ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය දෙන්නේ ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින්ගේ බලපෑමත්, ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසීන් අනෙක් ජාත්‍යන්තර භාෂා 5 නොදන්නාකමත්, 1815 සිට එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කිරීමත්ය.

වර්ෂ 1948 සිට වසර 74කට වැඩි කාලයක් ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය ගෙන යාමට විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටින නාසි – ඉංග්‍රීසි කණ්ඩායම්වලට හැකි විය. එසේ වුවත් රට දියුණු වුණාද? බෙදුම්වාදය නතර වුණාද? යන්න විද්වතුන් ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය.

1815 උඩරට ගිවිසුම සිංහල සහ ඉංග්‍රීසි භාෂා 2න්ම සකස් කළේ රාජ්‍යයන් 2ම රාජ්‍ය භාෂාවලින් ගිවිසුම් කෙටුම්පත් කිරීමේ මූලධර්ම යුතුකම ඉටුකරමිනි. එහෙත් ඉංග්‍රීසින් පසුව සිංහල භාෂාවට හිමි නෛතික වලංගුතාවය ලබා නොදී සිංහල භාෂාව මළ භාෂාවක් වන්නට ඉඩහැරිය අතර 1948 නිදහස ලබාදුන් අවස්ථාවේ පවා සෝල්බරි ව්‍යවස්ථාවට සිංහල භාෂාවෙන් ව්‍යවස්ථාපිත අධිකාරිය ලබා නොදුන්නේය. මළ භාෂාවක් වන්නට තිබූ සිංහල භාෂාව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956 දී රාජ්‍ය භාෂාවක් බවට පත් කළ අතර සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව 1972 ස්වස්ථානික ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් කෙටුම්පත් කර සම්මත කළේය. එය තවදුරටත් ශක්තිමත් කළ 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සහ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ආණ්ඩුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් කෙටුම්පත් කර, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, අධිකරණ භාෂාව, පරිපාලන භාෂාව සහ නීතිපැනවීමේ භාෂාව කළේය.

සිංහල භාෂාව මළ භාෂාවක් බවට පත්කිරීම ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින්ගේ අරමුණ වූ අතර සිංහල රාජ්‍ය භෂාව කිරීමට එරෙහිව ක්‍රියා කිරීමට දෙමළ ජනතාව පෙළඹවූයේය. සිංහල ජනතාවගේ නීතිමය අයිතිවාසිකම් හිමිකර දීම වැළැක්වීමට දෙමළ ජනතාව සිංහල ජනතාවට එරෙහිව යෙදවීම නාසි – ඉංග්‍රීසිගේ අරමුණ විය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට බලය දීමට කියා ගෙනා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිංහල භාෂාව මළ භාෂාවක් කිරීමේ නෛතික ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දකුණේ පළාත් 7ක පිහිටවූ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ වලින් සිංහල භාෂාව ඉවත් කිරීම සහ සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම ව්‍යවස්ථා විරෝධීව වැළැක්වූයේය.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක් වෙනුවෙන් පැවති සන්නද්ධ අරගලය 2009 දී
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා විසින් යුධබලයෙන් පරාජය කර වසරක් ඇතුළත් නාසි – ඉංග්‍රීසි අන්තවාදීන්ගේ බලපෑමෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීතිය ඉගැන්වීම නීතිවිරෝධීව නතර කළේය. නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා, ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නීති විරෝධීව වැළැක්වූ අතර එකි ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළේය.

නැවත විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා සහ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2023.05.15 දින 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නීති විරෝධීව නැවත වළක්වනු ලැබුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය සම්බන්ධ පාඨ 7ක් සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබුණද බුද්ධ ශාසනය සම්බන්ධ පොදු නීතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ උගන්වන්නේ නැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා නැති මුස්ලිම් නීතිය, තේසවලමේ නීතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීමට අධිකරණ ඇමත්වරයා, අගවිනිසුරුවරයා ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව පහසුකම් සළසා දී ඇත
(ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ස්ථාන 6ක පමණක් ඇත.)

මේ ආකාරයට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්‍රියා මගින් ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසි අන්තවාදීන් සිංහල භාෂාව මළ භාෂාවක් බවට පත්කරවීමේ සහ සිංහල ජනතාවගේ නෛතික අයිතිවාසිකම් අහිමි කරවීමේ දීර්ඝකාලීන උපාය මාර්ග සඵල කරගත් අතර, එකී ක්‍රියාන්විතයේ වැදගත් අදියරක් ලෙස ජාත්‍යන්තර භාෂා 6ක් ලෝකයේ පිළිගෙන තිබියදී ජාත්‍යන්තර භාෂා 5කට වෙනස්කම් කර ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් කිරීමට උත්සාහ ගනිමින් ඇත.

රට දියුණු කිරීම, බෙදුම්වාදී ඉල්ලීම් පාලනය, අධ්‍යාපනය උසස් කිරීම, සංහිඳියාව, සාමය ඇති කිරීම සඳහා කියමින් ලංකාවේ නාසි – ඉංග්‍රීසි අන්තවාදීන් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් විවිධ අවස්ථාවල අහිමි කළ අතර එකී අවස්ථා 10ක් මෙහි පහත කොටසේ දක්වා ඇත.

ii වන ලෝක යුද්ධයේදී ජරමනියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීන් ජනසංහාරක් කළේය. නාසින්ගේ පාලනය යුරෝපයේ සාමය බිඳී ගියේය. වර්තමානයේ නේටෝවේ සහාය ලැබෙන යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයකි. ඒ අතර ආසියාවේ නේටෝවක් ගැනද සාකච්ඡා ඇත.

මේ දිනවල ඉංග්‍රීසි ජාතික භාෂාවක් කිරීමේ උත්සාහයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සමාජය හමුවට ගෙනවිත් ඇත.

ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද, ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද, ආසියාවේ නේටෝවට ලංකාවේ අනාගත බැඳීම වෙනුවෙන්ද යන්න තීරණාත්මක ප්‍රශ්නය.

රුසියාවට සහ චීනයට එරෙහිව ගොඩනගන ආරක්ෂක වළල්ලක් ලෙස ආසියාවේ නේටෝවට ශ්‍රී ලංකාවද එහි සාමාජිකත්වය ගැනීම ගැනද සාකච්ඡාවක් ඇත. ඒ සඳහා පෙර සූදානම් කිරීමක් ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමෙන් බලාපොරොත්තු වන්නේද යන්නද විවාදිත කරුණුය.

ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසි බලහත්කාරය රටේ තිරසර සංවර්ධනයට, නීතියේ පාලනය පිහිටුවීමට, සාධාරණ සමාජයකට, අධිකරණයේ ස්වාධීනත්වයට, යහපාලනයට, වගවීමට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපා ඇති බවද ඒ සමගම ජනතාව අතර සාකච්ඡාවක් ඇත.

ජාතික විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් රුසියාවෙන් සහ ප්‍රංශයෙන් න්‍යෂ්ටික බලාගාර තාක්ෂණය ලබා ගැනීම ගැනද පරමාණුක බලශක්ති අධිකාරිය සාකච්චා පවත්වන බවද, කොරෝනා වෛරස් රෝගය සමයේ විදෙස් නීති ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ දරා අසාර්ථක වූ, සහ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහි වූ අලි සබ්‍රි අමාත්‍යවරයා අමාත්‍යධූරය දරන විදේශ කටයුතු අමාත්‍යාංශය එකී රුසියානු න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමේ සැළසුම් සම්බන්ධ තීරණ ප්‍රමාදකරන බවද මාධ්‍යයේ පළවෙයි.

ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසි බලහත්කාරය දෙමළ ජනතාව මාර්ගයෙන් යොදවා ගැනීම කාලයක සිටම සිදුවිය. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

  1. වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කිරීම.
  2. බලය බෙදන්න 13වන සංශෝධනය ගෙන ඒම.
  3. දෙමළ රාජ්‍ය භාෂාව කිරීම.
  4. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම.
  5. 13 වන සංශෝධනයෙන් දකුණේ පළාත් 7ක පිහිටවූ අධිකරණ වලින් සිංහලෙන් නඩු විභාග කිරීම නීතියට පටහැනිව වැළැක්වීම.
  6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැරදි ලෙස නතර කිරීම.
  7. රජයේ දේපල පුද්ගලීකරණය කිරීම.
  8. ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසියෙන් පමණක් නඩු තීන්දු ලබා දීම.
  9. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    9 වන ව්‍යවස්ථාවේ ඇති වෙනස යටපත් කරවීම.
  10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසන අධිකරණ නොපිහිටුවීම.

සිංහල භාෂාව මළ භාෂාවක් කරවන ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ – ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද? ? යන්න ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුය.

ඒ සිංහල භාෂාව මළ භාෂාවක් වන නිසා පමණක් නොව ආසියාවේත්, ශ්‍රී ලංකාවේත් සාමය රඳා පවතින්නේත්, බුද්ධ ශාසනය සුරක්ෂිත වන්නේත් ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසින් පාලනය කිරීමට ජනතාව දක්වන සමත්කම මතවන හෙයිනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ භූමිය විදෙස් හමුදාවන්ට යුධ මෙහෙයුම්වලට යොදා ගැනීමට ඉඩ නොදිය යුතු නිසාත් ය.

ජාත්‍යන්තර භාෂා 6ට සමතැන ලබා දෙමු…!
ආසියාවේ සාමය සුරකිමු…!
සිංහල භාෂාව මළ භාෂාවක් කිරීමට ඉඩ නොදෙමු…!
ශ්‍රී ලංකාවේ නාසි – ඉංග්‍රීසීන්ගේ සිංහල විරෝධය පාලනය කරමු…!

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ
නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න