වචන සියයක කතාවක් හෙවත් සියක්පද කතාවක් (Drabble) යනු ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ ශානරයට මතු නොව සමස්ත සිංහල සාහිත්‍යයට ම අලුතෙන් ම එකතු වන සාහිත්‍යාංගයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එය සාම්ප්‍රදායික නවකතාවෙන් හා කෙටිකතාවෙන් මූලික වශයෙන් වෙනස් වනුයේ ‘ඩ්‍රැබලය‘ ක අඩංගු වචන සංඛ්‍යාව සියයකට සීමා වන බැවිනි. එම වචන සියයට මාතෘකාව අයත් වන්නේ නැත.

ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ කලාව සඳහා මහඟු සේවයක් සිදු කරමින් සිටින S & T ආයතනය මගින් වාර්ෂික සංවිධානය කරන ‘විද්‍යා ප්‍රබන්ධ ලිවීමට අත්වැලක්’ වැඩමුළුවේදී ප්‍රථම වරට මෙම සියක්පද විද්‍යා ප්‍රබන්ධ රචනය අත්හදා බලන ලදී. එහිම දිගුවක් ලෙස සියක්පද කතා සියයක් ග්‍රන්ථයකට කැටි කර පල කරන්නට යෝජනා වන්නේ මෙම නවමු කතා කලාව ලංකාව හඳුන්වා දීමටය.

S & T Group ප්‍රකාශනයක් ලෙස එළඹෙන සැප්තැම්බර් 23 වැනි දා උදෑසන 9.30 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එළි දැක්වීමට නියමිත “100 Drabbles | වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ 100ක්“ කෘතිය එම ව්‍යායාමයේ අග්‍ර ඵලයයි. ප්‍රවීණ මෙන් ම නවක ලේඛක ලේඛිකාවන් 60 කට වැඩි පිරිසක් ඒ සඳහා සිය නිර්මාණ දායකත්වය සපයා තිබේ. මෙය ලාංකේය විද්‍යා ප්‍රබන්ධය ඉතිහාසයේ සංදිස්ථානයක් වනු නොඅනුමානය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න