පාර්ලිමේන්තු කාරක සභාවකට පමණද විනිශ්චයකරුවන් පිළිබඳ තීරණය ලබාදිය හැක්කේ ඒ ගැටලු සහගතයි

7 කොටස
1988 අංක 74 දරණ පනතින් සංශෝධිත 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ 2 වන වගන්තියේ මෙසේ සඳහන් වේ.

“2. ( I ) The provisions of this Law shall apply to every person belonging to any one of the following classes or descriptions of persons:-

(a) members of Parliament

(b) Judges and public officers appointed by the President, public officers appointed by the Cabinet of Ministers, judicial officers and scheduled public officers appointed by the Judicial Service Commission and staff officers in Ministries and Government Departments:

(c) Chairmen, Directors, members of the Boards and staff officers of public corporation.

(d) elected members and stall officers of local authorities;

(da) office-bearers of recognized political parties for the purposes of elections under the Parliamentary Elections Act, No. 15 of 1981, the Presidential Elections Act, No. 1 of 1981 or the Provincial Councils Elections Act, No. 2 of 1988 or the Development Councils (Elections) Act, No. 20 of 1981 or the Trade Unions Ordinance;

(db) the executive of trade unions registered under the Trade Unions Ordinance;

(dc) candidates nominated for election at elections to be held under the Presidential Elections Act, No. 15 of 1981, the Parliamentary Elections Act, No. I of 1981, the Provincial Councils Elections Act, No. 2 of 1988, the Development Councils (Elections) Act, No. 20 of 1981 or the Local Authorities Elections Ordinance;

(dd) proprietors, editors and members of the editorial staff of newspapers in respect of which declarations have been made under section 2 of the Newspapers Ordinance;

(de) Chairman, Directors and staff officers of companies registered under the Companies Act, No.17 of 1982, in which the majority of shares are held by the State or by a public corporation;

(e) such categories of other officers as may be specified by regulations.

(2) A parson to whom the provisions of this law apply bu virtue of the operation of the preceding provisions of this section, is hereafter in this Law referred to as a “person to whom this Law applies”.
එකී වගන්තියේ 2(1) (ආ) වගන්ති අනුව එකී පනත අධිකරණ නිලධාරින්ටද බලපානු ඇත. ඒ අනුව අධිකරණ නිලධාරියෙකු වන අග්‍රවිනිශ්චයකාරවරියට ද අදාළ වන්නේය. එබැවින් එකී පනතේ දක්වා ඇති ආකාරයට කටයුතු කිරීමට අග්‍රවිනිශ්චයකාරවරිය බැඳී ඇත.
තවද 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ 3(3) වගන්තියේ මෙසේ සඳහන් වේ.
Every person who is required to make the first declaration of assets and liabilities under subsection[11 or subsection[2] shall, unless such person ceases to be a person to whom this Law applies, by the thirtieth day of June in each year, make in the prescribed form, a declaration of his assets and liabilities as at the thirty-first day of March of such year and include in such declaration the assets and liabilities he held on the date on which he was first required to make a declaration of his assets and liabilities under this Law.
ඒ අනුව යම් අයෙකු එකී පනත යටතේ ලබාදිය යුතු වත්කම් හා බැරකම් ප්‍රකාශය අදාළ වර්ෂයේ මාර්තු මස 31 වන දින ලබා නොදීම හෝ එකී වත්කම් හා බැරකම් ප්‍රකාශයේ අසත්‍ය කරුණු සඳහන් කිරීම හෝ සත්‍ය කරුණු සඳහන් නොකිරිම එකී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එකී පනත යටතේ ඉදිරිපත් කළ යුතු වත්කම් හා බැරකම් ප්‍රකාශයේ 04 වන ඡේදය පහත පරිදි වේ.
“ඔබට, ඔබේ භාර්යාවට / ස්වාමිපුරුෂයාට හෝ ඔබේ යම් දරුවෙකුට තැපැල් කාර්යාල ඉතිරි කිරීමේ බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම්බැංකුවල ගිනුම් (ජංගම ගිනුම්, ඉතිරි කිරීමේ ගිනුම්, ස්ථාවර ගිනුම් යනාදිය) කිසිවක් තිබේද? එසේ නම්, පහත සඳන් විසතර සපයන්න.”
එකී පනතේ 9 වන වගන්තියේ මෙසේ සඳහන් වේ.

9111 A person-
[a] Who fails without reasonable cause to make any declaration of assets and liabilities which he is required to make under section 3; or
[b] Who makes any false statement in any such declaration; or
[bb] Who willfully omits any asset or liability from any such declaration; or
[c] who fails without tcasonable cause to give such additional information a the •Commission to Investigate Allegations of Bribery or Corruption may require under this Law. or
[d] who otherwise contravenes any provisions of this Law,
shall be guilty of an offence and shall, unless any other penalty is otherwise provided, on conviction afler trial before a Magistrate, be liable to a fine not exceeding one thousand rupees, or imprisonment of either description for a term not exceeding one year or to both such fine and imprisonment
[2] A person who is convicted of an offence under paragraph [a] of subsection [11 shall, within a palo.1 of fourteen days after the date of conviction, or in the event of an appeal against such conviction, within a period of fourteen days after the date of affirmation of such conviction, make the declaration of assets and liabilities referred to in section 3. The provisions of section 3 and the provisions of the other preceding sections of this Law shall, mutatis mutandis, apply to any declaration of assets and liabilities made by such person under this subsection in like manner and to the same extort as they apply to any declaration of assets and liabilities made under section 3.
[3] Any person who fails to comply with the provisions of subsection [2] shall be guilty of an offence and shall, on conviction after trial before a Magistrate, be liable to a fine not exceeding one thousand rupees or to imprisonment of either description for a term not exceeding one year or to both such fine and imprisonment and to a further fine of fifty rupees for each day of continuation of the offence.
[3a] Where any person is convicted of an offence under paragraph [bb] of subsection [1] the asset in respect of which the offence was committed shall by virtue of such conviction be vested in the State free of all encumbrances.
[3b] The vesting of any assets in the State under subsection [3aj shall take effect-
[a] where an appeal has been preferred to the Court of Appeal or the Supreme Court against the order of forfeiture, upon the determination of the appeal, conforming or upholding the order of forfeiture;
[b] N‘liere no appeal has been preferred to the Court of Appeal against the order of forfeiture after the expiration of the period within which an appeal may be preferred to the Court of Appeal against the order of forfeiture.
[4] Where any person has been convicted by a court of any offence under paragraph
[a] or paragraph [b] of subsection [1], it shall be the duty of the court to bring the fact of such conviction to the notice of the person to whom such convicted person was bound to make the declaration of assets and liabilities under this Law.
[5] No prosecution for any offence under this Law shall be instituted except with the prior sanction of the Attorney-General.
මෙම කාරක සභාවට ඉදිරිපත් වූ බැංකු ගිනුම් ප්‍රකාශ අනුව අග්‍රවිනිශ්චයකාරවරිය ඇයගේ සමහර ගිනුම්වල ඇති මුදල් මාර්තු 31 වන දින වන විට ශේෂයන් ඉතුරු නොවන ආකාරයට ශුන්‍ය කොට එකී ගිනුම්වලින් මුදල් ලබාගෙන එම මුදල් විවිධ අයුරු ආයෝජනය කර ඇති අතර ඉන් පසුව එලෙස ශුනය කරන ලද ගිනුම් වත්කම් ප්‍රකාශයේ එළිදරව් කිරීම පැහැර හැර ඇත.
තවද භාණ්ඩාගාර බිල්පත්වල හා ස්ථාවර තැන්පතුවල මුදල් තැන්පත් කර එහි විස්තර ඒ ආකාරයෙන් ඉදිරිපත් නොකර Treasury Bills යනුවෙන් එක් මුදල් ප්‍රමාණයක් පමණක් වශයෙන් මුදල් දක්වා ඇත. ඉහත කී පනත යටතේ ලබාදියයුතු වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රයේ 4 වන කොටසට අනුව අදාළ සේවකයාට, ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට හෝ දරුවෙකුට ඇති බැකංු ගිනුම් පිළිබඳ විස්තර සැපයිය යුතුය. ඒ අනුව මුදල් තිබුණ ද, නොතිබුණ ද යම් සේවකයකු සතුව පවත්නා සියලු‍ම ගිනුම් හෙළිදරව් කිරීම සිදු කළ යුතු දෙයක් නොවේ.
එහෙත් එලෙස කටයුතු නොකර අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ඇය සතු සියලු‍ම ගිනුම් එළිදරව් කිරීමට අපොහොසත්ව හා / හෝ පැහැර හැරීම සිදුකර ඇත.
තවද, අග්‍රවිනිශ්චයකාරවරිය විවිධ ආකාරයේ මුදල් ආයෝජනය කර ඇති අතර, එම මුදල්වලින් සමහර මුදල් ද ඇතුළත් කර, ඇය මුදල් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති බවට ඇයගේවත්කම් හා බැරකම් ප්‍රකාශවල ප්‍රකාශ කර ඇති අතර, එම මුදල් වර්ෂ 2005 සිට තිබූ බව දක්වා ඇතිබව බැංකු ගිනුම් ප්‍රකාශ අනුව පෙනී යයි. එහෙත් එක් එක් වර්ෂවල අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප5කාශ සලකා බැලීමේදී පෙනී යනුයේ එකී වත්කම් හා බැරකම් ප්‍රකාශවල දක්වා ඇති අයුරු එක් ඒක මුදල් ප්‍රමාණයන් වර්ෂ 2005 සිටම පැවත ගෙන ආ මුදලක් නොවන බවයි. මන්දයත් එකී වත්කම් හා බැරකම් ප්‍රකාශවල ද දක්වා ඇති ගණන් ගැලපීමක් සිදු නොවේ.
ඉහත කී කරුණු සියල්ලම සලකා බැලීමේදී පෙනී යන කරුණක් වනුයේ අග්‍රවිනිශ්චයකාරවරිය විසින් 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ අධිකරණ නිලධාරියකු වශයෙන් අග්‍රවිනිශ්චයකාරවරිය නීතියෙන් බැඳී ඇති වත්කම් හා බැරකම් සත්‍යගරුකව එළිදරව් කර නොමැති බවත් එමගින් එකී පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවත්ය.
තවද, 2001 වර්ෂයේ වත්කම් හා බැරකම් ප්‍රකාශය අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ඉදිරිපත් කර නොමැති බවත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් එවන ලද වර්ෂ 2012 නොවැම්බර් මස 30 දිනැති ලිපියෙන් දන්වා ඇති අතර, ඔහු විසින් මෙම ාකරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඒ බව තහවුරු කරන ලදී. ඉහත කී ක්‍රියාව වර්ෂ 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ දඬුවම් ලැබය යුතු වරදක් වේ.
තවද, අග්‍රවිනිශ්චයකාරවරිය තම නිල නාමය බැංකු ගිනුම්වල භාවිතා කර ඇති බවද, බැංකු ගිනුම් වාර්තා අනුව පෙනී යයි. එසේම තම නිල නාමය පුද්ගලික බැංකු ගිනුම් සඳහා භාවිතා කිරීම තම නිලබලය අනිසි ලෙස භාවිතා කිරීමක් බව පෙනී යන කරුණකි.
තවද, එවැනි ක්‍රියාවන් අග්‍රවිනිශ්චයකාරවරයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි වන අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) වන ව්‍යවස්ථාව යටතේ විනිශ්චයකාරවරයෙකුගේ විෂම පැවැත්මක් බව මෙම කාරක සභාව තීරණය කරනු ලබන්නේය.
තවද, ඉහත සඳහන් ආකාරයට මෙම විමර්ශනයේදී ලකුණු කර ඉදිරිපත් කර ඇති බැංකු ප්‍රකාශ අනුව අඩුම තරමින් ගිනුම් 13ක් අදාළ වර්ෂවල වත්කම් හා බැරකම් ප්‍රකාශවලසටන් කර නොතිබීම අධිකරණයේ ඉහළම තනතුර හොබවන අග්‍රවිනිශ්චයකාරවරයකුගේ ක්‍රියාකලාපය නොවන අතර, එමගින්ම විෂම පැවැත්මක් ඇති බවට තහවුරු වේ.
ඉහත කී විෂම පැවැත්ම අග්‍රවිනිශ්චයකාරවරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තම ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් බරපතල විෂමාචාරයන් බවට මෙම කමිටුව තීරණය කරයි.
ඉහත කී කරුණු තවදුරටත් විමර්හනය කිරීම සඳහා ශ්‍රීලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත යොමු කිරීමට සුදුසු බවද නිර්දේශ කරමු.
05 වන චෝදනාව
දැනට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ / හෝ දූෂණ ක්‍රියාවලියට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහ්තමියගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතා සැකකරුවෙකු වන හෙයින්ද,
ඉහත කී අල්ලස් හෝ දූෂණ නඩුව විභාග වීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ(2) ව්‍යවස්ථාව අනුව එකී ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්ද,
එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්ට්‍රර් සහ වෙනත් ලේකන පරීක්ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1111ඌ(3) යටතේ එකී ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහ්තමිය වෙත පැවරී ඇති හෙයින්ද,
ඉහත කී ආකාරයට ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහ්තමියගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් හෝ දූෂණ නීති කෘත්‍යය ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය නුසුදුස්සෙකු වන හෙයින්ද, අග්‍රවිනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්ඩව ක්‍රියා කිරිම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉෂ්ඨ කිරීම සඳහා බාධාවක් වීම සහ යුක්තිය පසඳලීම පිළිබඳ මූලික සද්ධාන්ත එමගින් උල්ලංඝණය වන බැවින් සහ යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාව අනුව (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 16 හා 17 වන සංශෝධනද ඇතුළත්ව) අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු තවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරුන් දෙදෙනෙකුගෙන් යුක්තව අධිකරණ සේවා කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇත.
එකී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (එච්) ව්‍යවස්ථාවට අනුව අධිකරණ නිලධාරින්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය කටයුතු සහ සේවයෙන් පහ කිරීම එකී අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කළ යුතු බවට සඳහන් වේ.
දැනට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අගවිනිසුරුතුමියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතාට එරෙහිව වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නඩු පවරා එම නඩුව කොළඹ අංක 1 මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 13029/01/12 ලෙස ගොනු කර ඇති අතර එහි නඩු වාර්තාව මෙම කාරක සභාව ඉදිරියේ ඉදිරිපත් කරන ලදී.
ඉහත කී නඩුව කොළඹ අංක 1 දරන මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අතර එකීනඩු ගොනු කර ඇති අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ මාරු කිරීම්, උසස් කිරිම්, විනය කටයුතු සහ සේවයෙන් පහ කිරීමේ කටයුතු අගවනිසුරුතුමිය සභාපතිත්වය දරන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලබයි.
එකී කරුණ හේතුවෙන්ම කොළඹ අංක 1 දරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා අපක්ෂපාතීව හා නීතියට අනුකූලව කටයුතු කරමින් යුක්තිය පසඳලීමේ තම රාජකාරිය නිසියාකාරයෙන් සිදු කරයිද යන්න පිළිබඳව සැකයක් ඇතිවේ. තවද එකී සැකය මහජනතාව අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පලු‍දු කිරීමට හේතුවක් වේ.
තවද අධිකරණ වාර්තා, රෙජිස්ටර් හා වෙනත් වාර්තා පරීක්ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිසම සතුවන අතර එහි සභාපතිවරිය වන්නේ අග්‍රවිනිශ්චයකාරවරියයි.
එසේම ඉහත කී මහෙස්ත්‍රෘත් අධිකරණයේ පවතින නඩුවේ ප්‍රතිශෝධන ඉල්ලු‍්පත්‍ර අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරිම සිදුවේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවක් විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ කාර්යය අගවිනිසුරුතුමිය සතු කාර්යයක් වේ. එබැවින් එකී නඩුව විභාග කිරීමට පත් කරන විනිසුරුවරුන්ගේ පක්ෂපාතිත්වය පිළිබඳව සැකයක් මතුවේ. ඊට අමතරව අගවිනිසුරුතුමිය සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරනු ලබන විනිසුරුවරුන්ගෙන් යුක්තිය නිසි පරිදි ඉටුවේද යන්න සැකයක් මතුවන කරුණකි.
රටක අග්‍රවිනිශ්චයකාරතුමියගේ ස්වාමිපුරුෂයා අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධව විත්තිකරුවෙකු වූ අවස්ථාවක එවැනි තැනැත්තකුගේ කලත්‍රයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ධුරය දැරීම මගින්ම එම රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමය පමණක් නොව මුළු රටට හා අධිකරණ පද්ධතියටද කැළලක් වන කරුණකි.
මේ සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරතුමිය විසින් කාරක සභාවට ඉදිරිපත් කර ඇති පිළිතුරේ සඳහන් කර ඇත්තේ රජයට යම් විනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය නම් අදාළ විනිශ්චයකාවරයාගේ කාලත්‍රයාට එරෙහිව අපරාධ නඩුවක් පවරා එය භාවිතා කරමින් විනිශ්චයකාරවරයකු ධුරයෙන් ඉවත් කිරීමට හැකි බවයි. මෙය මනෝමූලික තර්කයකි.
මෙහිදී වැදගත් වන තවත් කරුණක් වනුයේ අගවිනිසුරුවරිය විසින් ඇයගේ සොහොයුරියගේ සහ මස්සිනාගේ නමට මිලදීගෙන ඇති බද්ධ නිවාසය මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා විසින් කොටස් වෙළෙඳපොළේ එවකට පැවති මිලට වඩා වැඩි මුදලක් ගෙවා මිලදී ගැනීමට තැත් කළ ද ෆිනෑන්ස් සමාගමද සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් දෙකක් වන බවයි.
මෙම සිදුවීම් ක්‍රියාදාමය සලකා බැලීමේදී අගවිනිසුරුතුමිය විසින් දෝෂාභියෝග චෝදනාවේ පළවන චෝදනාවේ සඳහන් ට්‍රිලියම් රෙසිඩන්සිහි බද්ධ නිවාසය මිලදී ගැනීමේදී ක්‍රියාදාමයේ ආරම්භය 2011 අප්‍රේල් 06 වන දින විශේෂ ඇටෝර්නි බලපත්‍රය හා ඉන්පසුව 2011.04.21 හා 2011.05.27 දිනයන්හි අගවිනිසුරුතුමියද අත්සන් තබන ලද අංක 829 දරන විකුණුම් හා මිලදී ගැනීම් ගිවිසුම් සහ එම දින අතර එනම්, 2011.05.18 දින අගවිනිසුරු ධුරයට පත්වීම සහ 2011 වර්ෂයේ අගභාගයේ සිට ඉහත කීසිද්ධි ක්‍රියාදාමය සිදුවන විට ට්‍රිලියම් රෙසිඩන්ස් හි බද්ධ නිවසක්ද, ගෝල්ඩන් කී අංක 262/2009 නඩුවද ඇතුළු එයට සම්බන්ධ අනකෙුත් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති ධුරය අගවිනිසුරු ලෙස දැරීමද, එම වකවානුවේදීම එනම්, 2012 මාර්තු මස 14 වන දින සිට වර්ෂ 2012 මැයි මස 03 දින දක්වා කාලපරිච්ඡේදයේදී අගවිනිසුරුතුමියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් 7, 863, 363ක්, රුපියල් 39,137,554/33කට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස නීති විරෝධීව හා එම බැංකුවට පාඩු ගෙන දෙන අයුරු මිලදී ගැනීමට කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 262/2009 හා ඊට සම්බන්ධ නඩුවලට අදාළ වන සමාගම් සමූහයේ සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේන මිලදී ගැනීමත් යන සිද්දි හේතුවෙන් සිදුවූ අහඹුවක් නොව එකිනෙකට සම්බන්ධ වන බවට බැලූ බැල්මට පෙනන කරුණක් හෙයින් අගවිනිසුරුතුමිය හා එතුමියගේ පාලනයට ඍජුවම යටත්වන මහෙස්ත්්‍රාත්වරයෙකු විසින් ඉහත කී අල්ලස් නඩුව විභාගවීම ස්වාධීනත්වය හා පක්ෂපාතීත්වය පිළිබිඹු කරන්නක් බැවින් ඇය අග්‍රවිනිශ්චකාර ධුරයේ තවදුරටත් වැඩ කිරීම මගින් විෂමාචාරයක් කර ඇති බව මෙම කමිටුවේ තීරණය වේ.
තවද, එකී විෂමාචාර ක්‍රියාව ඇයව අග්‍රවිනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීමට තරම් බරපතල ක්‍රියාවක් බව මෙම කමිටුවේ තීරණය වේ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා විසින් ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කරන ලද අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවේ සඳහන් ඇය විසින් සිදු කරන ලදැයි කියන විෂමාචාර චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමේදී එහි අංක 1, 2, 3, 4 හා 5 චෝදනාවලට අදාළ විෂමචාර චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක ෂබාව ඉදිරියේ ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්ෂි විශ්ලේෂණය කොට තීරණයයන්ට එළැඹී අතර, දෙවන හා තුන්වන විෂමාචාර චෝදනා පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂි අනුව එකී විෂමාචාර චොද්නා සම්බන්ධයෙන් ගරු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහ්තමිය වරදකරු කිරිමට තරම් සාක්ෂි ඉදිරිපත් වි නොමැති බව ාපර්ලිමේන්තු විශේෂ කාරක ෂභාව තීරණය කරන ලදී.
1, 4 හා 5 විෂමාචාර චෝදනා පිළිබඳ ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්ෂි අනුව එකී විෂමාචාර චෝදනා ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු විහේෂ කාරක සභාව නිගමනය කරයි.
මෙම පරීක්ෂණය සිමිත කාලපරිච්ඡේදයක් තුළදී නිම කිරීමට ඇති අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන සහ 1,4 හා 5 වන චොද්නාවන්හි ඇති විෂමාචාර චෝදනා ඉතාමත්ම බරපතල චෝදනා බැවින් මෙවැනි චෝදනාවන්වලට වරදකරු වන පුද්ගලයෙකුට විරුද්ධව තවත් චෝදනාවක් සඳහා වරදකරුවකු කිරීමට සාක්ෂි ඇත්ද, නැද්ද යන වග සොයා බැලීම මෙවැනි පරිවේශනයකදී නිරර්ථක ව්‍යායාමයක් ලෙස පාර්ලිමේන් විශේෂ කාරක සභාව තීරණය කරන ලද හෙයින් ඉතිරි චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කිමිටුව තීරණය කරන ලදී.
ඒ අනුව ඉහත කී 1, 4 හා 5 යන විෂමාචාර චෝදනාවන් ඔප්පු වී ඇති බවත්, ඒවායේ බරපතල භාවය සැලකිල්ලට ගැනීමේදී එකී විෂමාචාර චෝදනා ගරු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහ්තමිය අග්‍රවිනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් හා බරපතල විෂමාචාර චෝදනා බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කරයි.
අත්සන් කළේ
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු නියොමාල් පෙරේරා මහතා

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න