ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. ප්‍රංශ, රුසියන්,චීන, ස්පාඤ්ඤ , ඉංග්‍රීසි, අරාබි එම ජාත්‍යන්තර භාෂා 06ය.ලෝකයේ වැඩිම ජනතාවක් කතා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ. එංගලන්ත යටත් විජිතවල රාජ්‍ය නායකත්වයට පත් වීමට ඉඩ දෙන්නේ ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව පමණක් දන්නා අයටය. ප්‍රංශය, රුසියාව, චීනය වැනි රටවල් ඉංග්‍රීසියෙන් වැඩකටයුතු නොකරයි. ජාත්‍යන්තර භාෂා කිහිපයක් දන්නා අයෙකුට එකී රටවල ජනතාව සමග සෘජුව සම්බන්ධතා පවත්වා ගත හැකිය.පරිවර්තනයක් නොමැතිව එකී සම්බන්ධතාවය පවත්වා ගැනීම රාජ්‍ය නායකයාට වැදගත් වෙයි. ආයොජකයන් ගෙන්වා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අලෙවි කිරීමටත් පුළුල් අවස්ථා ලබා ගත හැකිය. එංගලන්තයේ යටත් විජිත ලෙස පැවති ශ්‍රී ලංකාව වැනි රටවල ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වීමෙන් ආය්නෙක් ජාත්‍යන්තර භාෂා 5 කතා කරන රටවල ආයෝජකයන් පැමිණීම සීමාකර දියුණු වෙමින් පවතින රටවල ලැයිස්තුවේ තබා ගත හැකිය. 1948 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව පමණක් දන්නා අයයි. ජාත්‍යන්තර භාෂා 3ක් හෝ ඊට වඩා වැඩි ජාත්‍යන්තර භාෂා සංඛ්‍යාවක් දන්නා අයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් දියුණු රටවල් වැඩි සංඛ්‍යාවකින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබේ. එවැනි අයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වුවහොත් ජාත්‍යන්තර භාෂා 3ක් ඉගෙනීම අනිවාර්ය කිරීමේ පාසල් විෂය නිර්දේශයක් පවා අනුමත කර ගත හැකිය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න