මෙරට දරුවන්ගේ පෝෂණ තත්වය නැංවීමට අදාල පණිවුඩ
කාර්යක්ෂමව හා ඵලදායීව විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ජනගත කල හැකි නව මං පෙත් සොයා මාධ්‍යවේදීන් සමග පවත්වන සාකච්ජා මාලාවේ
පළමුවැන්න.
පෝෂණය ගැන ගැටලුවට සරල පිළිතුරු නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසයි.
තවත් වසර 05 කින් හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පය අනුව පෝෂණය සම්බන්ධයෙන් මහජනතාව කටයුතු කිරීම සිදුවන තැනට වැඩ කටයුතු සකස් කල යුතු බව ඇය පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ වි වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න මහත්මිය පවසන්නේ පෝෂණය නැංවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
කැලරි ප්‍රමාණය මැන බලමින් ආහාර ලබා ගැනීම ගැන අදහසක් දරුවන්ට ලබා දීම කුමන වයසක සිදු කල යුතුද යන්න ඇරඹී තිබේ. එය අධ්‍යාපන හා සෞඛ්‍ය නිලධාරීන් දැන් සාකච්ජා කරමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ වි වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.
දත් දිරායාම බැක්ටීරියාවක් නිසා ඇතිවන තත්වයක් බව 03 වසරේ දරුවන්ට පාසලේදීම වටහා දීමට එකගතාවක් ඇතිවුනා. වෛද්‍ය බටුවන්තුඩාව.
01 වසරේදී දතක් ඇද , 02 වසරේදී තවත් මදක් ඉදිරියට ගොස් තුන වසරේදී එය නිසි පරිදි වටහා දීමට මේ වන විට එකග වී තිබේ.
Stay Well ” සුවෙන් සිටිමු යනුවෙන් මහජනතා ව සමග මහජනතාවගේ සෞඛ්‍යය නංවන නව වැඩසටහනක් දියත් කිරීමට බලා පොරොත්තු වන වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කියයි.
මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය විසින්ම ගෙනයන වැඩසටහනක් නොවේ. සෞඛ්‍ය සෞඛ්‍ය නොවන අංශ, මාධ්‍යයය මෙන්ම සිවිල් සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන ඇතුළු මහජන සහායෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනකි සුවෙන් සිටිමු වැඩසටහන . වි වෛද්‍ය සිසී පෙරේරා.
ශ්‍රී ලංකාවේද හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍යයි යන පණිවුඩය ජනගත කල යුතුයි.
ශ්‍රද්ධා නාලිකාවේ ප්‍ර්ධාන විධායක නිලධාරී ප්‍රසාද් මහතා කියා සිටින්නේ සාකච්ජා වලට වඩා වෙනස් ලෙස කෙටි ආකර්ශණීය පණිවුඩ ලෙස ගෙන යා හැකිනම් එය වඩා වැදගත් වනු ඇති බවයි.
ජාතික රූපවාහිනියේ තඹවිට මහතා කියා සිටින්නේ ඒ ඒ නාලිකාවල ඒ ඒ වැඩසටහන් වලට අදාලව පණිවුඩ වල ස්වරූපය පවා වෙනස් කල යුතු බවයි.
එකම නියමිත දිනයක යම් නිශ්චිත වේලාවක වැඩසටහන දියත් කරන්නේ නම් යහපත් වේ යැයි බොහෝ දෙනෙක් යෝජනා කලහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න