ලංකාව තුළ තියෙන්නේ සංවිචාරණීය සමාජයක් සකස් වූ නැති ඉතිහාසයක් තුළ.
තත්ත්වය අදත් එසේමයි තත්ත්වය හෙටත් නොවීමට නම් සංවිචාරණීය සමාජයක එකතුවක් ජන විඥානය තුළින් රට තුළත් ව්‍යාප්ත විය යුතුයි.
ඒ සඳහා වග බලාගත යුත්තේ මේ රටේ උගත් ප්‍රඥාවන්ත ආත්මාර්ථකාමී නොවන පුරවැසියන්.
බලයේ ඉන්න ආණ්ඩුවක් රජය බලය අනිසි ලෙස යොදා ගනිමින් සිය දේශපාලන කටයුතු කරගෙන යනවා නම් සිදුවී තිබෙන්නේ කුමක්ද?
අනෙකුත් තරගකරුවන්ට කුඩා අගතිකම් සිදුවන පරිසරයක් හමුවේ වඩාත්ම බලවත් හානිය සිදුවන්නේ පොදු ප්‍රජාවට.
ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාගන්නා මන්ත්‍රීවරුන්ගෙන සමන්විත පාර්ලිමේන්තුව තුළ මනාව ක්‍රියාත්මක නොවන්නෙත් සංවිචාරණීය සමාජයක් ගොඩනැගී නැති පරිසරයක් නිසා.
ඒ නිසා ජනතාවට විචාරණමය ශක්තියක් නැති වී තිබෙනවා.
ලංකාවේ විචාරණීය සමාජ සංස්ථා බිහිවීමට නම් සංවිචාරණීය සමාජයක් උදෙසා පුරවැසියන් කැප විය යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ජනමත විචාරණයකදි ජනතාවට ක්‍රියාත්මක විය යුතු ආකාරය පැහැදිලිව තිබෙනවා.
නමුත් ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දී මැතිවරණ කල්දැමීමට පක්ෂව කටයුතු කරන්නේ ඇයි?
ඔවුන් දන්නවා මේ රටේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගී නැති බව.
ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍යට බලවත් ලෙස හානි විවිධාකාරයෙන් සිදුවෙමින් තියෙනවා.
භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, සාමකාමිව රැස්වීම් පැවැත්වීමේ නිදහස සංවිධානය වීමේ අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා.
ඒ සහතිකය මනාව ප්‍රයෝජනයට ගන්න ප්‍රජාව අපොහොසත් වෙලා තියෙන්නේ සංවිචාරණීය සමාජයක යටිතල දැනුම ජනතාව සතු වී නැති නිසා.
මේ මූලිකාංග රට තුළ සහතික කිරීමට නම් සමාජය තුළින් සමාජය විසින්ම ගොඩ නගා ගත යුතු සංවිචාරණීය සමාජය උදෙසා කැප විම අවශ්‍යයි.
ජනතාවට තොරතුරු දැනගැනීමට අයිතියක් තියෙනවා.
ඒ අයිතිය භුක්ති විඳීම සඳහා මහජනතාව ජනමාධ්‍ය ප්‍රයෝජනයට ගැනීම නිවැරදිව ලබා ගත යුතුයි.
නමුත් ජනතාවට කාන්දු කරන්නේ නිවැරදි යහපත් තොරතුරුද?
දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය ඔවුන්ගේ මානසිකත්වය සහ හැඩ රුව සඳහා යොමු මාධ්‍ය කලාවක් ජනමාධ්‍ය තුළින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
හේතුව සංවිචාරණීය සමාජයක් ගොඩනැගී නැති නිසයි.
ආණ්ඩුව විවේචනය කරන සුළු වශයෙන් යම් යම් මාධ්‍ය ආයතන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම පැහැදිලිව සැගවීමෙන් විද ්‍යාමාන වන පරිසරයක් ද තියෙනවා.
ඒ තුළ පසුකාලීනව මාධ්‍යවේදීන් ආණ්ඩුවේ ගැත්තන් බවට පත්වන තත්ත්වයක් ද දකින්නට ලැබෙනවා.
ඒ කොහොම වෙතත් අවසානයේ ජයග්‍රහණය ලබන්නේ ආණ්ඩුවක්.
හේතුව සමාජය සංවිචාරණීය නොවී තිබීම නිසයි.
ජනතාවගේ කැමැත්ත ලබාගැනීම සඳහා 1982 ජනමත විචාරණයක් පැවැත්වීම ඔබට මතක ඇති.
ඒ වන විට බලයේ සිටියේ ජේ. ආර්. ජයර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියලත් ඔබට මතක ඇති.
ඒ කාලයේ අමාත්‍යංශ 5ක හිමිකම ලබාගෙන අධිකාරිවාදී පාලනයක් ගෙන ගියේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ.
ඒ කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට මැදිහත් වූ ආණ්ඩුවේ ප්‍රබලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ දකින්න පුළුවන්.
එහෙම පරිසරයක් තුළ ඡන්ද බලයකින් තොරව පොදු ප්‍රජාවගේ ඉල්ලීමකින් තොරව, රටේ ප්‍රධාන පුරවැසිය රනිල් වික්‍රමසිංහ වූයේ මේ රටේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගි නැති පරිසරයක් හමුවේ යැයි කීවොත් වඩාත් නිවැරදියි.
77 ආණ්ඩුවෙන් පස්සෙත් අවුරුදු 75කට එහා යන ඉතිහාසයක් තුළත් අකාරයක්ෂමතාවය රජයන ලාංකික සමාජයක් ගොඩනැගී ඇත්තේ සංවිචාරණීය සමාජයක් සඳහා අවශ්‍ය නෛතික හා සමාජීය දැනුම සමාජය වෙත ගෙන යෑමට උගත් හා රැඩිකල් දේශපාලන පක්ෂ ක්‍රියා නොකිරිම නිසයි.
ඒ නිසා අකාර්යක්ෂමතාවය එදත් අදත් දිගු වෙමින් මහජතාව පීඩාවට ලක් කරමින් තිබෙනවා.
දූෂණ ගනුදෙනු ජාතික ආරක්ෂාවට බලපාන කරුණු මේ වන විට විවිධ මතිමතාන්තර තියෙනවා.
භාෂණයේ නිදහසට අයත් වන බොහෝ නීති කෙටුම්පත් වෙමින් තියෙනවා.
ආණ්ඩුවේ අත්තනෝමතික භාවයට හා ප්‍රජා පීඩනයට අදහස් වලින් අභියෝග කිරීමට පුරවැසියාට ඇති අයිතිය අහිමි වෙලා තියෙන්නේ ඇයි?
සංවිචාරණිය සමාජයක් ගොඩනැගී නැති පරිසරයක් නිසයි.
කවර හෝ මාධ්‍යයක් යොදා ගනිමින් පුරවැසියාට තිබෙන හිමිකම හෝ පුද්ගලාන්තර සන්නිවේදනයක් සඳහා පුරවැසියාගේ සමාජ විරෝධය ප්‍රකාශ කිරීමේ අවකාශය සමාජයට අහිමි වෙලා තියෙන්නේ සංවිචාරණිය සමාජයක් ගොඩනැගි නැති පරිසරයක් නිසයි.
කොහොම වෙතත් දුෂිත හා අකාර්යක්ෂම ආණ්ඩුවල පැවැත්ම සඳහා අනුග්‍රහය දක්වන මාධ්‍ය ආයතන සුළු වශයෙන් තියෙනවා.
නමුත් ඒ මාධ්‍ය ආයතනයත් සිය බලපත්‍රය අහෝසි කිරීමේ අවධානය මත සැකය මත ආණ්ඩුවට කඩේ යන සංස්කෘතියක් ද දක්නට ලැබෙනවා.
ඒ පිළිබඳව ප්‍රඥාව ජනතාව සතු නැහැ.
නමුත් ජනතාව හිතනවා ඔවුන් ආණ්ඩුවට එරෙහිව සමාජ විඥානය ගොඩනැගීම සඳහා ක්‍රියා කරනවා කියලා.
මාධ්‍ය ආයතන රජයට පවරා ගැනීම, නිසි බලධරයන් පත් කිරීම ඉතිහාසයේ පටන් අප දන්නවා.
නමුත් එදා තිබුණු තත්ත්වයට වඩා වෙනස් මුහුනුවරකින් අද තියෙනවා.
නිල නොවන තහංචි පැනවීම මගින් එය මනාව පවතින ආණ්ඩුව සිදු කරමින් තියෙනවා.
ඇතැම් මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී පරිසරයක් ඍජුව දක්වමින් හැසිරෙන බවක් ද පේනවා.
පුරවැසියන්ට විවිධ ලේබල් ඇලවීමට මාධ්‍ය ආයතනවල අවශ්‍ය පරිපාලන කටයුතුවලට බාධා පමුණුවන පවතින ආණ්ඩුවක ලක්ෂණයක්.
ඇතැම් ප්‍රවෘත්ති වාර්තා කිසියම් වාරණයකට භාජනය කිරීම සඳහා පවතින ආණ්ඩුවක් පැවති ආණ්ඩුවක් විවිධ උපායමාර්ග ගත් අවස්ථා තියෙනවා.
ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවේදී තොරතුරු කිසියම් වාරණයකට පවත්වාගෙන යා යුතු බව පුරවැසියන් දන්නා කරුණක්.
යම් මාධ්‍යයක් විසින් පළ කරන ලද හෝ පළ කරන්නට කටයුතු කරගෙන යන ප්‍රවෘත්ති විශේෂාංග වාර්තා හෝ කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකට අහිතකර බලපෑමක් සිදුවන්නේ නම් ඒ සඳහා නෛතික ක්‍රියා කිරීමේ අවකාශය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා සෙසු පනත්වලින් මේ රටේ ස්ථාපිත වී තිබෙනවා.
මේ සියලු දේ අභිබවා හැසිරෙන පරිසරයක් ද ආණ්ඩුවත් විවිධ මාධ්‍ය ආයතනත් අනුගමනය කරන බව පිළිගත යුතු කරුණක්.
සාපරාධී අපහාසයක් සිදුවන වැරදි තොරතුරු පල කිරීමට කටයුතු කරන මාධ්‍යය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට පුරවැසියන්ට තියෙන අයිතියත් ආණ්ඩුවකට තියෙන අයිතියත් අපි පිළිගන්න ඕන.
කොහොම වෙතත් ලංකාවේ ඒ සඳහා රාජ්‍ය ආයතනයත් තියෙනවා.
පුවත්පත් පැමිණිලි කොමිසම යනුවෙන් ස්වාධීන නියාමන ආයතනයක් ද මේ වන විට පිහිටවලා තියෙනවා.
නමුත් ඒ නියාමන ආයතනය සඳහා මෙහෙයුම් කටයුතු සිදුවීම පිළිබඳව ද ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා.
වගවීම, පිළිබඳව කොහොම හරිම රටේ දේශපාලන ස්ථාවරයක් නැති ප්‍රචණ්ඩත්වය සඳහා යන පරිසරයක් බොහෝ වගකිව යුතු ආයතන වගවීම හා යුතුකම් ඉටු නොකිරිම නිසා ඉතාම සංකීර්ණ තත්ත්වයකට රට තල්ලුවෙලා තියෙනවා කිව්වොත් ඇත්තටම එය වඩාත් නිවැරදියි.
ආණ්ඩුවක් පෙරළා දැමීම සඳහා බොහෝ විට ජනමාධ්‍ය කටයුතු කරනවාද යන්න පවතින ආණ්ඩු බොහෝ වෙලාවට බියෙන් සැකෙන් ඉන්නවා.
ඒ බිය සැක උපදින්නේ ආණ්ඩු නිවැරදි නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවලට ඒ බිය මූලධර්මය වී තිබෙනවා.
අස්ථාවර කිරීම හෝ බලයෙන් නෙරපීම හෝ අවදානම කිසිම විටක ආණ්ඩුවකට ඇති නොවීමට නම් ආණ්ඩුවත් සංවිචාරණීය සමාජයක් ගොඩනැගීම සඳහා පොදු සමාජයට දායකත්වයක් ලබාදිය යුතුයි.
ඒ සඳහා පාසල් අධ්‍යාපනයේ සිට කටයුතු කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා.
නමුත් සංවිචාරණීය සමාජයක් ගොඩනැගුණු තැන අකාර්යක්ෂම ආණ්ඩු කරන්න හෝ දූෂණ ආත්මගත කරගෙන ආණ්ඩු කරන්න අවකාශ ලැබෙන්නේ නැහැ.
ඒ නිසා විසඳුම් නැති ප්‍රශ්න රට තුළ උද්ගත වෙමින් තියෙනවා.
ආණ්ඩුවක් බලය පවත්වාගැනීම සඳහා පුරවැසියන්ගේ අයිතිවාසිකම් පාවාදීම මේ නිසා විවිධ අයුරින් සිදු කරනවා.
එය ඉතිහාසයේ පවා දකින්නට ලැබෙනවා.
ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රණසිංහ ප්‍රේමදාස ඊට එක් උදාහරණයක් ලෙස ගන්න පුලුවන්.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල්, ආයුධ, පුපුරණ ද්‍රව්‍ය හා බංකර් තැනීමට සිමෙන්ති ලබාදුන් බවට එදා ගොඩනැගුණු චෝදනාව අදත් ඒ පිළිබඳව ප්‍රශ්න නොකරන සමාජ වපසරියක් ගොඩනැගී තියෙන්නේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගී නැති නිසයි.
එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙවැන්නා වුණ විනයාගමුර්ති මුරලිදරන් නැත්නම් කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කර තිබුණා.
උතුරු ප්‍රදේශයේ එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විවිධ අවස්ථාවලදී හිස ඔසවමින් ඒ වන විටත් තිබුණා දැනටත් තියෙනවා.
ඊටත් තත්ත්වය අභිබවා ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය මිනීමැරුම් සිදුවෙමින් තියෙන්නේ දරුණු ලෙස.
ඒ ගැන දිගින් දිගටම ජනමාධ්‍ය වාර්තා පල වෙමින් තියෙනවා.
ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් විපක්ෂයට යෑම වැලැක්වීම සඳහා ඒ අදාළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩු ක්‍රියාත්මක කරන ඉතිහාසයක් දිගටම පැවතුනේ සංවිචාරණ සමාජයක් ගොඩනැගී නැති පරිසරය නිසයි.
මේ තුළ දූෂණය බලවත් ලෙස ඍජුව ක්‍රියාත්මක වන්නේ මන්ත්‍රීවරයා පවතින ආන්ඩුවේ ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් සඳහා යාමේදී ඔහු මන්ත්‍රීවරයකු වන්නට ජනතාව ඡන්දය ලබාදුන් අවස්ථාව පෙරළා හිමිකම කීමට පුරවැසියට තියෙන අයිතිය නීතිමය හිමිකම අවම වී තිබෙන නිසයි.
ඒ තත්ත්වය උද්ගත වන්නේ සංවිචාරණීය සමාජක් බිහි වී නැති පරිසරය නිසයි.
කොහොම වෙතත් නිදහස් සහ සාමකාමීව ජීවත්වීමට ලංකාවේ පුරවැසියන් මේ වන විට අහිමි වෙලා තියෙනවා.
ජනසමාජය භීතියට පත් කරමින් මනුෂ්‍ය ඝාතන ප්‍රසිද්ධියේ සිදුවෙමින් තිබෙන විට ආණ්ඩුවේ වගකිම හා ඒ සඳහා නිවැරදි මූලධර්මවලට අනුව ක්‍රියා නොකරන්නේ ආණ්ඩුව දන්නවා සමාජය සංවිචාරණීය නැහැ කියලා.
කොහොම හරිම පෞද්ගලික හා දේශපාලන කණ්ඩායම්වල මුරණ්ඩු හැසිරීම හා භාවිතය හමුවේ පවතින ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය මැඩලීමට අපොහොසත් වෙලා තියෙනවා.
මේ තත්ත්වය 1983 ඉඳන් 2009 දක්වා විවිධ ආකාරයෙන් ලංකාවේ දේපල විනාශයේ නියැලුණු මනුෂ්‍ය ඝාතනය කළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් වගේම එවැනි සමාජ පරිසරයක් මේ වන විට දිගු වෙමින් තිබෙනවා.
ඒ දිගුවීම 1988-89 ජනතා විමුක්ති පෙරමුනේ හැසිරීම භාවිතය දක්වා දිව යනවා.
ඒ පිළිබඳව අපි ඉදිරි ලේඛනයකින් කතා කරමු.
එතෙක් සංවිචාරණීය සමාජයක් ගොඩනැගීමට ඔබත් උනන්දුවක් දක්වනවා නම් ඒ සඳහා මේ දුරකතන අංකය අමතන්න.
ඔබගේ අදහස් වට්ස්අප් තුළින් ූ 94 71 052 9937 අංකයට යොමු කරන්න.
තවත් කොටසක් ලබන සතියේ

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න