2 කොටස
ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයාකාර පදවියෙන් ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමාට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා, 2012 නොවැම්බර් මස 06 වැනි දින න්‍යාය පත්‍රයේ ඇතුළත් කර ඇති යෝජනාවේ යොමුව දක්වා ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද විශේෂ කාරක සභාව, 2012 නොවැම්බර් මස 06 වැනි දින, න්‍යාය පත්‍රයේ ඇතුළත් යෝජනාවේ යොමුව දක්වා ඇති චෝදනා සලකා බලන ලද අතර, මෙහි පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරනු කැමැත්තේය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවට අනුකූලව, ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩානායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමාට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා, මෙහි පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනා විසින් 78අ ස්ථාවර නියෝගය යටතේ අත්සන් කරන්නට යෙදුණු යෝජනාව, 2012 නොවැම්බර් මස 06 වැනි දිනැති න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරන ලදී.
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
ගරු පලනි දිගම්බරම් මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
ගරු වී. එස්. රාධක්‍රිස්නන් මහතා
ගරු එස්. බී. දිසානායක මහතා
ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා
ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා
ගරු වීරකුමාර දිසානායක මහතා
ගරු ගීතාංජන ගුණවර්ධන මහතා
ගරු මහින්ද අමරවීර මහතා
ගරු මුත්තු සිවලිංගම් මහතා
ගරු ලසන්ත අලගියවන්න මහතා
ගරු සනත් ජයසූරිය මහතා
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
ගරු ජගත් බාලසූරිය මහතා
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා
ගරු ඩලස් අලහප්පෙරුම මහතා
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
ගරුපවිත්‍රාදේවී වන්නිආරච්චි මහතා
ගරු ඩුලිප් විජේසේකර මහතා
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
ගරු මාලනී ෆොන්සේකා මහත්මිය
ගරු දයාශ්‍රිත තිසේරා මහතා
ගරු විනායගමූර්ති මුරලිදරන් මහතා
ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා
ගරු ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා
ගරු එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා
ගරු බන්දුල ගුණවර්ධන මහතා
ගරු නිර්මල කොතලාවල මහතා
ගරු විජිත බේරුගොඩ මහතා
ගරු ජානක වක්කුඹුර මහතා
ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා
ගරු ලලිත් දිසානායක මහතා
ගරු විජය දහනායක මහතා
ගරු සරණ ගුණවර්ධන මහතා
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
ගරු අචල ජගොඩගේ මහතා
ගරු සාලින්ද දිසානායක මහතා
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
ගරු කමලා රණතුංග මෙනෙවිය
ගරු ජයරත්න හේරත් මහතා
ගරු රෝහණ දිසානායක මහතා
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
ගරු ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතා
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
ගරු ශාන්ත බණ්ඩාර මහතා
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
ගරු වික්ටර් ඇන්ටනි මහතා
ගරු සරත් කුමාර ගුණරත්න මහතා
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
ගරු මනුෂ නානායක්කාර මහතා
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා
ගරු ලොහාන් රත්වත්තේ මහතා
ගරු හුනෙයිස් ෆාරුක් මහතා
ගරු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය
ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
ගරු පියංකර ජයරත්න මහතා
ගරු හේමාල් ගුණසේකර මහතා
ගරු තේනුක විදානගමගේ මහතා
ගරු කුමාර වෙල්ගම මහතා
ගරු ජානක බණ්ඩාර මහතා
ගරු විදුර වික්‍රමනායක මහතා
ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා
ගරු රුවන් රණතුංග මහතා
ගරු ෆීලික්ස් පෙරේරා මහතා
ගරු තාරානාත් බස්නායක මහතා
ගරු (වෛද ්‍ය) රෝහණ පුෂ්පකුමාර මහතා
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
ගරු සනී රෝහන කොඩිතුවක්කු මහතා
ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා
ගරු සී. බී. රත්නායක මහතා
ගරු දුමින්ද දිසානායක මහතා
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
ගරු ගාමිණී විජිත් විජිතමුණි ද සොයිසා මහතා
ගරු පී. දයාරත්න මහතා
ගරු තිලංග සුමතිපාල මහතා
ගරු ගාමිණී ලොකුගේ මහතා
ගරු අර්ල් ගුණසේකර මහතා
ගරු සී. ඒ සූරියආරච්චි මහතා
ගරු උදිත් ලොකුබණ්ඩාර මහතා
ගරු වී. කේ. ඉන්දික මහතා
ගරු ටී. බී. ඒකනායක මහතා
ගරු පී. පියසේන මහතා
ගරු ගුණරත්න වීරකෝන් මහතා
ගරු ඒ. එම්. චාමික බුද්ධදාස මහතා
ගරු සිරිපාල ගම්ලත් මහතා
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා
ගරු තිස්ස කරලියද්ද මහතා
ගරු ප්‍රභා ගනේෂන් මහතා
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
ගරු ජීවන් කුමාරතුංග මහතා
ගරු රංජිත් සියඹලාපිටිය මහතා
ගරු එස්. බී. නාවින්න මහතා
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
ගරු සජින් ද වාස් ගුණවර්ධන මහතා
ගරු ජේ. ආර්. පී. සූරියප්පේරුම මහතා
ගරු ශෙහාන් සේමසිංහ මහතා
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
ගරු දිළුම් අමුණුගම මහතා
ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා
ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා
ගරු රොෂාන් රණසිංහ මහතා
ගරු නිමල් විජේසිංහ මහතා
ගරු එස්. සි. මුතුකුමාරණ මහතා
ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි
ගරු පෙරුමාල් රාජදුරයි මහතා
ගරු සිල්වෙස්ත්‍රි අලාන්ටින් මහතා
ගරු නිරූපමා රාජපක්ෂ මහත්මිය
ගරු වයි. ජි. පද්මසිරි මහතා
ගරු නවීන් දිසානායක මහතා
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා
ගරු බෂිර් සේගු ඩාවුඩ් මහතා
ගරු එච්. එම්. එම්. හරිස් මහතා – ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ධුරයෙන් ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිනිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් වූයේ මෙසේය.

  1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේජ්මන්ට්, ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි සහ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරැන්ටි කම්පැණි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත්කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන ඒම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කිරිමන් එම නඩුවල විෂයය වස්තුවක් වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපල සමාගම නින් හැඳින්වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැණි ලිමිටඩ් සහ සෙලින්කෝ කොනඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ට්‍රිලියම් රෙසිඩන්සිස් නමින් හඳඅුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරණ ස්ථානයේ පිහිටි, ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරණ නඩුවේ දේපල ලැයිස්තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2සී/එෆ්2/පී4 සහ වරිපනම් අංක 153/1-2/4 දරණ නිවස, ඔස්ටේ්‍රලියාවේ, බටහිර ඔස්ටේ්‍රලියාවේ 6016හි, මවුන්ට් හෝතොර්න් හි, එජිනා වීදියේ, අංක 127 දරණ ස්ථානයේ පදිංචි රේණුකා නිරංජලී බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී.අ රෝසි පෙරේරාගේ අංක 823 දරණ විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගී කරගෙන රේණුකා නිරංජලී බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්ද,
  2. ඉහත කී දේපල මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500ක මුදලක් එම දේපල මිලදී ගැනීමට පෙර එම දේපල විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැණි ලිමිටඩ් සහ ට්‍රිලිම් රෙසිඩන්සිස් සමාගමට මුදලින් ගෙවීමෙන් ද,
  3. එන්ඩීබී බැංකුවේ, කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 34ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳන් නොකිරීමෙන්ද,
  4. ඉහත කී එන්ඩීබී බැංකු හාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරණ ගිණුම් නවයක් ඇතුළව විවිධ බැකංුවල බැංකු ගිණුඅම් විස්සකට අධික සංක්‍යාවක් පවතවාගෙන යමින්. එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද,
  5. දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ පිළිභඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ / හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණ සුරාජ් කාරියවසම් මහතා සැකකරුවෙකු වන හෙයින්ද,
    ඉහත කී අල්ලස් හෝ දුෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ(2) ව්‍යවස්ථාව අනුව එකී ගරු (ආචාර්ය) අපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්ද,
    එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා. රෙජිස්ටර් සහ වෙනත් ලේඛන පරීක්ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(3) ව්‍යවස්ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්ද,
    ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනාවලට අදාල නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය නුසුදුස්සෙකු වන හෙයින්ද, අග්‍ර විනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉෂ්ට කිරීම සඳහා බාධාවක් වීම සහ යුක්තිය පසිඳලීම් පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද,

තවත් කොටසක් හෙට බලාපොරොත්තු වන්න

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න