9 කොටස
2012 නොවැම්බර් මස 23 වැනි බදාදා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරොදියම් සම්බන්දන් මහතා
ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්තුමා
කේ. ඒ. රෝහණධීර මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්තුමිය

  1. කල්තැබීම අනුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශනා මහතා මූලාසනය හෙබවීය.
  2. කාරක සභාවේ ලේකම්තුමා පහත සඳහන් ලියැවිලි සභාගත කළ අතර, ඒවායේ පටපත් කාරක සභාවේ සාමාජිකයින් අතර බෙදා දෙන ලදී.
    ■ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත යවන ලද 2012 නොවැම්බර් 14 වැනි දිනැති ලිපිය.
    ■ අංක 749, එම්. ඇන්ඩ්. එන්. ගොඩනැගිල්ල, අංක 2, ඩීල් පෙදෙස, කොළඹ 3 යන ලිපිනයැති නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වන නීලකන්දන් ඇන්ඩ් නීලකන්දන් ආයතනය වෙතින් ලැබුණු 2012 නොවැම්බර් 15 වැනි දිනැති ලිපිය.
    ■ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත යවන ලද 2012 නොවැම්බර් 16 වැනි දිනැති ලිපිය.
    ■ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙතින් 2012 නොවැම්බර් 19 වැනි දින ලැබුණු 2012 නොවැම්බර් 16 වැනි දිනැති ලිපිය.
    ■ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය හට 2012 නොවැම්බර් 23 වැනි දින පැවැත්වෙන කාරක සභාවේ ඊළඟ රැස්වීමට සහභාගි වන ලෙස දන්වමින් එතුමිය වෙත යවන ලද 2012 නොවැම්බර් 19 වැනි දිනැති ලිපිය.
    ■ තාවකාලික විත්ති වාචික ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් හා එල්ල කර ඇතැයි පැවසෙන චෝදනා ආරෝපනයන්ට වඩාත් පූර්ණ ලෙස පිළිතුරු දෙනු පිණිස තවදුරටත් කාලය ඉල්ලා සිටිමින්, අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙතින් 2012 නොවැම්බර් 20 වැනි දිනැති ලිපිය. මෙම ලිපියේ පිටපත් කාරක සභාවේ සියලුම සාමාජිකයින් අතර බෙදා දෙන ලදී.
    ■ සිය සේවාලාභියා (වන අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය) වෙනුවෙන් තාවකාලික විත්ති වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හා එල්ල කර ඇතැයි පැවසෙන චෝදනා ආරෝපනයන්ට වඩාත් පූර්ණ ලෙස පිළිතුරු දෙනු පිණිස තවදුරටත් කාලය ඉල්ලා සිටිමින්, නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වන නීලකන්දන් ඇන්ඩ් නීලක්නදන් ආයතනය වෙතින් 2012 වැනි දිනැති ලිපිය.
    ■ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩානායක මහ්තමියගේ 2012 නොවැම්බර් 20 වැනි දිනැති ලිපිය ලද බවය දන්වමින් එතුමිය වෙත යවන ලද 2012 නොවැම්බර් 21 වැනි දිනැති ලිපිය.
  3. 2012 නොවැම්බර් 16 වැනි දින පවත්වන ලද රැස්වීමේ කාර්ය සටහ්න කියවා සලකා බලන ලදි.
    කාර්ය සටහන්වල 11 වැනි අයිතමය ගැන අවධානය යොමු කළ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘අගවිනිසුරුවරිය චෝදනා පිලිගනී’ යන ශීර්ෂය යටතේ 2012.12.16 වැනි දින දිනමිණ පුවත්පතේ පල කරන ලද පුවතක් පිළිබඳව සභාවේ අවධානයට ගෙන එමින් එය කාර්ය සටහන්වලට ඇතුළත් කරනු ලැබ නොමැති බව පෙන්වා දුන්නේය.
    ඒ අනුව කාරක සභා කාර්යසටහන් සංශෝධනය කරන ලෙස සභපාතිතුමා ලේකම්රයාගෙන් ඉල්ලීය.
    කාර්යසටහන් සංශෝධිතාකාරයෙන් ස්ථිර කරන ලදී.
  4. වෙනම කවුළුවක් හෝ ලේකම් කාර්යාලයක් පිහිටුවා, කාරක සභාවේ රැස්වීම් කටයුතුවල අවසානය වන තෙක් කාරක සභා සාමාජිකයින් හට අදාළ ලියැවිලි හා තොරතුරු ලබාගැනීමට පහාසුකම් සලස්වනු පිණිස එයට නිලධාරියකු නම් කිරීමට කටයුතු කන ලෙස ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉල්ලා සිටිනු ලැබූ අතර, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සඳහා සහයොග්ය පල කළේය.
    කාරක සභා සාමාජිකයින් හට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක එම කාර්යාලය පිහිටුවනු ලැබෙතැයි ලේකම්තුමා කාරක සභාවට දැන්වීය.
  5. 2012 නොවැම්බර් 16 වැනි දින පවත්වන ලද සිය රැස්වීමේදී කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව, කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට අවසර දෙනු ලැබිය හැක්කේ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් පුද්ගලිකවම නම් කරන ලද ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් සිල්වා මහතා සහ නීලකන්දන් ඇන්ඩ් නීලකන්දන් නීති ආයතනයේ ප්‍රධානි හට පමණක් බවද, නීතිඥවරුන් හා ප්‍රසිද්ධ නොතාරිස්වරුන් වන නීලකන්දන් ඇන්ඩ් නීලකන්දන් ආයතනයේ 2012.11.20 වැනි දිනැති ලිපිය මගින් නම් කරන ලද අනෙකුත් නීතිඥයින් හට කාරක සභාව ඉදිරියේ පෙනි සිටීමට අවසර දෙනු ලැබීය නොහැකි බවද, ගරු ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
    ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය කිරීමෙන් අනතුරුව කාරක සභාව ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් සිල්වා මහතාට සහ නීතිඥ නීලකන්දන් මහතාට අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සමග කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට අවසර දීමටත්, ඉන් අනතුරුව අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය හට සිය කණ්ඩායමේ කොටසක් වනු පිණිස කවර හෝ නීතිඥයකු නම් කිරීමට ඉඩ සැලසීමටත් තීරණය කළේය.
  6. ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය මේසය මත තිබූ එස්. සී. 3/2012 යන යොමු අංක යටතේ වූ ලියැවිල්ලක් පිළිබඳව කාරක සභාවේ සභාපතිතුමාගේ සහ සාමාජිකයින්ගේ අවධානය යොමු කොට, එය කාරක සභාවේ ලියැවිල්ලක්දැයි විමසීය.
    එම ලියැවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි විසින් එම ලියැවිලි ඒවා අමතා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරේ බෙදාහරිනු පිණිස එවන ලද බවත්, ඒවා කාරක සභාවේ නිල ලිපි ලේඛනයන්ගේ කොටසක් නොවන බවත් කාරක සභාවේ ලේකම්තුමා දැන්වීය.
    තමාට මෙම ලියැවිලි ලැබුණේ කාරක සභාව තුළදී බවත්, එම නිසා ඒවා තන්ට කාරක සභාවේ සාමාජිකයින් වශයෙන් දෙන ලද නිල ලියකියැවිලිවලට කොටසක් ලෙස තමන් සලකන බවත් ගරු ජෝන් අමරතුංග මහතා, ගරු ලක්ෂ්න් කිරිඇල්ල මහතා, ගරු විජිත හේරත් මහතා සහ ගරු රාජාවරෝදියම් සම්පදන් මහතා පැවසූහ.
    මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ලියැවිල්ල කාරක සභාවේ ලියැවිලි වශයෙන් පිළිගත නොහැකි වන බවත්, ඒවායින් මතු වන කවර හෝ වගකීම් කාරයයකින් කාරක සභාව බැඳීමට ලක් නොවන බවත්, කවර හෝ මන්ත්‍රීවරයකු හට ඒවා පිළිගැනීමට අවශ්‍ය නම් එසේ කිරීමට එම මන්ත්‍රීවරයා/වරියට අදාළ කාර්යයක් වන බවත් සභාපතිතුමා ප්‍රකාශ කළේය.
  7. ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරි විසින් තමා වෙත ලැබී ඇති ලියැවිල්ලට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(03) ව්‍යවස්ථාවේ අර්ථ දැක්වීම පිළිබඳව අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබා දෙන තෙක අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කාරක සභාව විසින් සිදු කරනු ලබන පරීක්ෂණය කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කාරක සභාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇතැයි යනුවෙන් ගරු විජිත හේරත් මහතා පැවසූ අතර, ගරු ජෝන් අමරතුංග මහතා ද එය අනුමත කළේය.
  8. ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු වෙත අවධානය යොමු කරමින් සභාපතිතුමා,
    (i) අගවිනිසුරුගේ ප්‍රෝක්ත වැරදි ක්‍රියාකලාපය හෝ අයෝග්‍යතාවය පිළිබඳව විමර්ශනය ිකරීම සහ සනාථ කිරීම ආශ්‍රිතව සියලු‍ කාරණාවන් සඳහා විධිවිධාන සැලැස්වීමට 107 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට බලය ලබාදී ඇති බවත්,
    (ii) විශේෂ කාරක සභාව විසින් අනුමගමනය කරනු ලැබිය යුතු කාර්යපටිපාටි පිළිබඳව ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සඳහන්ව ඇති බවද,
    (iii) කථානායකතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූලව නිසි පරිදි මෙම කාරක සභාව පත් කර ඇති බවද,
    (iv) මෙම විශේෂ කාරක සභාවේ කාර්යපටිපාටිය සහ රැස්වීම් කටයුතු සම්බන්ධයෙන් පූර්වාදර්ශ පවතින බවද, පැවසීය.
    ඉහත කාරණාවන්ගෙන් කාරක සභාවේ සහ එහි රැස්වීම් කටයුතුවල බලපාත්‍රතාව ඉතා හොඳින් දැක්වෙන අතර, එම නිසා කාරක සභාවට එම ඉල්ලීම සලකා බැලීමට නොහැකිය යනුවෙන්ද සභාපතිතුමා පැවසීය. එමෙන්ම, ගරු කථානායකතුමා මෙම කාරක සභාව පත් කර ඇත්තේ අග්‍රවිනිශ්චයකාර ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විමර්ශනය කොට සීමිත කාලයක් තුළ පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම පිණිස බැවින්, කාරක සභාව ඒ අනුව කටයුතු කරනු ඇති අතර, පාර්ලිමේන්තුව විසින් එ ්මත පවරා ඇති වගකීමෙන් බැහැරව නොයනු ඇති බවද එතුමා පැවසීය.
  9. 2001 ජුනි 20 ැවනි දින හැන්සාඩ් වාර්තාවේ තීරු අංක 1031 වෙත අවධානය යොමු කළ ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්ථිවර නියෝග 78(අ) යටතේ එවක සිටි කථානායකතුමා විසින් විශේෂ කාරක සභාවක් පත් කිරීම වළකවා ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද (අංක එස්. සී. එෆ්. ආර්. 297/2001 සහ අංක එස්. සී. එෆ්. ආර්. 298/2001 දරන) නියෝග දෙකක් සම්බන්ධයෙන් හිටපු කථානායක දිවංගත ගරු අනුර බණ්ඩාරනායක මහතා නියෝගයක් ලබාදී ඇති බවද, එම නියෝගයෙන්
    (i) ස්ථාවර නියෝග 78(අ) යටතේ පාර්ලිමේන්තුවේ කථානායකයාට බලය ලබා දී ඇති පියවර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකතුමා වළක්වා ලමින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරන බලයක් නොමැති බවත්,
    (ii) 2001 ජුනි 6 වැනි දින දරන එකී අතුරු තහනම් නියෝගවලින් පාර්ලිමේන්තුවේ කථානායකතුමා බැඳී නොමැති බවත්,
    (iii) එකී නියෝග පිළිපැදීමට කිසිදු නෛතික වගකීම් භාරයක් නොමැති බවත්,
    ගරු කථානායකතුමාගේ එම නියෝගය තුළ පැහැදිලිවම සඳහන් කරනු ලැබ ඇති බවද ප්‍රකාශ කළේය.
    ඉහත කී තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ව්‍යවස්ථාදායකයන් සහ අධිකරණයේන කිහිපයක භාවිතාවන් සහ ක්‍රියා පිළිවෙත් පිළිබඳව පුළුල් අධ්‍යයනකින් පසුව බවද ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඍජුවම ගරු කථානායකතුමා වෙත නිකුත් කළ වාරණ නියෝගයක් ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක අනිසි ආකාරයකින් ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බලනනේ කෙසේද යන්න එතුමා තවදුරටත් ප්‍රශ්න කළේය.
    මෙම කාරක සභාව පත් කරන ලද්දේ ගරු කථානායකතුමා බැවින් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමේ තීන්දුව ගත යුත්තේ ද ගරු කථානායකතුමා බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාරක සභාවට කිසිදු බලයක් නැති බවත් ගරු විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
    වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු පිරික්සීම සඳහා මෙම පාර්ලිමේන්තුවට සහය වීම සඳහා කෘතහස්ත ජාත්‍යන්තර නීති විශාරදයින් කණ්ඩායමක් පත් කළ යුතු යැයි පසුගිය අවස්ථාවේදී තමා විසින් ඉල්ලා සිටි බව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කාරක භාවට දැන්වූ අතර ඔවුන්ගේ නිර්දේශයන් සියලු‍ දෙනාටම පිළිගත හැකි වනු ඇතැයි පැවසීය. නීතියේ ආධිපත්‍යය පිළිබඳ සිද්ධාන්තයට අනුගත වීමේ වැදගත්කම අවධාරණය කරමින් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාදායකය කෙරෙහි මනා ගරුත්වයක් විදහා පා ඇති බැවින් ඊට අන්‍යෝන්‍ය ගරුත්වයක් ව්‍යස්ථාදායකයේ යුතුකම බවයි.
    ස්ථාවර නියෝග 78අ) වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති අනුකූල බව පිළිබඳව විනිශ්චය කරන තුරු මෙම කරුණු සම්බන්ධයෙන් කෙරෙන මෙම විමර්ශනයේ කටයුතු පිළිබඳව තීරණ්‍ය කිරීමෙන් ඈත්ව සිටිම සුදුසු බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
  10. අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් වූ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු, මෙම විශේෂ කාරක සභාව අග්‍ර විනිශ්චයකාරතුමියට එරෙහිව ඇති චෝදනා විභාග කිරීම කල් තැබිය යුතු බව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ප්‍රකාශ කරන ලදී. මෙම කාරක සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ඉල්ලීමට අනුකූලතාය දැක්විය යුතු බවත් අවශ්‍ය වෙතොත් ගරු කථානායකතුමාගේ සහ පාර්ලිමේන්තුවෙන් විමසා සිටිය හැකිබවත් එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර අන්‍යන්‍යෝය ගරුත්වය හා අවබෝධය සහ හොඳ හිත පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාදාමය අවශ්‍ය වන බවත් එමගින් නීතියේ ආධිපත්‍යය සුරැකෙන බැවින් මෙම ඉල්ලීම ලඝු කොට සලකා ප්‍රතික්ෂේප නොකළ යුතු බව එතුමා වැඩිදුරටත් පැවසීය.
  11. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය සමග තමන් එකග නොවන බව ගරු ජෝන් අමරතුංග සහ ගරු විජිත හේරත් යන මහත්වරුන් පැවසූය.
  12. මෙවැනි අවස්ථාවකදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙන බව සභාපතිතුමා විස්තර කළ අතර එබැවින් මෙහිදී ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අර්බුයක් නිර්මාණය කිරීම හෝ පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බවද පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියා කිරිමට අප සැම බැඳී සිටියි. මේ පිළිබඳ ක්‍රියා පිළිවෙත ස්ථාවර නියෝගවල දක්වා ඇති අතර ලෝකයේ වෙනත් පාර්ලිමේන්තු ගණනාවක මේ හා සමාන භාවිතාවන් අනුගමනය කෙරේ. කරුණු එසේ හෙයින් කාරක සභාවේ බලතල සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කළ යුතුය. එබැවින් පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා විසින් මෙම කාරක සභාවට පවරන ලද කාර්යය සාක්ෂාත් කරගැනීමෙහිලා අපක්ෂාපතීතවත්, ස්වාධීනවත් මෙම කාරක සභාව තම කටයුතු ඉදිරියට ගෙන යා යුතුය.
  13. අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියට ඇති චෝදනාවලට අදාළ ලියකියවිලි මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව ගරු ජෝන් අමරතුංග, ගරු විජිත හේරත් සහ ගරු ලක්ෂම්න් කිරිඇල්ල යන මහත්වරුන් ප්‍රකාශ කළහ.
    අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් මතු කරන ලද මූලික විරෝධතාවන් කෙරෙහි කාරක සභාව මුලින්ම සලකා බලන බව ප්‍රකාශ කළ ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා චෝදනාලට අදාළ ලියකියවිලි එකී යෝජනා විමර්ශනය සඳහා සලකා බලන අවස්ථාවේදී ඉදිරිපත් කෙරෙන බවද පැවසීය.
  14. අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය සහ ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා යන අය කාරක සභාව විසින් කැඳවන ලදී.
  15. අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය කාරක සභාව ඉදිරියට පැමිණීම වෙනුවෙන් ස්තූති කළ සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම දිවුරුම් දෙන ලෙස ඉල්ලා සිටියේය. තමන් වෙත දක්වන ලද ආචාරශීලිභාවය සම්බන්ධයෙන් කාරක සභාව වෙත ස්තුතිය පුදකළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඔහුගේ සේවා දායකයා විසින් ලබාදිය යුත්තේ කවර ආකාරයේ දිවුරුමක්දැයි විමසූ අතර දිවුරුමක් ලබා දෙන්නේ සාක්ෂි ලබාදීමට ප්‍රථම බැවින් මෙහිදී තම සේවා දායකයාට සාක්ෂි නොදිය හැකි බැවින් මෙම දිවුරුම් දීමේ පදනම කුමක්දැයි විමසුවේය.
    මෙහිදී අදහස් දැක්වූ ගරු විමල් වීරවංශ සහ ගරු ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පවසා සිටියේ පාර්ලිමේන්තු කාරක සභාවක කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම දිවුරුම් ලබාගැනීම පවත්නා භාවිතාව බවත්, මීට ඉහත විපක්ෂ කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබූ අග්‍ර විනිශ්චයකාර රාජ නීතිඥ ගරු එන්. ඩී. එන්. සමරකෝන් මහතා කැඳවූ අවස්ථාවේද මෙම ආකාරයටම එම භාවිතාව සිදු කළ බවයි.
    ස්ථාවර නියෝග ප්‍රකාරව එවැනි අවශ්‍යතාවයක් නොමැති බැවින් එම භාවිතාව පිළිගත නොහැකි බව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගරු විජිත හේරත් මහත්වරුන් පැවසූහ. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාවය වාර්තා විය යුතු බව ඔවුන් පැවසූහ.
  16. තම කණිෂ්ඨ නීතිඥයින්ටද මෙම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම සඳහා අවසර දිය යුතු යැයි ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග ප්‍රකාරව අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් එම නියෝජිතයින් පුද්ගලිකව නියාමනය කළ යුතු බව සභාපතිතුමා ප්‍රකාශ කරන ලදි. ඒ අනුව ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් පහත සඳහන් නීතිඥවරුන් නම් කරන ලදී.
    ජනාධිපති නීතිඥ නලීන් ලද්දුහෙට්ටි මහතා
    නීතිඥ සාලිය කේ. එම්. පීරිස් මහතා
    නීතිඥ සුගත් කල්දේරා මහතා
    නීතිඥ රියාස් අමින් මහතා
    නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා
    නීතිඥ (නීති උපදේශක) කන්දයියා නීලකන්දන් මහතා
    කාරක සභාව විසින් ඉහත සඳහන් නීතිඳයින් කැඳවන ලදී.
  17. ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 3/2002 යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සහතික කළ පිටිපතක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා එහි අන්තර්ගතය කාරක සභාවට දැනුම් දෙන ලදී. පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර නීතියේ ආධිපත්‍යය යටතේ පවත්නා ගරුත්වය සහ අවබෝධය මත මෙම විමර්ශනයට විරුද්ධවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇතැයි ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා අවධාරණය කරන ලදී.
    2002 ඔක්තෝබර් මස 09 දිනැති හැන්සාඩ් වාර්තාවේ 211 වැනි වළෙුම උපුටා දක්විමන් ගරු කථානායකතුමා පාර්ලිමේන්තුවේදී කරන ලද පහත සඳහන් ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරන ලදී. “එවැනි අවස්ථාවකින් ජනතාව රැකගැනීම සඳහා අප බැඳී සිටින අතර ජනතාවගේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුබ සිද්ධිය තකා ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර මනා හොඳ හිත පවත්වාගෙන යාම සඳහා ද අප බැඳී සිටියි. ජනතාවගේ සුබ සිද්ධිය තකා ඵලදායි අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙක් උපස්ථම්භකයන් දෙක වන විධායකය සහ අධිකරණය සමග සුහදතාව සහ සහයෝගිතාව පවත්වාගෙන යාම ව්‍යවස්ථාදයකයේ මුඛ්‍ය කාර්ය භාරයකි.”
    තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමෙ ්අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරම අයිතියක් බව ගරු කථානායකතුමා විසින් පිළිගෙන ඇතැයිද ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. කාරක සභාවේ පරිශීලනය සඳහා එඩ්වඩ් ෆ්‍රැන්සිස් විලියම් සිල්වාට එරෙහිව බණ්ඩාරනායක නඩුවේ තීන්දුවේ පිටපත්කද ඔහු භාරදුන් අතර රජයේ මූලික අංග තුන අතර අන්‍යන්‍යෝය බැඳීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරෙන පරිච්ඡේදයක්ද ඔහු විසින් කියවන ලදී.
  18. අග්‍ර විනිශ්චයකාර සමරකෝන් මහතාට එරෙහිව පැවති විමර්නයට අදාළ රැස්වීමේ කටයුතු පිළිබඳ වාර්තාවේ මුල් පිටපත තාම වෙත දැනු ලැබුණු බව සභාපතිවරයා ප්‍රකාශ කරන ලද අතර තම නීතිඥවරුන් කැඳවීමට පෙර අග්‍ර විනිශ්චයකාරවරයා දිවුරුම් දී ඇති බවත් ඒ නඅුව අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියද දිවුරුම් දිය යුතු බවයි.
    මෙහිදී ස්ථාවර නියෝග ප්‍රකාරව එවැනි අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් අග්‍ර විනිශ්චයකාරතුමියට දිවරුම් දෙන ලෙස ඉල්ලා සිටීම කෙරෙහි ගරු ආර්. සම්බන්ධන් මහතා විරෝධය පළ කළේය. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගරු විජිත හේරත් යන මහත්වරුන්ද ගරු අග්‍ර විනිශ්චකාරතුමියට දිවුරුම් දෙන ලෙස ඉල්ලා සිටීම කෙරෙහි තම අදස් පළ කළ අතර ස්ථාවර නියෝග සහ අනීත භාවිතාවන්වලට දැඩි ලෙස අනුකූල වෙමින් මෙම කාරක සභාවේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත්, ස්ථාවර නියෝගවලට පටහැනි කිසිවක් ඇතොත් එවැන්නක් සිදු නොකිරීමට වග බලාගත යුතු බවත් පැවසූහ.
    මෙම අවස්ථාවේදී මෙම පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන් සහ භාවිතාවන් අනුගමනය කළ යුතු බව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ගරු ඩිලාන් පෙරේරා මහත්වරුන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
    අප පාර්ලිමේන්තුවේ භාවිතාවන් සහ පිළිගත් සම්ප්‍රදායන් සහ මෙහිදී අනුගමනය කළ යුතු යැයි තීරණය කළ සභාපතිතුමා මෙම ක්‍රියා පිළිවෙත් වෙනත් ආයතන සමග සංසන්දනය කිරීම නුසුදුසු බවත් ප්‍රකාශ කළ අතර මෙම ක්‍රියා පටිපාටියට විරුද්ධ වන කාරක සභා සාමාජිකයන්ට තම විරෝධතාව වාර්තා කිරීමට ඉඩහරිමින් මෙම අවස්ථාවේදී කාරක ෂභාව ඉදිරියේ දිවරුම් දෙන ලෙස අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය කැඳවන ලදී.
    ස්ථාවර නියෝග ප්‍රකාරව එවැනි අවශ්‍යතාවයක් නොපවතින බැවින් තම සේවාදායකයා දිවුරුම්දීම පිළිබඳව තමන් විරුද්ධ වන බව නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර තවද මෙම විනිශ්චය සභාවේ අධිකරණමය බලය කෙරෙහිද, තමන් විරුද්ධ වන බව ප්‍රකාශ කළේය. කාරක සභාවේ ඇතැම් සාමාජිකයින්ගේ සහභාගිත්වය කෙරෙහිද ඔවුහු විරුද්ධ වූහ.
    කෙසේ වුවද, කාරක සභාවේ අධිකරණමය බලය පිළිබඳව ඔවුන්ගේ කුමන විරෝධතා මධ්‍යයේ වුවත් පූර්ව නිගමනයකින් තොරව අවශ්‍ය නම් දිවුරුම් ගත හැකි බවත් ජනාධපිති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා පැවසීය.
    “ම විසින් සාක්ෂි දිය යුතු වන්නේ නම් මෙය සම්පූර්ණ සත්‍යය සහ සත්‍යය මිස අන් කිසිව්ක නොවන බව මෙයින් ගරුත්වයෙන් අවංකවත් සත්‍ය ලෙසත් ප්‍රතිඥා දෙමි.” යන ආකාරයට මෙම දිවරුමේ වචන වෙනස් විය යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.
    එම ඉල්ලීම් දෙකම කාරක සභාව විසින් පිළිගන්නා ලදී.
    ඒ අනුව අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) හිරානි බණ්ඩාරනායක මහත්මිය දිවුරුම් දෙන ලදී.
    20 විශේෂ කාරක සභාවේ රැස්වීම් කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කාරක සභාව ඉදිරියේදී ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා කරුණු ගෙන හැර දැක්විය.
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබෙන නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරන ලෙස අවධාරණය කළ ඔහු කාරක සභාවේ රැස්වීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝග ප්‍රකාරව ගරු කථානායකතුමා විසින් මෙම විශේෂ කාරක සභාව පත් කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ කටයුතු ආරම්භ කළ බව ගරු ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළ අතර එබැවින් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමට තීරණය කිරීමට මෙම අවස්ථාවේදී කාරක සභාවට කළ නොහැකි බවද පැවසීය. තවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය කාරක ෂභාව වෙත නිසි පරිදි අමතා ලබාදී නැති බවත් අද උදෑසන කාරක සභාවේදී ඔවුන් රැස්වූ පසු එහි පිටපත් ලැබුණු බවත් ඔහු පැවසීය.
    ශ්‍රේෂ්ඨාධිකණයේ ලිපි නියමාකාරයෙන් කාරක සභාව වෙත භාරදී නොමැති බවත් ස්ථාවර නියෝග අංක 78 යටතේ කාරක සභාව වෙත ලබාදී ඇති බලතල අනුව කාරක සභාව විසින් ක්‍රියා කළ යුතුව තිබෙන බවත් ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පැහැදිලි කර දෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිගැනීමට හෝ පිළිනොගැනීමට කාරක සභාවට බලයක් නොමැති බවත් එබැවින් කාරක සභාව විසින් එයට පාර්ලිමේන්තුව විසින් පවරා ඇති කාර්යයෙහි ඉදිරි කටයුතු ඉටු කළ යුතුව ඇති බවත් ගරු විමල් වීරවංශ මහතා විසින් සඳහන් කරන ලදී.
    මෙම අවස්ථාවේදී ප්‍රායෝගික අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගරු ජෝන් අමරතුංග මහතා විසින් පෙන්වා දුන් අතර මෙම ඉල්ලීම ගරු කථානායකතුමා වෙත ඉදිරිපත්කර දින කිහිපයකට පසු තීරණයක් ගැනීම සුදුසු බවට එතුමා විසින් යෝජනා කරන ලදී. ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුව විසින් සම්පූර්ණනේම බැඳී සිටින අලංඝනීය තීන්දුවක් ලෙස පිළිගැනීම අවශ්‍ය නොවන බව ගරු ආර්. සම්බන්ධන් මහතා විසින් සඳහන් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාර දුන් ලේඛන නියමාකාරයෙන් තමන් වෙත භාර දුන් බවට කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට තමන් විසින් පිළිගන්නා නිසා කාරක සබාවේ රැස්වීම් අත්හිටුවිය යුතු බවට ගරු විජිත හේරත් මහතා විසින් ද යෝජනා කරන ලදී.
    මේ වන විට කාරක සභාව ඉදිරියේ ඇති ශ්‍රේෂ්ඨාධිකණයේ නියෝගය සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අවධානය යොමු කරන ලෙස රොමේෂ් ද සිල්වා මහතා විසින් ඉල්ලා සිටින ලදී. ඔහුගේ අදහස්වලට සවන් දීමෙන් අනතුරුව කාරක සභාව විසින් තීරණයක් ගත යුතුව තිබුණු බව ඔහු විසින් සඳහන් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ප්‍රතිබාධන නියෝගයක් තිබියදී, මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් මධ්‍යයෙහි දී ගරු අනුර බණ්ඩාරනායක මහතාගේ තීන්දුව ලබාදුන් බව ද, අභාවප්‍රාප්ත ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදුන් තීන්දුව මෙම කාරක සභාවේ කටයුතුවලට අදාළ නොවන බවද ඔහු විසින් පෙන්වා දෙන ලදී.
    කාරක සභාව විසින් සාකච්ඡා කරන ලදී.
    කාරක සභාවේ කටයුතු කල් තබන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳ සඳහන් කරමින් සභාපතිතුමා විසින් පහත සඳහන් තීන්දුව ලබාදෙන ලදී.
    “ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතාට සහ ඔහුගේ ඉල්ලීමට පක්සව සහ විපක්ෂව ඉදිරිපත් වූ අදහස්වලට අපි සවන් දුන්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා ඇති විධිවිධාන යටතේ ගරු කථානායකතුමා විසින් මෙම කාරක සභාව පත් කරනු ලැබ ඇති බැවින් මෙම සභාවේ කටයුතු අපට අත්හිටුවිය නොහැක. අපි කාරක සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්නෙමු.”
    මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයක් ගන්නා තුරු කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන නොයා යුතු බවටත්, තම විරෝධය දැක්වීම වාර්තා ගත කරන ලෙසටත් ගරු ආර්. සම්පන්දන් මහතා විසින් ඉල්ලා සිටි අතර ගරු ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගරු විජිත හේරත් යන මහත්වරු ද එම අදහස අනුමත කළහ.
  19. එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයන් වලක්වා ගැනීම සඳහා කාරක සභාවේ ලේකම්තුමා විසින් යවන ලද චෝදනා පත්‍රයේ මුල සිංහල පිටපත කියවා බලන ලෙසට, “සටහන: එල්ල කර ඇතැයි සඳහන් චෝදනාවල ඉංග්‍රීසි පරිවර්තනය www.parliament.lk නමැති වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදී” ලෙස සටහන් ක තිබූ අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩානායක මහත්මිය විසින් වඑන ලද 2012.11.20 දිනැති ලිපියෙහි පිටු අංක 08හි සඳහන් කරුණු සම්බන්ධයෙන් සඳහන් කරමින්, සභාපතිතුමා විසින් ජේ. රොමේෂ් ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ සඳහා පිළිතුරු ලබාදීම සඳහා කාලය ලබාදෙන ලෙස ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් ඉල්ලා සිටින ලදී.
  20. කාරක සභාව වෙත පසු දින (2012 නොවැම්බර් මස 24 වැනි දින) පැමිණ නීතිමය කරුණු දක්වන ලෙස කාරක සභාව විසින් කන ලද ඉල්ලීමට ජේ. රොමේෂ් ද සිල්වා මහතා එකඟ නොවීය.
  21. කාරක සභාවේ මීළඟ රැස්වීම 2012 දෙසැම්බර් මස 04 වැනි අඟහරුවාදා පූ. භා. 10.30ට පැවැත්වීමට කරක සභාව විසින් තීරණය කරන ලදී.
  22. විත්ති වාචකයේ ලිඛිත ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සඳහා 2012 නොවැම්බර් මස 30 වැනි දින දක්වා කාලය ලබා දිය හැකි බව විත්ති වාචකයේ ලිඛිත ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සඳහා සති 06ක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සභාපතිතුමා විසින් සඳහන් කරන ලදී. ඔහු විසින් මතු කරන ලද මූලික විරෝධතා, එනම්, අධිකරණ බලය සහ පක්ෂාපතී බව සම්බන්ධයෙන් වන විරෝධතා කාරක සභාවේ මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙසට ද කාරක සභාව විසින් ඔහුගෙන් ඉල්ලා සිටින ලදි. ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් සඳහන් කරන ලදී.
    සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය ප්‍රකාරව තම විත්ති වාචකය සකස් කිරීම සඳහා සෑම පුද්ගලයෙකුටම ප්‍රමාණවත් කාලයක් සහ පහසුකම් ලබාගැනීම සඳහා හිමිකම් තිබිය යුතු බැවින් කාරක සභාව විසින් ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බව ගරු ආර්. සම්පන්දන් මහතා වසින් පෙන්වා දෙන ලදී.
  23. අග්‍ර විනිශ්චයකාරවරිය වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ සමාගම විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ ප්‍රකාශ අග්‍ර විනිශ්චයකාරිවරියගේ උපදෙස මත නිකුත් කළ ප්‍රකාශ ලෙස පිළිගත හැකි ද එසේ පිළිගත නොහැකි ද යන්න පිළිබඳ ගරු විමල් වීරවංශ මහතා විසින් ජේ. රොමේෂ් ද සිල්වා මහතාගෙන් විමසන ලදි. මේ අවස්ථාවේදී එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම අවශ්‍ය නොවන බව ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් සඳහන් කරන ලදී. නීතිඥවරයා විසින් එකී ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැළකී සිටිය බව වාර්තා ගත කළ යුතු බව ගරු ඩිලාන් පෙරේරා මහතා විසින් සඳහන් කරන ලදී.
  24. ඔවුන් විසින් එවනු ලබන සියලුම කරුණු දැක්වීම් හෝ ලිපි ගනුදෙනු උපෙද්ශක නීතිඥවරුන් වන නිලකන්දන් සහ නීලකන්දන් සමාගම විසින් පමණක් එවනු ලබනු බව ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් සඳහන් කරන ලදී. කාරක සභාව විසින් එයට එකඟත්වය පළ කරන ලද අතර සියලුම ලිපි ගනුදෙනු පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ද වන කාරක සභාවේ ලේකම්තුමා වෙත යොමු කළ යුතු බව සඳහන් කරන ලදී.
  25. කාරක සභාව විසින් විශ්වාසය තබනු ලබන සාක්ෂිකරුවන්ගේ සහ ලිපිලේඛනවල ලැයිස්තුව සාමාජිකයින් වෙත ලැබීමට සැලැස්විය යුතු බව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා සිටින ලදී.
  26. අවශ්‍ය කරනු ලබන ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා මගින් ලබාගත යුතු බවට සභාපතිතුමා විසින් නියම කරන ලදී.
  27. කාරක සභාවේ මීළඟ රැස්වීම 2012 දෙසැම්බර් මස 04 වැනි අඟහරුවාදා පූ.භා. 10.30ට පැවැත්වීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
  28. වාර්තා සටහන්වල සහතික කළ පිටපතක් තමා වෙත ලාබදෙන ලෙසට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් ඉල්ලා සිටින ලදී. කාරක සභාව විසින් මෙම ඉල්ලීමට එකඟත්වය පළ කර සිටි අතර එම ලිපි ලේඛනවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. රහස්‍යභාවය ආරක්ෂා කරන බවට රොමේෂ් ද සිල්වා මහතා විසින් පොරොන්දුවක් ලබා දුන් අතර කාරක සභාව විසින් එම පොරොන්දුව පිළිගන්නා ලදී.
    (රැස්වීම අ.භා. 12.55ට 2012 දෙසැම්බර් මස 04 වැනි අඟහරුවාදා පූ.භා. 10.30 දක්වා කල් තබන ලදී.
    තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න