1 කොටස
ලංකාවේ මාෆියා ව්‍යාපාරික ප්‍රජාවක් දැන් මතුවෙලා තිබෙනවා.
මේ මාෆියාව පාර්ලිමේන්තුව දක්වා ව්‍යාප්තවෙලා තිබෙනවා.
මෙය ලංකාවේ යටත්විජිත ධනේෂ්වරයේ නැගී සිටීමේ ප්‍රබල ආරම්භයක් දක්වා දිව යනවා.
ඒ ගැන ඓතිහාසික තොරතුරු හා 1818 කැරැල්ල දක්වා දිව යනවා.
මාෆියාවන් විවිධ පැතිවලින් තිබෙනවා.
අපි මෙහිදී ව්‍යාපාරික මාෆියාව ලංකාවේ දැනට සජීවීව ක්‍රියාත්මක වන කැෂිනෝ ආශ්‍රිතව මේ ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ කැෂිනෝ මාෆියාව සඳහා යම්කිසි බද්දක් තිබුණා
ඒ බද්ද අද වෙන කොට කෝටි ගාණක් දක්වා වැඩි කරවන්න රාජ්‍ය අංශය පොළොඹවන්න ක්‍රියා කළේ මේ ලියන ලියුම්කරු.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුරාචාරය පිළිබඳව කතුවරයා වශයෙන් මේ ලියුම්කරු 2002 අගෝස්තු මාසයේ ගවේශනාත්මක කෘතියක් රටට හඳුනවා දුන්නා.
ශ්‍රී ලංකාවේ රජයන් බොහෝ විට හොරිකඩයන් බවට පත්වන සමාජ වපසරියක් බොහෝ විට දකින්නට ලැබෙනවා.
සුපිරි වාහන, අවි ආයුධ මිලදී ගැනීම පොලිසියත් දේශපාලනඥයනුත් අතර නීති විරෝධී බලවේග එක්වීම මේ කැෂිනෝ මාෆියාව අතර නිරන්තරයෙන් සිදුවෙනවා.
එය මනාව අත්වැල් බැඳ ගන්නවා.
එය පාතලේ මැර කණ්ඩායම් සුරතල්කිරීම දුරාචාර කැෂිනෝ ව්‍යාපාරකයින්ගෙන් ලක්ෂ කෝටි ගණන් ලබන ආදායම අදාළ පොලිසිවලට ආදායම් බදු දෙපාර්තමේන්තුවට කාන්දු වෙන තත්ත්වයක් තිබෙනවා.
2002 වසර වන විට ලංකාවේ කැෂිනො මාෆියාව සඳහා බද්ද වූයේ රුපියල් ලක්ෂ 50ක් පමණයි.
පොදු පෙරමුණු රජය ආරම්භයේ සිටම මේ බද්ධ අය කළේ නැහැ.
ඒ තත්ත්වය තුළ ලියුම්කරු සිය ගවේශනාත්මක ලේඛන අනුව තොරතුරු හෙළිදරව් කරා.
ඊට තවත් සාධක ගණනාවක් තිබෙනවා.
ඒ පිළිබඳව අපි වැඩිදුරටත් කතා කිරීමේ හිමිකම තබාගෙන මේ වන විට ලංකාවේ කැෂිනෝ කෝටිපතියන් කෝටි 155ක කැෂිනෝ දඩ ගෙවල නැහැ.
කැෂිනෝ ව්‍යාපාරික කෝටිපතියන් දෙදෙනෙකු රුපියල් කෝටි 44ක බදු මුදලක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම මේ වන විට පැහැර හැර තිබෙනවා.
ඒ බව හෙළි වන්නේ ජාතික විගනන කාර්යාලය නිකුත් කළ වාර්තාවකයි.
කැෂිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෑම අයෙකුම ඔට්ටු හා සූදු බදු පනත අනුව රුපියල් කෝටි 20ක වාර්ෂික බද්දක් රජයට ගෙවිය යුතු වෙනවා.
කැෂිනෝ ව්‍යාපාරවලට නියම කෙරුණු රුපියල් කෝටි 155කට වැඩි දඩ ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අයකරගෙනත් නැහැ.
ඒ ක්‍රියාවන් එසේ පසුගාමී වන්නේ කොහොමද?
කැෂිනෝ මාෆියාවේ ව්‍යාපාරිකයන් හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අතර පවතින සුසැඳි සහයෝගීතාවයයි.
ඒවගේම කැෂිනෝ ක්ලබ්වල සිදුවන පහරදීම් මිනීමැරුම් නීතිය ඉදිරියට කාන්දු වන්නේත් නැහැ.
නමුත් මේ ලියුම්කරු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේදී රනිල් වික්‍රමසිංහ එවකට විපක්ෂයේ සිටියදී යම් හෙළිදරව්වක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කැෂිනෝ පිළිබඳව වීඩියෝවක් විමර්ශනාත්මක නිර්මාණය කර ලබාදීමට ලියුම්කරුට හැකි වුණා.
රනිල් වික්‍රමසිංහ ඇතුළු එවකට එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම පරිදි අදාළ ඉල්ලීම සිදු කළේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් කැෂිනෝ මාෆියාවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රජාවට සිදුවන සමාජ ආර්ථික හා සංස්කෘතික ව්‍යසනයන් මනාව එදා ලියුම්කරුට පෙන්වාදීමට හැකි වුණා.
ඒ නිසා පසුව බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් කැෂිනෝ බද්ද ක්‍රමානුකූලවට වැඩි කර අද වන විට කැෂිනෝ සමාජශාලාවක වාර්ෂික බද්ද රුපියල් කෝටි 20කි.
එහිදී ලංකාවේ කැෂිනෝ මාෆියාව දෛනිකව ලබන කෝටි ගණන් මුදල්වල නියාමනයක් සිදු නොවීම පිළිබඳව තොරතුරු හෙළි කළා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ක්‍රමානුකූලව ආණ්ඩු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ රජය කැෂිනෝ බද්ද වර්ධනය කළා.
මේ වන විට ලංකාවේ කැෂිනෝ ශාලාවක වාර්ෂික බද්ද රුපියල් කෝටි 20ක් තියෙන්නෙ.
ඊට අමතරව කැෂිනෝ ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයෙකුගෙන්ම ඇ. ඩො. 50ක මුදලක් කැෂිනෝ ඇතුළුවීමේ බද්ද ලෙස අය කරගැනීමට අයවැය මගින් යෝජනා කර තිබුණා.
මෙම බද්ද අය කරගැනීමට දෙපාර්තමෙන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබෙන බව විගණන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමට අදාළ අදායම් පරිපාලන කළමනාකරණ පද්ධති ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයට වසර තුනකට වැඩි කාලයක් සඳහා රුපියල් නවකෝටියක මුදලක් කිසිම අවසරයකින් තොරව ගෙවා තිබෙන බවත් වැඩිදුරටත් විගණන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
බලාගෙන යනකොට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් කැෂිනෝ මාෆියාවත් දෙකම එකම මට්ටමේ මාෆියාවක්ද යන ප්‍රශ්නය මතු වෙනවා.
මෙම කාර්යමණ්ඩල පවත්වාගැනීම සඳහා දීමනා ගෙවීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණේ 2019 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණයි.
නමුත් රාජකාරි සඳහා නිවාඩු අනුමත කරගෙන තිබූ සිවු දෙනෙකු එම නිවාඩු කාලපර්චිඡේදය සඳහා රැම්ස් ව්‍යාපෘතිය යටතේ දීමනා ගෙවා තිබෙන බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
ව්‍යාපෘතියෙන් ඉවත්ව ගිය නිලධාරින් දෙදෙනකුට එසේ ඉවත් වීමෙන් පසුවද දීමනා ගෙවා තිබෙන බව සඳහන් වෙනවා.
අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන නොයෑම හේතුවෙන් මේ කැෂිනෝ බදු හා කැෂිනෝ දඩ මුදල් අය කරගැනීමට දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව අසමත් වෙලා තියෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර තිබෙන විගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන් වෙන්නෙ.
බොරු සෝබන ව්‍යාජ සමනල ලෝකවලට සමාජය කැන්දගෙන යන ව්‍යාපාරයක් තමයි කැෂිනෝ මාෆියාව.
මේ කැෂිනෝ මාෆියාව කුමක්ද?
කැෂිනෝ කියන්නේ සුවපහසු හෝටල්, රෙස්ටූරන්ට්, සාප්පු සවාරි, ක්ලබ්ස්, කෲස් නැව් ආදියෙන් අංග සම්පුර්ණ සමාජ විනෝදාස්වාදය ගෙන දෙන කර්මාන්තයක්.
මේ කැෂිනෝ කලාප තුළ සූදු හා ඔට්ටු ඇල්ලීම සඳහා වෙන් වෙන කොටස තුළ යම් යම් විවිධ අවකාශයන් ලැබනෙවා.
ඒ තුළ මත්ද්‍රව්‍ය භාවිතය, ගණිකා වෘත්තිය එයින් ප්‍රධානයි.
මැර බලයත් ඒ තුළ අන්තර්ගතයි.
මේ කැෂිනෝ කලාප ප්‍රධාන කොට වෙන් වෙන්නේ ව්‍යාපාරික සංචාරකයින්ට.
ඒ නිසා මෙම කලාප තුළ ව්‍යාපාරික හමුවීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සඳහා වෙනම අවකාශයක් නිර්මානය වෙනවා.
මේ සියල්ලටම අද පොදුවේ කැෂිනෝව යනුවෙන් නිර්වචනය වෙනවා.
මේ පිළිබඳව බොහෝ වෙලාවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුකාලයේදී කැෂිනෝ සඳහා විවිධ සහන සහ අවකාශයන් ලබාදුන්නා.
ඒ කියන්නේ 2013 වසර වන විට.
කැෂිනෝවල අතීතය සොයාගෙන යනවා නම් එහි දිගු ඓතිහාසික කරුණු චිනයෙන් වගේම මධ්‍යතන යුගයේ එංගලන්තයෙනුත් හමුවෙනවා.
කැෂිනෝ කලාප තුළ වැඩි වශයෙන් සංචාරය කරන්නේ ධනකුවේරයන්, ඒ වගේම මැර බලය ධන බලය එකතුව වැඩ කරන ක්‍රියා කරන මැර පාදඩයින්.
සාමාන්‍ය මිනිසුන්ට ඇතුළු වෙන්න අවකාශයක් නැහැ.
නමුත් සල්ලි සොයාගෙන මෑතක දී සංවර්ධනය වුණු බහුතරයකට ඒ අවකාශය ලැබිල තියෙනවා.
ධනවතුන් ඉලක්ක කරගෙනමයි මේ කැෂිනෝ මාෆියාව ගොඩනැගී තිබෙන්නේ.
මේ ඉතිහාසය සොයා යෑමේදී ලංකාවේ අධිරාජ්‍යවාදී සමයේදී ලැබුණු අවකාශය තුළ විකාශනය වුණු මාෆියා සංස්කෘතිය අපි සොයා බලන්න අවශ්‍යයි.
යටත් විජිත කාලය පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාව තුළ කුමන වර්ගයේ ධනවාදයක් හා කුමන මාදිලියේ ධනේශ්වයක් බිහි වුණාද කියල අපි පළමුවෙන්ම සොයාගත යුතුයි.
කුලයට හා අනෙකුත් ආදිකල්පිත ව්‍යුහයන්ට හා සංකල්පවාදයන්ට බලපෑ අධිතීරක සාධක ලෙස ක්‍රියාත්මක වුණු සමාජ පන්තීන්වල විකාශනයේ ප්‍රතිපලයක් තමයි මේ වගේ දුරාචාර කැෂිනෝ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ස්ථානගත වන්නේ.
19 වන සියවසේදී සිය ධනය ගොඩගසාගත් ධනේශ්වර පවුල් 20 වන සියවසේ දේශපාලනය තුළ ආධිපත්‍යය දැරුවේ කොහොමද කෙසේද යන්න අපි විවරණය කරගත යුතුයි.
ධනේශ්වරය ස්වාධීන හා යටත්විජිත විරෝධී හා පන්තියක් වුණාද?
එහෙම නැත්නම් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව පොදු ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන නමුත් අධිරාජ්‍යවාදීන්ගෙන් යැපුණු අධිරාජ්‍යව්දීන්ගේ අනුග්‍රහය ලබපු ධනේශ්වර සමාජ පන්තියක් අපට උරුමයි.
සහයෝගීතාවය කොහොමද වුණේ දේශපාලන අර්ථකතනයෙන් ගත්තම කොහොමද ලංකාවේ බෞද්ධකම ප්‍රයෝජනයට ගත්තේ මේ සියල්ලක් අප තේරුම්ගත යුතුයි.
කොහොම වෙතත් ඒ අය ලංකාවේ ජාතික වීරයින් බවට පත්වුණා.
ඇත්තටම සමාජ දේරා්හීන් විය යුතු අය සමාජ වීරයින් බවට පත් වුණේ අමද්‍ය ව්‍යාපාරය මගින්.
මේ පන්තිය නැත්නම් ලුම්පන් ධනේශ්වරය පිළිබඳව අපි සොයා බැලිය යුතුයි.
ලංකා ඉතිහාසයේ ජාතික ලේඛනාගාරයේ හා කොළඹ කෞතුගාර පුස්තකාලයේ තිබෙන අභිලේඛන පුවත්පත් හා සගරා බි්‍රතාන්‍ය පුස්තකාලයේ හා නිව්යෝක් මහජන පුස්තකාලයේ තිබෙන පොත් හා අභිලේඛන තුළින් මේ සමාජ ඉතිහාසයේ මේ පවුල්වල වගතුග දැනගන්න පුළුවන්.
ඒ ඇතැම් සමහර කරුණු විවාදාත්මකයි.
අභිලේඛන මූලාශ්‍ර තුළින් කටවචනයෙන් එන ඉතිහාසය සනාථ වෙන ඇතැම් කරුණු තියෙනවා.
ඇතැම් ශාස්ත්‍රඥයින් ලියා තිබෙන ලේඛනත් තියෙනවා.
ධනේශවරයින් පිළිබඳ ලියැවුණු නොයෙකුත් පවුල් ඉතිහාස කෘතිවල චරිතකතා වෙනත් ලිපිවලින් උපුටාගෙන ලංකාවේ ධනේශ්වර පන්තියේ ඈත මෑත යුගය විවරණය කරන්න මේ ලිපි පෙළ ආරම්භයක් පමණයි.
කොහොම හරි ලංකාවේ 19 වන සියවසේ මුහුදුබඩ පළාත්වල අරක්කු කර්මාන්තය ආරම්භ වෙනවා.
වර්ෂ කියනවා නම් 1796 – 1833 අතර කාල පරිච්ඡේදය කියල පෙන්වා දෙන්න පුළුවන්.
ශ්‍රී ලාංකික වෙළෙඳුන්ට නොකඩවා වර්ධනය වීමට තිබූ අවස්ථා සීමාසහිත වුණා.
නමුත් අරක්කු කර්මාන්තය තුළ වාසනාව පිවිසීමේ කදිම දොරටුවක් ඒ කාල පරිච්ඡේදවලදී මතු වුණා.
එම වාසනා දොරටුව 19 වන සියවසේ මුල්භාගය තුළ දී දේශීය ප්‍රාග්ධන සමුච්චියේ වැදගත් උල්පතක් බවට පත් වුණා.
අරක්කු පෙරීම, තොග වෙළෙඳාම සහ සිල්ලර වෙළෙඳාම අංශයන් හි යෙදෙනු වෙළෙන්දන්ට හා මහත් ලාභ ලැබීමේ ව්‍යාපාරයක් බවට මේ අරක්කු කර්මාන්තය පත් වුණා.
සිල්ලර වෙළෙඳාම ලාභ උපයන මාවතක් බවට පත්වුණා.
කොහොම වෙතත් කිසිම අවධානයකින් තොරව මේ අරක්කු වෙළෙඳාමේ යෙදුනු පිරිස 1830ට පෙර තම ව්‍යාපාරවලට හොඳ ශක්තිමත් පදනමක් ගොඩනගාගෙන තිබුණා.
ඒ වාසිදායක තත්ත්වය ඔවුන් පවිච්චි කළා අමද්‍යප ව්‍යාපාරය සඳහා.
ඔවුන් මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් අරක්කු පෙරීමේ කර්මාන්තයේ ප්‍රමුඛයන් වී සිටියදී තවත් පැත්තකින් අමාද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් සමාජයේ යහපත් පුරවැසියන් සේ ප්‍රදර්ශනය වුණා.
ඒ තත්ත්වය එදත් එහෙමයි අදත් එහෙමයි.
දේශීය ධනේශ්වර පංතියේ පදනම වැටුණු ඒ යුගයේදී ඇත්තටම වර්තමානය වන විට එය අංගසම්පුර්ණ වී ඒ ආශ්‍රිත කර්මාන්තවලින් දුරාචාර ව්‍යාපාරය තුළින් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වුණ බහුතරයක් ඉන්නවා.
එයින් කැෂිනෝ ව්‍යාපාරයේ ප්‍රධානියෙක් වන්නේ කැෂිනෝ ධම්මික පෙරේරායි.
අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
පොල්මලේ සාරය පෙරීම මත පදනම් වූ අරක්කු කර්මාන්තය ලංකාවේ මහජනතාවට වස විස පෙවීමේ දුරාචාර ව්‍යාපාරයක් වශයෙන් මතු කිරීමට එදා හිටපු බහුතරයක් කැපවීමෙන් චේතනාත්මකව ක්‍රියාත්මක වුණාද කියන ගැටලුවක් මතුවෙන සුළුයි.
දකුණු දිග හා බටහිර දිග මුහුදු තීරයේ පොල් මනාව වැවුණු කර්මාන්තයක්.
මෙම කර්මාන්තය ගෙන යනු ලැබුවේ යටත් විජිත බලවතුන්ගේ පාලනයට යටත්වයි.
ආණ්ඩුවේ මැදිහත්ව වඩාත් හොඳින් විද්‍යාමාන වූයේ ලාබ ලබන සිල්ලර අංශය තුළින්.
මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඔබ වෙත ඉදිරි ලේඛනවලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
බහුකුල පංති හැඩගැසුණෙත් මේ සමාජ රටාව තුළින් පසුකාලීනව.
කොහොම හරි අරක්කු වෙළෙඳාම තුළ ඒ දුරාචාර ව්‍යාපාර දුරාවලියේ ප්‍රතිඵලයක් තමයි ලංකාවේ කැෂිනෝ මාෆියාව.
කැෂිනෝ කලාපයක් මත සූදු හා ඔට්ටු ඇල්ලීමට අමතර ලෙස මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ගණිකා සේවනය ආදී සමස්ත වැරදි සමාජ සමූහයන් සිදුවෙන භූමියක්.
ලෝකයේ බොහෝ රටවල් තම රටතුළ හුදකලා ස්ථාන කැෂිනෝ කලාප ඉදිකිරීම සඳහා භාවිතයට ගෙන තිබෙන බව ඒ පිළිබඳව ලෝකයේ තිබෙන කැෂිනෝ ව්‍යාපාර ආශ්‍රිතව සොයා බැලීමේදී නිරීක්ෂණය කිරීමේදි පැහැදිලි වෙනවා.
මේ සඳහා දිය හැකි ඉතා ළගම උදාහරණය සිංගප්පූරුව කියල කියන්න පුළුවන්.
සිංගප්පූරුවේ රිසෝල්ට් වර්ල්ඩ් සෙන්තෝසා දිවයින ඒ සඳහා නම් කරන්න පුළුවන්.
මේ කුඩා දිවයින මිනිසාගේම නිර්මිතයක්.
ඒ කැෂිනෝ සඳහා අවශ්‍ය සියලුම තත්ත්ව සම්පූර්ණ කළ අංගසම්පූර්ණ කලාපයක්.
ලංකාවටත් කැෂිනෝ යැයි කියමින් බොහෝ දෙනෙක් මේ වන විට නින්දෙන් අවදි වී නන් දොඩවමින් ඉන්නවා.
ඒ කියන්නේ කැෂිනෝ නියාමනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මේ වන විට ලහි ලහියේ ක්‍රියා කරමින් ඉන්නවා.
ලංකාවට කැෂිනෝ ඔට්ටු සහ සූදු වැන්නන් සීමාව පැවතිනු බොහෝ දේවල් මග හැරුණා.
තවමත් ඩී. ආර්. විජේවර්ධන මාවතේ කැෂිනෝ කලාපය යතාර්ථයක් වෙලා නැහැ.
ලංකාව තුළ බලපත් ලාභී කැෂිනෝ ව්‍යාපාර දහයක් විතර 2013 වන විට තිබුණා.
ලංකාවේ කොළඹ අගනුවර කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ කැෂිනෝ ව්‍යාපාර අතර බැලෙස් කලම්බු ස්ටාර් ඩස්ට් බිලාජියෝ, එම්ජීම් කැෂිනෝ වැනි ආයතන වලින් බහුතරයක් ධම්මික පෙරේරාට අයත්.
එම කැෂිනෝ ජාලය තුළ සිදුවුණු බොහෝ මැරකම්, ගණිකා වෘත්තීය සේවා හා තවත් බොහෝ දේවල් තිබෙනවා.
අද දවස වන විට ඒ කැෂිනෝ ක්ලබ්වලින් බොහෝ ආයතන වැසීගොස් තිබෙනවා.
හේතුව කැෂිනෝ මාෆියාව සහා විශාල බද්දක් රජය විසින් එක් කිරීම.
විදේශීය සංචාරකයින්ට ලංකාවේ කැෂිනෝ ව්‍යාපාරය එක් පැත්තකින් හොඳක් වෙන්න පුළුවන්.
කොළඹ කේන්ද්‍රීය ධනවතුන්ටත් ගැටලුවක් නැහැ.
එම ධනවතුන් අතරත් ඇමතිවරුන්, ඇමති පුතුන් මේ ක්ලබ්වල පදිංචිව ඉන්නව කිව්වොත් වඩාත් නිවැරදියි.
එය බොහෝ වෙලාවට සිදුවන්නේ ඔවුන්ගේ ඇතැම් දුරාචාර ක්‍රියාකාරකම් සඳහා.
2010 කැෂිනෝ නියාමන පනතට අනුව කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවත කැෂිනෝ කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන්න කටයුතු කෙරුණා.
කැෂිනෝවලට විරුද්ධව හඬ නැගූ ආණ්ඩුවේම දේශප්‍රේමී ගෝලයන් බොහෝ දෙනකු කැෂිනෝ එම පනතට අනුකූලව වැඩ කළා යැයි කීවොත් වඩාත් නිවැරදියි.
දැන් දැන් බොහෝ වෙලාවට ලංකාවේ කැෂිනෝ මාෆියාව විධිමත් නියාමනයකට ලක් කරන්න රනිල් වික්‍රමසිංහගේ රජය ක්‍රියාකරගෙන යනවා.
එය හොඳ ක්‍රියාවක්.
කැෂිනෝ නියමිත ව්‍යුහයක් හා නීති පද්ධතියක් මත පාලනය කරමින් පවත්වාගෙන යෑම රටකට විශාල ආර්ථික ශක්තියක් ජනනය කරනවා යැයි කීම නිවැරදියි.
ඩොලර් නැති මේ මොහොතේ ශ්‍රී ලංකා ආර්ථිකයට එය පළදායි කරගන්නවා නම් වඩාත් යහපත්.
ඒ සඳහා ප්‍රායෝගික උදාහරණ ඕන තරම් තියෙනවා.
කොහොම වෙතත් මාෆියා වානිජ මෙහෙයුම් සඳහා කැෂිනෝ ව්‍යාපාරය පෙරවදනක් හෝ මෙවලමක් කරගැනීමට අවකාශය නොවීය යුතු පරිසරයක් නියාමනය තුළින් වර්ධනය විය යුතුයි.
මේ පිළිබඳව ඉදිරි ලේඛනවලින් තවදුරටත් කරුණු ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා.
එය ඓතිහාසික සමාජ වපසරිය තුළ සිට ලංකාවේ දූෂිත දුරාචාර ව්‍යාපාරික ප්‍රජාවක් සංවර්ධනය වීම දක්වා ඉදිරි ලිපිවලින් තොරතුරු හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.
වඩාත්ම ගැටලුව වී ඇත්තේ ඒ දුරාචාර ව්‍යාපාරික කැෂිනෝ මාෆියාවන්ගේ හිමිකරුවන් තුළින් මේ රට පාලනයට මේ රට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට මැදිහත් වීමයි.
ඒ නිසා මේ පිළිබඳව ගැඹුරින් ඉදිරි විග්‍රහයන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි