5 කොටස
ශිරානි තිලකවර්ධන විනිශ්චයකාරතුමිය විසින් ට්‍රිලියම් නීති කෘත්‍යයන්ට අදාළව පවත්වන ලද පරීක්ෂණයන්හි දී බරපතල වංචාවක් හා විෂමතාවයන් පිළිබඳව සැකයට ලක් වූ ට්‍රිලියම් රෙසිඩන්සීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජනක රත්නායක මහතා කිට්ටු සබඳතාවයක් ඇති කර ගනිමින් ඔහුගෙන් මිලියන 1.6ක මුදලක් වට්ටමක් ලෙස ලබාගනිමින් මෙම ගනුදෙනුවේදී අග්‍රවිනිශ්චයකාරතුමිය යෙදී ඇති ක්‍රියාකාලපයත් ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 05 දෙනෙක්ගෙන් යුත් විනිශ්චය මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කිරීමට කරන ලද ඉල්ලීම පිළිබඳව නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් තමා වෙනත් පරිබාහිර විනිශ්චයකරුවන් දෙදෙනකු සමග නීති කෘත්‍යය ඇසීමට තීරණය කොට වසර 1 1/2ක් තිස්සේ දැඩි කැපවීමකින් කටයුතු කළ ශිරානි තිලකවර්ධන මහත්මි්ය මෙම නීති කෘත්‍ය ඇසීමෙන් ඉවත් කිරීම සංවිධානාත්මකව හා යම් අරමුණක් සහිතවසිදු කළ බව මෙම කමිටුව නිගමනය කරයි. තමා කිසිවිටකත් ස්වෙච්ඡාවනේ මෙම නීති කෘත්‍යයන් විනිශ්චය කිරීමෙන් ඉවත් නොවූ බවත්, එම නීති කාත්‍යයන්ගෙන් ඇය ඉවත් කර ඇති බව දැන ගැනීමෙන් තමන් විමතියට පත් වූ බවක් ඇය කියා සිටියාය. විශේෂයෙන්ම ජනක රත්නායක මහතා සාක්ෂි දෙන අවස්ථාවේ දී කමිටු සාමාජිකයෙකු විසින් පවසන ලද පහත සඳහන් ප්‍රශ්නවලට ඔහු කිසිදු උත්තරයක් ලබාදීමෙන් වැලකීවෙන් ඒ බව තරයේම තහවුරු කරයි.
“එකී ප්‍රශ්න සහ පිළිතුරු සඳහන් ඡේද පහත සඳහන් පරිදි වේ.”
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : ඔබ එතුමියට ලක්ෂ 16කDiscount එකක් දුන්නායින් පස්සේ ඔබ හිතුවේ නැද්ද, ඒක සදාචාරාත්මක නැහැ කියල. ඔබ හිතුවේ නැද්ද, එතුමියගෙන් බැහැරව ඒ නඩුව ගන්නා ඕනෑ කියල. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට නීතිඥවරුන්ට උපදෙස් දුන්නේ නැද්ද? ඔබතුමා ක්‍යසැf න්‍මිඑසජැ ගේ නම කියපු හින්දා ඍිග 1ග6 ඵසකකසදබ ාසිජදමබඑ එකක් දෙනවා.
ගරු විමල් වීරවංශ මහතා : එහෙම හිතාගෙන දන්නාද?
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : යම් favor එකක් ගන්න බලාපොරොත්ුවෙන් දුන්නු එකක්නේ. Chief Justice එක්ක හොඳින් හිටියොත් අපට මොකක් හරි ගනුදෙනුවක් කරන්න පුළුවන්” කියල ඔබතුමාගේ යටි හිතේ හරි එවැනි අදහසක් තිබෙන්න ඇති නේද?
ජනක රත්නායක මහතා : උත්තරයක් නැහැ.
ගරු විමල් වීරවංශ මහතා : නැත්නම් කාරියවසම් මහතා එහෙම යෝජනාවක් කළාද?
ජනක රත්නායක මහතා : උත්තර නැත No answer
කමිටු සාමාජිකයෙකු විසින් අසල ලද ප්‍රශ්නයකට ඔහු ලබාදුන් පහත දැක්වෙන පිරිළිතුරුවලින් මේ බව තවදුරටත් සනාථ වේ.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : ඒ වෙලාවේ ඔබතුමා එහෙම ළග පාතක සිටියෙ නැද්ද? දැන් Chief Justice එනවා. ඔබතුමා Rs. 1.6 Million discount එකක් දීලා තිබෙනවා. ඔබතුමා හරි ආසයි, Chief Justice ට රුපියල් මිලියන 1.6ක ෘසිජදමබඑ එකක් දීලා තිබෙන කොට ඔබතුමා කිව්වෙ නැද්ද, Chief Justice මේ පැත්තේ මේවා අත්සන් කරන්න ආවොත් මටත් කතා කරන්න කියල කිව්වෙ නැද්ද ඔබතුමා? ඇත්ත කියන්න.
ජනක රත්නායක මහතා : ඒක තමයි deed එකේ මමම අත්සන දැම්මේ. (ඔප්පුව පෙන්වයි.) මේ මම මේ deed එකේ අත්සන් කරල තිබෙන්නේ. එතුමිය හම්බ වෙලා මමම තමයි අත්සන් කළේ deed එකට
ගරු නිල් සිරිපාල ද සිල්වා මහතා : ආ එතුමිය හමුබවුණා. මුණ ගැහුණා?
ජනක රත්නායක මහතා : ඔව්. මම හම්බවුණා, දෙපාරක්.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : මොනවද ඒ වෙලාවෙ සාකච්ඡා කළේ?
ජනක රත්නායක මහතා : ඒ වෙලාවේදී සාකච්ඡා කළේ, apartments ගැන කතා කළා. මම ගිහින් එතුමියට apartments එකේ යතුර භාර දීලා, එතුමිය ඔක්කොම පෙන්නුවා. මම හිතන්නේ, මේ ට්‍රිලියම් එකේ අවුරුදු හතරක් වැඩ කළාට එකම එක deed එකයි මම අත්සන් කරලා තිබෙන්නේ. මේ deed එක විතරයි.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : මේ deedඑක විතරයි?
ජනක රත්නායක මහතා : ඔව්.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා :ඔබ විශේෂත්වයක් මේ transaction එකේදී දැක්වූවා, අනෙකුත් සේවා දායකයන්ගෙන් පරිබාහිරව?
ජනක රත්නායක මහතා : ඔව්.
ගරු විමල් වීරවංශ මහතා : ඒ අයට නොදන්වන මට්ටමේ?
ජනක රත්නායක මහතා : ඒ ාැැා එක විතරයි. මම ට්‍රිලියම් එකේ අත්සන් කරල තිබෙන්නේ.
ජනක රත්නායක මහතා : ඒ වෙලාවේදී සාකච්ඡා කළේ, apartments ගැන කතා කළා. මම ගිහින් එතුමියට apartments එකේ යතුර භාර දීලා, එතුමියට ඔක්කොම පෙන්නුවා. මම හිතන්නේ, මේ ට්‍රිලියම් එකේ අවුරුදු හතරක් වැඩ කළාට එකම එක deed එකයි මම අත්සන් කරලා තිබෙන්නේ. මේ deed එක විතරයි.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා : මේ deed එක විතරයි?
ජනක රත්නායක මහතා : ඔව්.
ගරු විමල් වීරවංශ මහතා : ඒ අයට නොදන්වන මට්ටමේ?
ජනක රත්නායක මහතා : ඒ deed එක විතරයි. මම ට්‍රිලියම් එකේ අත්සන් කරල තිබෙන්නේ.
මෙම චෝදනාව පිළිබඳව නිගමනයකට පැමිණිමේදී ඉහත විස්තර කරන ලද සාක්සි විශ්ලේෂනයන් හා ඉදිරිපත් වූ කරුණු පිළිබඳවත්, විෂමාචාරය සම්බන්ධව අදාළ නීති මූලධර්මයන් පිළිබඳවත් කාරක සභාව සිය අවධානය යොමු කරන ලදී.
මෙයට අදාළ මූලධර්මයන් පිළිබඳව ඉංග්‍රීසි නීතියේ පිළිගත් නීති හා සම්ප්‍රදායන් පිළිබඳවත්, මේ පිළිබඳව ලෝකයේ රටවල් ගණනාවක ලබා දී ඇති නඩු තීන්දු පිළිබඳවත් අපගේ දැඩි අවධානය යොමු කරන ලද බව වාර්තා කරනු කැමැත්තෙමි. පරිශීලනයේ පහසුව තකා අපගේ අවධානයට යොමු වූ නඩු තීන්දු හා වෙනත් ලේඛනයන්ගෙන් උපුටා ගන්නා ලද නීතිමය කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පහත සඳහන් පරිදි ඉදිරිපත් කරමි.
“In Dimes v Proprietors of Grand Junction Canal (1852) 3 HL Car 759, 10 ER 301, the House of Lords, after consulting the judges, set aside a decision of the Lord Chancellor, Lord Cottenham, granting relief to a company in which he was a substantial shareholder. In the course of his speech Lord Campbell CJ. Said: “No one can suppose that Lord Cottenham could be, in the remotest degree, influenced by the interest he had in this concern but, my Lords, it is of the greatest importance that the maxim that no man is to be a judge in his own cause should be held sacred. And that is not to be confined to a cause in which he is a party, but applies to a cause in which he has an interest This will be a lesson to all inferior tribunals to take care not only that in their decrees they are not influenced by their personal interest but to avoid the appearance of labouring under such influence.”
In Lacabail Ltd., Bayfield pro erties Ltd. And Four Others Matters (2000) All E.R. 65 at P.70 it was stated that if a judge has a personal interest in the outcome of an issue which he is to resolve, he is improperly acting as a judge in his own cause and that such a proceeding would, without more undermine public confidence in the integrity of the administration of justice.
In England, for a long time, a person who had a pecuniary interest in the outcome of a case was regarded as disqualified to adjudicate, no matter how small the interest, Thus in R.V. Rand (1866 Lrintere 1 QB 230 at P.232) Blanburn, J. Said: “There is no doubt that ally direct pecuniary the interest, however small in the subject of inquiry does disqualify a person from acting as a judge in atter.”
Halsbury 4th Edition Vol. I para 68 states that “there is a prestunption that any direct financial interest, however small, in the matter in dispute disqualifies a person from adjudicating.
The pecuniary in terest involved in the Trillium transaction can by no means be regarded as small.
It has been noted that a judge shall disqualify himself or herself from participating in any proceedings in which the judge is unable to decide the matter impartially or in whicri it may appear to a reasonable observer that the judge is unable to decide the matter impartially.
The reasonable observer, according to the Bangalore Draft, is “a reasonable, fair-milled and informed person” who “might believe” that the judge is unable to decide the matter impartially.
It is important to draw specific reference to the expansion of the law on automatic disqualification of judges as enunciated by the House of Lords in R. v Bow Street Metropolitan Stipendiary Magistrate ex parte Pinochet Ugarte [19991 All E.R. 577)
In Pinochet, a petition had been brought by Senator Pinochet to set aside an order made by the House of Lords on 25 November 1998. It was said the links between one of the members of the Appellate Committee who heard the appeal, Lord Hoffmann, and Amnesty International (“Al”) were such as to give the appearance that he might have been biased against Senator Pinochet.
It appears that neither Senator Pinocliet nor (save to a very limited extent) his legal advisers were aware of any connection between Lord Hoffmann and Al until after the judgement was given on 25 November. Two members of the legal team recalled that they had heard rumours that Lord Hoffmann’s wife was connected with Al in some way. During the Newsnight programme on television on 25 November, an allegation to that effect was made by a speaker in Chile. On that limited information the representations made on Senator Pinochet’s behalf to the Home Secretary on 30 November drew attention tc Lady Hoffmann’s position and contained a detailed consideration of the relevant law of bias.
On 10 December 1998 Senator Pinochet lodged the present petition asking that the order of 25 November 1988 should either be set aside completely or the opinion of Lord Hoffmann should be declared to be of no effect. The sole ground relied upon was that Lord Hoffmann’s links with Al were such as to give the appearance of possible bias.
It is important to stress that Senator Pinocliet made no allegation of actual bias against Lord Hoffmann; his claim was based on the requirement that justice should be seen to be done as well as actually being done.
The evidence adduced with regard to the Trillium matter clearly establishes that the Chief Justice had a pecuniary interest in the subject matter.
The contrasting feature of this case, as distinguished from Pinochet, is that in Pinochet the House of Lords were confronted with a situation where the outcome of the litigation did not lead to financial benefit to anyone. The interest of Amnesty International in the litigation was financial; it was a broad public policy interest. However, in this case, the Chief Justice had a significant pecuniary interest in the case before her, and there was failure on her partthat interest.
There is no need to inquire into where there was likelihood of bias, the mere fact that the relationship was not disclosed, means that justice has not been seen to be done (see the observations of Lord Widgery C. J. in R. v. Altrincham Justices_ ex ante Pennfirton (1975) 1 QB 549 at P.552.
We note that the jurisprudence of the European Convention of Human Right insists that the appearance of bias, even if there is no actual bias, is sufficient to taint a decision. It has been observed that the test 01 bias is whether the fair minded and informed observer, having considered the facts. would conclude that there was a real possibility that the tribunal was biased: see Laval v Northern Shorts Ltd. (2003) UKFIL 35.
If partiality is reasonably perceived, that perception is likely to leave a sense of grievance and of injustice having been done, thereby destroying confidence in the judicial system.
It is also revant to note the effect of section 49(3) of the Judicature Act which provides that “Where any Judge who is a party or personally interested, is a Judge of the Supreme Court or the Cowl of Appeal, the action, prosecution, proceeding or matter to or in which he is a party or is interested, or in which an appeal from his judgement shall be preferred, shall be heard or determined by some other Judge or Judges of the said court.”
The conduct of the Chief Justice in this matter clearly amounts, in our view, to misbehaviour.
අග්‍රවිනිශ්චයකාර ධුරය මහජන විශ්වාසය උපරිම මට්ටමින් තිබිය යුතු තනතුරකි. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සුවිශේෂී තත්ත්වයක පැවැත්මක් අග්‍රවිනිශ්චයකාරවරයකගෙන් අපේක්ෂා කෙරේ. මෙවැනි තත්ත්වයක පැවත්මක් කිලිටිවීමක් මෙම ධුරය දරන්නෙකුට ඇතිවීම මහජන විශ්වාසය කඩවීමකට හේතුවක් බව ඔබ කමිටුව නිරීක්ෂණය කරයි. විෂම පැවැත්ම පිළිබඳ කාරණාව ඔප්පු කිරීම සඳහා මීටත් වඩා කරුණ අවශ්‍ය යැයි එබ කමිටුව විශ්වාස නොකරයි. විෂම පැවැත්මක ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රමාණන්‍ත් වඩා කරුණු ඔප්පු වී තිබෙන බව ඔබ කමිටුව නිගමනය කරයි.
චෝදනා අංක 2
අංක චෝදනනාව මෙසේය,
“ඉහත කී දේපල මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රු. 19,362,500/-ක මුදලක් එම දේපළ මිලදී ගැනීමට පෙර එම දේපළ විකුණන ලද සිටි හවුසින ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ් සහ ට්‍රිලියම් රෙසිඩන්සිස් සමාගමට ගෙවීමෙන්” ද, සිදු කරන ලද විෂම පැවැත්ම,
මේ චෝදනාව සම්බන්ධයෙන් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුතුමිය ඇගේ විත්ති වාචිකයේ සඳහන් කර ඇත්තේ රු. 19,362,500/-ක මුදල ට්‍රිලියම් මහල් නිවස මිලදී ගැනීමට කළ ප්‍රතිෂ්ඨාවේ කොටසක් බවත් රු. 19,362,500/-ක මුදල් ඇගේ සහෝදරිය විසින් ප්‍රේෂණය කරන ලද රු. 29,688,255.88ට ඇතුළත්ව ඇති බවත් එකී රු. 19,362,500/- එකී දේපළ මිලදී ගැනීමේදී විකුණුම්කරු වෙත ප්‍රේෂණය කොට ඇති බවත් එකී. රු. 19,362,500/-ක මුදල තමාට අයත් නොවන බවත්ය.
විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු මත පහත සඳහන් කරුණු කමිටුවේ අවධානයට යොමු විය.
(1) ට්‍රිලියම් මහල් නිවාසය මිලදී ගැනීමේදී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුවරිය විසින් චෙක්පතක් මගින් ප්‍රතිෂ්ඨාව ගෙවා ඇති බවත් එකී චෙක්පත උපලබ්ධි වී ඇති බවත්,
(2) අංක 895 දරන ඔප්පුව ලියා සහතික කිරීමට පෙර ගැනුම්කරුගෙන් ලබාගත් බවට ඔහු විසින් පිළිගෙන සිය නොතාරිස් සහතිකයේ සඳහන් කර ඇති බව,
(3) එකී ඔප්පුවේ නොතාරිස් සහතිකයේ මුදල් ගෙවීම් මුදලින් ලබාගත් බවට සඳහන් කර ඇති අතර විත්ති වාචක ප්‍රකාශනයේ සඳහන් වන්නේ චෙක්පත්වලින් ගෙවූ බව වන අතර, ආචාර්ය එස්. ඒ. බණ්ඩාරනායක ගරු අගවිනිසුරුවරිය විසින් මෙම පරස්පර විරෝධී තත්ත්වය සම්බන්ධයෙන් කමිටුව සෑහීමකට පත් වන පරිදි කරුණු දැක්වීමට අපොහොසත් වූ බව.
(4) අගවිනිසුරුවරිය විසින් එකී වෙනස සහ මිල ගෙවූ ආකාරය චෙක්පතක් මගින්ද මුදලින්ද යන පරස්පර විරෝධතාවය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සාක්ෂි කිසිව්ක ඉදිරිපත් නොකළ අතර එකී රු. 19,362,500/-ක මුදල ඇත්ත වශයෙන්ම ගෙවන ලද්දේද නැද්ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වී ඇත. මෙම කරුණ වැඩිදුර විමර්ශනය සඳහා බලධාරින් වෙත යොමු කළ යුතුව ඇත.
(5) සත්‍ය වශයෙන් මිලදී ගත් දින වන 2012.07.20 ට බොහෝ කාලයක පෙර සිට එනම් 2008.03.28 තරම් පසු කලක සිට විවිධ මුදල් ලැබීම් පිළිබඳව සාක්ෂි ඇති අතර එලෙස අගවිනිසුරුවරියගේ ගිණුම්වලටඅදාල දේපළ මිලදී ගත් දිනට පසුවද මුදල් පේෂණය වී ඇති අතර ඒවා විමර්ශනයක් සඳහා යොමු කළ යුතු වේ.
කෙසේ වෙතත් කමිටුව වෙත දැනට ඉදිරිපත් වී ඇති කරුණු අංක 02 චෝදනාවේ සඳහන් වරද ස්ථාපනය කිරීම සඳහා ප්‍රමාණවත් බවට සෑහීමකට පත් නොවේ.
03 වන චෝදනාව
- එන්ඩීබී බැංකුවේ කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 10001014772 යන ගිනුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 34ක් පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදියයුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීම,
අගවිනිශ්චයකාරවරිය විසින් ඉදිරිපත් කර ඇති ඇයගේ විත්තිවාචකය පිළිබඳ ලිඛිත ප්‍රකාශයේ 8 (1) ඡේදයේ 3 වන චෝදනාවේ දක්වා ඇති වාර්ෂික වත්කම් හා බැරකම් කුමක්ද යන්න විමසා ඇත.
එහෙත් පසුව අග්‍රවිනිශ්චයකාරවරිය විසින් එම fාච්දනාවට පිළිතුරු සපයා ඇත. එකී චෝදනාවට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශකර සිටින්නේ රුපියල් මිලියන 34ක විදේශීය මුදල් ඇයගේ ගිනුමට ලැබී නොමැති බවත්, එහෙත් ඇයගේ සොහොයුරිය විසින් රුපියල් 29,688,225.38ක මුදලකට සමාන මුදලක් ඔස්ටේ්‍රලියාවේ සිට ට්‍රිලියම් නිවාසවලින් නිවසක් මිලදී ගැනීම සඳහා එවූ බවයි. තවද එම මුදල අග්‍රවිනිශ්චයකාරවරිය සතු මුදලක් නොවන බවත් ඇය ප්‍රකාශ කර ඇත. තවදු, ඉහත කී නිවස මිලදී ගැනීමෙන් පසු ඉතිරි වූ රුපියල් ලක්ෂ 8ක මුදලක් තම දෙමාපියන් වෙනුවෙන් දානයක් දීම සඳහා තබාගන්නා ලෙසට තම සහෝදරිය උපදෙස් දුන් බවත් ඇය ප්‍රකාශ කර ඇත.
තවද, අග්‍රවිනිශ්චයකාරවරිය තම විත්තිවාචකයේ ප්‍රකාශ කර ඇත්තේ 31.03.2012 වන දිනට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ රුපියල් 10,061,819.31ක මුදලක් අග්‍රවිනිශ්චයකාරවරිය විසින් තම සහෝදරිය වෙනුවෙන් නිවසක් මිලදී ගැනීම සඳහා තබාගෙන සිටින බව දන්වා ඇති බවත්ය.
එන්ඩීබී බැංකුව විසින් මෙම කාරක සභාව වෙත ලබාදී ඇති අග්‍රවිනිශ්චයකාරවරියගේ ගිනුම්වලට අනුව වගඋත්තරකාරියගේ සහෝදරිය විසින් ඔස්ටේ්‍රලියාවේ සිට අග්‍රවිනිශ්චයකාරවරියගේ ගනුම්වලට විදේශීය මුදල් එවා ඇති බව පෙනේ.
කෙසේ වෙතත්, එකී ගිනුම් පිළිබඳව සියුම්ව සලකා බැලීමේදී පෙනී යන කරුණක් වනුයේ අග්‍රවිනිශ්චයකාරවරිය වෙත ලැබුණ ඉහත කී විදේශීය මුදල් ඇය විසින් ආයෝජනය කර ඇති බවයි. කෙසේ වෙතත්, අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ට්‍රිලියම් නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවා ඇති බව මෙම කාරක සභාව ඉදිරියේ ඉදිරිපත් වූ ලේඛන හා සාක්ෂිවලින් පැහැදිලි විය.
අග්‍රවිනිශ්චයකාරවරිය තම සහෝදරිය විසින් එවන ලද විදේශීය මුදල් ආයෝජනය කිරීම කර ඇති බව ඇයගේ බැංකු ගිනුම් ප්‍රකාශවලින් පෙනී යන හෙයින්, එම මුදල් අග්‍රවිනිශ්චයකාරවරියගේ ප්‍රයෝජනයට ගෙන ඇති අවස්ථාවක එම මුදල් වෙනත් අයෙකු වෙනුවෙන් දරන බව හෙළි කිරීමට අග්‍රවිනිශ්චයකාරවරිය අපොහොසත්ව ඇත. එකී හෙළි කිරීමට අපොහොසත්වීම ඇය විසින් වර්ෂ 31.03.2012 දිනට අදාළව ලබාදී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශයේ දක්වා ඇති ඇයගේ සහෝදරියට අයත් යැයි කියනු ලබන මුදලට අමතරව ඇති මුදලක් වේ. එනම් ඇය විසින් මුල් අවස්ථාවල නිවස මිලදී ගැනීමට කරන ලද ගෙවීම්වලට සම්බන්ධ මුදල්වලට අදාළ වන්නේය. එවැනි තත්ත්වයක් යටතේ අග්‍රවිනිශ්චයකාරවරිය විසින් වර්ෂ 1988 අංක 74 දන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ ඉදිරිපත් කළ යුතු වත්කම් හා බැරකම් ප්‍රකාශවල ඇය විසින් තම සහෝදරිය වෙනුවෙන් මුදල් දරා සිටින බව දන්වා සිටියද, අග්‍රවිනිශ්චයකාරවරිය කියන ආකාරයට ඇයගේ සහෝදරිය විසින් එවන ලද මුදල් ආයෝජනය කිරීමෙන් ඇය ලබාගත් පොලී මුදල් පිළිබඳව ඇය කිසිවක් සඳහන් කර නොමැත.
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළ හැකිව තිබුණේ, අග්‍රවිනිශ්චයකාරවරිය වේ. එහෙත්, ඇය මෙම ස්ථාවර කමිටුව ඉදිරියේ සාක්ෂි නොදීම හේතුවෙන් එකී චෝදනාව පිළිබඳව අවශ්‍ය කරුණු දැනගැනීමට මෙම කමිටුවට නොහැකි විය. එබැවින් එකී චෝදනාව සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට මෙම කමිටුවට හැකියාවක් නොවීය.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න
පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි