1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු ස්වස්ථානික ව්‍යවස්ථාව එනම් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙයි. 2. එහි 10.1 ව්‍යවස්ථාව මෙසේය. 10. (1) All written laws, including subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in Sinhala and in Tamil translation as expeditiously as possible under the authority of the Minister in charge of the subject of Justice. 3. ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර බලාත්මක වූ සියලු නීති සහ අනුනීති හැකිතාක් ඉක්මණින් සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු විය. 4. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 2වන සංශෝධනය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාවේද ඉහත 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධානය කාලීනව දක්වා ඇත. 5. එය මෙසේය. 23. 4. All laws and subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in the Sinhala and Tamil Language as expeditiously as possible. 6. ඒ අනුව 1946 සෝල්බරි ව්‍යවස්ථාවට පෙර පනවා ඇති ආඥාපනත්, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පනවා ඇති පනත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කිරීමට යන අවස්ථාවල 23.4 ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති මව් ආඥාපනත – පනත/ මුල් ආඥාපනත – පනත සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි. 7. එසේ නොමැතිව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු සංශෝධනය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි දක්වා ඇති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කර නැති මව් ආඥාපනතට – පනතර/ මුල් ආඥාපනතට – පනතට කර ඇති සියලුම සංශෝධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල සංශෝධන වෙයි. 8. ඒ අනුව 1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද? යන්න ගණනය කිරීම රටේ නීතියේ පාලනය පිළිබඳව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමේ යුතුකම පිළිබඳ තත්ත්වයකි. අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ   – සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.07.27)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න