නව වැරදි විශාල ප්‍රමාණයක්‌ එකතු කරමින්‌ දූෂණය වංචාව අවම කිරීම සඳහා විධමත්‌ ලෙස සකසන ලද පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නව දූෂණ විරොධී පනත ගරු කථානායතුමාගේ අත්සනින්‌ පසුව 2023.09.15 (අද) දින සිට බලාත්මක වන බව ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යා්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේදී අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්‌ සඳහන්‌ කළේය.

එක්සත්‌ ජාතීන්ගේ දූෂණ විරොධී ප්‍රඥප්තියට අත්සන්‌ කර ඇති සාමාජික රටක්‌ ලෙස දශක ගණනාවක්‌ තිස්සේ අප රට වංචාව හා දූෂණය නිසා බොහෝ සෙයින්‌ පීඩා විදින රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන්‌ සිටින බවත්‌ මෙකෙක්‌ මේ රටේ දේශපාලන බලය ලබාගත්‌ සියළු පක්ෂ මැතිවරණ සමයේ දූෂණය සග වංචාව මැඩපවත්වන බවට කොතෙක්‌ පොරොන්දු උවද වංචාව සග දූෂණය නැති කිරීමට මේ වන තෙක්‌ අපොහොසත්‌ වී ඇති බවත්‌ නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම මඟින්‌ දූෂණය වංචාවෙන්‌ තොර රටක්‌ බිගි කල හැකි බවත්‌ අමාතාවරයා මෙහිදී සඳහන්‌ කළේය.

මෙරට විසිඑක්‌ වන සංශෝධනය ගෙන ඒමෙන්‌ පසුව ස්වාධීන කොමිෂන්‌ සභා පිහිටවීමේ එක්‌ අරමුණක්‌ වූයේද මෙම වංචාව ගා දූෂණය නැති කිරීම උවත්‌ අල්ලස්‌ හා දූෂණ කොමිෂන්‌ සභාවේ පසුගිය සමයේ ක්‍රියාකාරීත්වය කිසිවෙකුටත්‌ සෑගිමකට පත්විය නොහැකි බවද ඇමතිවරයා සඳහන්‌ කළේය.

මේ හේතුව මත නව දූෂණ විරෝධී පනතක අවශ්‍යතාවය ඇති වූ බවත්‌ එලෙස ගෙනැවිත්‌ සම්මතත කරන ලද දූෂණ විරෝධී පනත වඩා හොදින්‌ ක්‍රියාත්මක කිරීමට හොද අවස්ථාවක්‌ එළඹ ඇති බවත්‌ සඳහන්‌ කල අමාතාවරයා සියළු දේශපාලන පක්ෂ වලින්‌ නියෝජිතයන්ගෙන, රාජ්‍ය නිලධාරීන්ගෙන්‌ සහ මහජනතාවගෙන්‌ ඉල්ලා සිටියේ නව දූෂණ විරෝධී පනතෙහි ඇති වටිනාකම තේරුම්‌ මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සක්‍රීය සහයෝගය ලබාදෙන ලෙසයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න