ජනාධිපතිවරයා කියන්නේ ජනාධිපති ධූර කාලය වසර 6ක් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් හැකි නිසාද?1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ එහි 30.2 අනුව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය පැවතියේ වසර 6ක් ලෙසය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ අවස්ථාවේ 2වැනි සැරයටත් ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (2002 දී මුල් වරට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී) මගින් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5කට අඩු කරන ලදී. ඒ ජනමතවිචාරණයකින් නොව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණි. එසේ නම් නැවත ජනාධිපතිවරයාගේ ධූර කාලය පෙර පැවති වසර 6ට වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් එය කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කට වඩා වැඩි කරන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් පැවැත්විය යුතු අතර දැනට පවතින වසර 5, වසර 6 ක් දක්වා වසරකින් වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ අනුව ජනාධිපති ධූර කාලය පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් වසර 6ක් දක්වා වැඩි කර ගතහොත් වත්මන් ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය. 2025 නොවැම්බර් දක්වා ජනාධිපති  ධූරය දැරීමට නීතියෙන් අවස්ථාව සළසා ගැනීමත් සමගම තවත් බොහෝ නීති සංශෝධන ගෙන ඒමේ අවස්ථාවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමි වේ. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් රනිල් වික්‍රමසිහ ජනාධිපතිවරයා  නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින් ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු නීති විශාරදයන් ඉදිරියේදී පසුගියදා පවසන ලද්දේ මේ සඳහා ද යන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය අගයන ජනතාව විමසා බැලිය යුතුය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2023.06.03

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න