ශ්‍රී ලංකාවේ වෙලද පොලේ මේ දිනවල මිරිස්‌ කුඩු වලට පිටි, ලුණු හා වර්ණක එක්කර විකිණීම සිදු කරන අවස්ථා දක්නට ලැබේ . මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්‌ විසින්‌ එම කූට ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක්‌ ගොනුකර ඇති අතර මේ වන විටත්‌ සැලකිය යුතු සංඛ්‍යාවක්‌ වරද කරුවන්‌ බව ගරු අධිකරණය විසින්‌ තීන්දු ලබාදී තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්‌. ඩී -රෝෂන්‌ කුමාර මහතා පවසයි.එමෙන්ම තක්කාලි සොස්‌ වර්ග බොහොමයකට වර්ණක එක්කර ඇති අවස්ථා හමුවී ඇත. මෙහි වඩාත්ම කණගාටුදායක කරුණ වන්නේ සමහර “කේටරින්‌ තක්කාලි සොස්‌” වර්ග වල තක්කාලි සුළු වශයෙන්වත්‌ අඩංගු නොවන අවස්ථාද වාර්තා වී තිබීමයි. එබැවින්‌ දීප්තිමත්‌ වර්ණ සහිත ගා කැටිති ආකාරයේ තක්කාලි සොස්‌ වර්ග භාවිත නොකරන්නැයි රොෂාන්‌ කුමාර මහතා මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී. මේ අතර අධික ලාභ ලැබීමේ අරමුණින්‌ සුදු සීනි වලට වර්ණක යොදා රතු සීනි ලෙස අලෙවිකිරීමද ශ්‍රී ලංකාවේ වෙලදපොලේ මේ දිනවල බහුලව සිදුවන බවද රොෂාන්‌ මහතා පෙන්වා දෙයි. මෙගි දැඩි අවධානය යොමු කල යුතු කරුණ වන්නේ යෙදිය හැකි උපරිමයද ඉක්මවා වර්ණක යෙදූ සීනි වෙළඳ පොලෙන්‌ හමුවන බවයි. මේ සම්බන්ධයෙන්‌ අදාල පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා තිබේ. මේ නඩු අතරින්‌ කිහිපයක්‌ මේ වන විටත්‌ විභාග වෙමින්‌ පවතින බවද ඒ මහතා අනාවරණ කලේ “අලුත්‌ සුව පුවත්‌ “ සමග විශේෂ සාකච්ජාවට එක්‌ වෙමිනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න