ලංකාවේ ජනපි‍්‍රය චරිත සමස්ත සමාජයම නොමඟ යැවීමේ කලාව ආරම්භ වූයේ අද ඊයේ නොවේ.

අලූත්ම සංසිද්ධිය වාර්තා වෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාව සඳහා මෙතෙක් සිටපු ජනපි‍්‍රය ගණයේ මහාචාර්ය වරයකු වන සුනිල් ආරියරත්න ඉන් ඉවත්ව ඇති බවයි.
ඇත්තටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවට සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් මෙය සුනිල් ආරියරත්නව ඉවත් කිරීම පිළිබඳව දැඩි සමාජ ප‍්‍රතිරූපයක් සංවර්ධනය කර ගැනීම සඳහා සුනිල් ආරියරත්නගේ අනුදැනුම ඇතිව හෝ නැතිව දැවැන්ත ප‍්‍රති වැඩසටහන් දැන් මේ වන කොට දියත් වෙමින් තිබෙනවා.
විශ්වවිද්‍යාල පාලක මණ්ඩලවල සිටි සාමාජිකයන් නැවත නැවත පත් වීම විශ්වවිද්‍යාලයේ යහපත් පැවැත්මට අහිතකර විය හැකි බැවින් හා වසර කිහිපයක් පත් වී ඇති සභිකයන් නැවත පත්වීම සළකා බලන්න යැයි කරන ලද ඉල්ලීමක් අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගත් තීරණයක් අනුව තමයි සුනිල් ආරියරත්න මෙවර ජයවර්ධනපුර පාලක සභාවට පත් නොවන්නේ.
අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කර ඇත්තේ ජයවර්ධනපුර පාලක සභාවෙන් සුනිල් හලයි යන සිරස්තලය යටතේ සුනිල්ට සමාජ ප‍්‍රතිරූපය සංවර්ධනය වන ආකාරයට විවිධ ජාතික පුවත්පත් පහුගිය දවස්වල ප‍්‍රවෘත්ති පළ කරල තිබුණ.

ඇත්තටම සුනිල් ආරියරත්න සැබැවින්ම යහපත් චර්යාවකින් යුත් සමාජ සුබසාධනය සඳහා මැදිහත්ව කි‍්‍රයාකාරී වූ පුද්ගලයෙක්ද?
එහෙම නැත්නම් ජනපි‍්‍රය සංස්කෘතියේ ප‍්‍රතිරූපයක්ද?

මේ පිළිබඳව කියන්න කලින් මේ ජනපි‍්‍රය ප‍්‍රතිරූපය විකුණා කෑමේ කලාවේ යම් එක් අවස්ථාවක් විග‍්‍රහ කරනව නම් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය උපකාර කරගනිමින් අගමැති වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ප‍්‍රධාන තැනක් ගන්නවා.
උපතින්ම කි‍්‍රස්තු භක්තිකයෙකු වූ බණ්ඩාරනායක මහතා, උපතින්ම හිමි වූ තම ආගම අතහැර බෞද්ධාගම වැළඳගත් අයෙක්.
මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දීමේ කලාව දියත් වී ගිය ආකාරය තමයි මේ තුළින් අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
ඊට ඉතිහාසයේ යම් සංසිද්ධීන් ගෙන හැර පාන්නේ උදාහරණයක් වශයෙන්.

ඉන් පසුව අපි සුනිල් ආරියරත්න කියන ජනපි‍්‍රය සංස්කෘතියේ පුද්ගලයා පිළිබඳව මෙතෙක් ඔබ නොඇසූ තොරතුරු හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විප්ලවකාරී සම සමාජ පක්ෂය හා භාෂා පෙරමුණ එක්ව එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා මහජන එක්සත් පෙරමුණ ගොඩනගාගෙන බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් මැතිවරණයකට එදා තරග වැදුණා.
ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා මහජන එක්සත් පෙරමුණ සමඟ නිතරග ගිවිසුමකට එළැඹිලා මහ මැතිවරණයට එදා ඉදිරිපත් වුණා.
ප‍්‍රධාන ඡුන්ද පොරොන්දුවක් වූයේ බුදු දහමට මුල් තැන දෙන බව සහ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවයි.
එදත් අදත් සිංහල භාෂාව ගැන කතා නොකරත්, බුද්ධාගම ඉදිරියට දාගෙන විවිධ ජඩ වැඩ කරන පාදඩ දේශපාලන සංස්කෘතික් සංඝ සමාජය විසින් ගොඩනගලා තිබෙනවා.
එහි ප‍්‍රතිඵලය රටේ අවාසනාවන්ත තත්ත්වයක් ගොඩනැගීමයි.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නිසා පහසුවෙන් බණ්ඩාරනායක මහතාට එදා මැතිවරණයෙන් ජය ලබාගන්න පුළුවන් වුණා.
56 පෙරළිය, 56 යුග පෙරළිය, 56 පරිවර්තන යුගය, පොදු මිනිසාගේ යුගය, ගැමි ජන පෙරළිය ආදී වශයෙන් සමාජ දේශපාලන චින්තකයින් හඳුන්වන මෙම පෙරළිය බමුණු කුළයේ බිඳ වැටීම වශයෙන් විවිධ චින්තකයින් නිර්වචනය කරා.
ඒ අතර මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ද සිටියා. හැබැයි මේ යුග පෙරළියෙන් සමාජයට සිදුවූ සෙත මොකක්ද? ඇත්තටම ඉංග‍්‍රීසි නොදත් සමාජ සංස්කෘතියක් බිහි වුණා.
ඒ කියන්නේ යම්කිසි වරප‍්‍රසාද ලත් පිරිසකට පමණක් ඉංග‍්‍රීසිය ඉගෙන ගන්නත්, සාමාන්‍ය පාසල්වල දරුවන්ට ඉංග‍්‍රීසිය අයින් කරල සිංහල භාෂාව රජ කිරීමත් තුළ එහි ප‍්‍රධාන විපාක දැන් දශක කිහිපයක් තිස්සේ සමස්ත රටම අත් විඳිමින් ඉන්නවා.
එහි 56 දරුවන් වශයෙන් මේ පිළිබඳව අපට විශේෂයෙන් කරුණු කියන්න තිබෙනවා.

1956 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලය කියන්න මම මෙහිදී බලාපොරොත්තු වන්නේ නැහැ.

1956 මහ මැතිවරණයෙන් බලයට පත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අගමැති වශයෙන් බණ්ඩාරනායක මහතා 1956 අපේ‍්‍රල් 12 වන දින දිවුරුම් දුන්නා.
අගමැති තනතුරට අමතරව රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු කැබිනට් මැතිවරයා ද වුණා.

ලංකා සම සමාජ පක්ෂයේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව 14ක් වුණු අතර පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂය බවටත් පත් වුණා.
එතකොට දැන් මම මේ කියන්න යන්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ ජනප‍්‍රිය ප‍්‍රතිරූප නිසා රටට සිදුවෙන සුවිශාල හානියන් පිළිබඳව.
56 මහ මැතිවරණය භික්ෂු දේශපාලනය සහ බණ්ඩාරනායක ඝාතනය ඒ අතර යම් විශේෂ වශයෙන් හඳුන්වන්න පුළුවන්.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බලයට පත් කිරීමට සහයෝගය දුන් මාපිටිගම බුද්ධරක්ඛිත භික්ෂුන් වහන්සේ බලයට පත් බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවෙන් නොයෙක් වරප‍්‍රසාද ආර්ථික වාසි බලාපොරොත්තු වුණා.
අවසානයේ මොකක්ද වුණේ?

ඉල්ලීම් සියල්ලක් ලබානොදුන්නත් බහුතරයක් ලබාදුන්නා බණ්ඩාරනායක මහතා.

මේ ජනප‍්‍රිය චරිත ඉදිරියට ගෙනැල්ලා මේ රට විනාශ වුණු අවස්ථා අප‍්‍රමාණව තිබෙනවා. ඒ අතර මහින්ද රාජපක්ෂ තවත් එක් චරිතයක්.
අද රට අගාධයට ගෙන ගිය ප‍්‍රධාන චරිතයක් මහින්ද රාජපක්ෂ. ඉතින් මේ තත්ත්වයන් තුළ අවසානයේ මොකක්ද සිද්ධ වෙන්නෙ?
එදා බණ්ඩාරනායකට නම් 1959 සැප්තැම්බර් 26 දින තල්¥ිවේ සෝමාරාම චීවර ධාරි භික්ෂුව වෙනත් පාර්ශ්ව පොළඹවා අගමැති බණ්ඩාරනායක ඝාතනය සිද්ධ වුණා.
අනතුරුව අගමැති වශයෙන් අධ්‍යාපන ඇමැති වශයෙන් සිටි විජයානන්ද දහනායක. මේ අතර මාපිටිගම බුද්ධරක්ඛිත භික්ෂුව ජීවිතාන්තය දක්වා සිරබාරයට නියම වුණා.
තල්¥වේ සෝමාරාම චීවර ධාරියාට මරණ දඬුවම නියම වුණා.

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට මූලික වූයේ භික්ෂුන් වහන්සේලා දේශපාලනයට සම්බන්ධ වූ නිසා වූ බව සමාජයේ මතය බවට පත් වුණත් එය පොදු සමාජය තවමත් තේරුම්ගෙන නැතිකම ඇත්තටම ගැටලූ සහගත තත්ත්වයක්.
තල්¥වේ සෝමාරාම චීවරධාරියා ගුරුවරයෙක් වුණා.

දේශීය වෛද්‍යවරයකු ද වනවා කියල තමයි ඓතිහාසික ලේඛනවල සඳහන් වෙන්නේ.

පංච මහා බලවේගවලින් තුනකට හිමිකම් පෑ සඟ වෙද ගුරු මේ භික්ෂුව බණ්ඩාරනායක මහතා බලයට පත් කිරීමට වෙහෙස වූ අයෙක්.
එසේම මෙම භික්ෂුව මාපිටිගම බුද්ධරඛිත භික්ෂුවගේ සමීපයෙක් ද වුණා.

අගමැති ඝාතනය කිරීමේ නඩුවේ දී අනාවරණය වූයේ අගමැතිවරයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන චරිතය මාපිටිගම බුද්ධරක්ඛිත භික්ෂුව බවයි.
දැන් අපි මේ සම්බන්ධව කතා කරනවාට වඩා මේ සුනිල් ආරියරත්නගේ චරිතය තුළින් දිගින් දිගටම මෙවැනි දැවැන්ත චරිතවල අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ජනමාධ්‍ය මෙවලමක් විදියට පාවිච්චි කිරීම පිළිබඳව ඇත්තටම අපි සාකච්ඡුා කළ යුතුයි.

ඒ කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය කියන්නේ අපූරුව කලාවක්. මේක එක රැුයකින් ඉගෙන ගන්නත් බැහැ.
වාර්තාකරණයේදී ග‍්‍රාහකයා රැුවටීමක් හෝ නොමඟ යැවීමක් හෝ අතිශෝක්තියෙන් කරුණු දැක්වීමක් නොකළ යුතුයි කියන මතයේ පී.එෆ්.පී. නිවුස් ඉන්නවා.
නමුත් ග‍්‍රාහක විශ්වාසය බිඳ වැටීමට තිබෙන ඉඩකඩ ඇහිරී ගිහිල්ල තියෙන්නෙ එවැනි වාර්තාවන් පිළිබඳව සැබෑ හෙළිදරව් නොකිරීම නිසා.
ජනමාධ්‍යයක නිරතවන්නාගේ ප‍්‍රබලතම අභියෝගය වන්නේ විශ්වාසනීය බව සුරැුකීමයි.

නමුත් අපේ ජනමාධ්‍ය ඒ විශ්වාසනීය මත කොතැන ඉන්නවද කියල තේරුම් ගන්න ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සංස්කෘතියක් නැති බව ඇත්තටම ගැටලූ සහගතයි.
තොරතුරක් ලැබෙන සෑම මුලාශ‍්‍රයකම නිරවද්‍යතාවය තහවුරු කරගෙන ද අපේ ජනමාධ්‍ය යම්කිසි ප‍්‍රවෘත්තියක් හෙළිදරව් කරන්නෙ.
විශේෂයෙන්ම දේශපාලන පක්ෂ හෝ දේශපාලන සම්බන්ධතා සහිත මූලාශ‍්‍රවලින් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම ඉතාම වැදගත්.
මහජනයා අතර වන ඇතැම් මූලාශ‍්‍රවල පවා පුද්ගලික ලැදියාවන් තියෙන්න පුළුවන්.

එතකොට මහචාර්ය සුනිල් ආරියරත්න සම්බන්ධව මේ ප‍්‍රවෘත්තිය නිර්මාණය වෙන්නේ එවැනි සමාජ පසුබිමක් හමුවේ කියලා ලැදියාව නමැති කරුණ අරඹයා කියලා කියන්න පුළුවන්.
ජනමාධ්‍යකරුවන් රජයේ ආයතනවල තනතුරුවලට යන්න නරකයි.

මේ ප‍්‍රවෘත්තියේ නිර්මාණකරුවා ලංකාදීප කර්තෘ මණ්ඩල ප‍්‍රධානී සිරි රණසිංහ මහතායි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය සිරි රණසිංහ මහතාත් නියෝජනය කරනවා.
ඒ පිළිබඳව ඇති ලැදියාවන් සමඟ මේ ප‍්‍රවෘත්තිය සමග තවදුරටත් කරුණු විවරණයක් පසුවට තබාගෙන ඉදිරියට අපි යමු.
ඇත්තටම විශ්වවිද්‍යාලයන්හි පාලක සභාවකට තෙවසරක කාලයක් සඳහා සභිකයින් පත් කරගනු ලබනවා. එම පත්වීම් කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමයි.
එය ජයවර්ධනපුර සරසවියට ද පොදුයි.

නමුත් ජයවර්ධනපුර සරසවියේ පාලක සභාව නියෝජනය කළ සමහර නියෝජිතයන් අවස්ථා ගණනාවකදීම පත්වී වසර 9කටත් අධික කාලයක් පාලක සභාව නියෝජනය කරල තිබෙන බව තමයි අපට ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබිල තියෙන්නෙ.
ඒ අනුව පාලක සභාවට සභිකයින් පත් කරන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව එය අවධානයට යොමු කරගෙන මෙවර පාලක සභාව සඳහා සුනිල් ආරියරත්නගේ නම පාලක සභාවට ගොනු කර නැදැ්ද?
පී.එෆ්.පී. ආරංචි මාර්ගවලට අනුව සුනිල්ගේ නම ද්වේශයෙන් කැපී ගොස් නැත.

ඉතින් මේක දැවැන්ත සමාජ අසාධාරණයක් විදියට පෙන්වන්න සුනිල් ආරියරත්නට තිබෙන ලැදියාවන්, මාධ්‍යයට තියෙන සමාජ සබඳතාවයන් මත සුනිල් ආරියරත්න ක‍්‍රියාකරගෙන තියෙනවා.
ඒක තේරුම් අරගෙන නිවැරදි විවරණයක් කළ යුතු නිසා තමයි මේ පිළිබඳව අපි වැඩිදුරටත් විග‍්‍රහ කරන්නෙ. බහුවිධ මූලාශ‍්‍ර හරහා තොරතුරුවල නිරවද්‍යතාවය අපි තේරුම්ගන්න ඕන.

සියලූම මූලාශ‍්‍ර, උපකාරක මූලාශ‍්‍ර හා ලේඛන මගින් පවා පැහැදිලි චිත‍්‍රයක් අපේ ජන සමාජයට ලබා නොදෙන
තත්ත්වයක් තමයි බොහෝ ප‍්‍රවෘත්තිවල දකින්න ලැබෙන්නෙ.

ඉතින් ඒ නිසා එවැනි මූලාශ‍්‍රයන් මැනවින් විමර්ශනය කරන්න අපේ බහුතර ජනමාධ්‍ය වාර්තාකරුවන්ට
තිබෙන හැකියාව අවමයි.

ඒ නිසා දැන් මේ වනකොට සුප‍්‍රකට දේශපාලන චරිතයන් විසින් පළ කළ දේ වූවත් යම්කිසි ව්‍යාජ තොරතුරක් ගොනුකරලා පළ කිරීමේ සංස්කෘතියක් තිබෙනවා.
සත්‍යයතාවය පිළිබඳව ඉඟි ඒවා හරහා හෙළිදරව් වෙන්න පුළුවන්.

මොකද පවතින ආණ්ඩුවට යම්කිසි මඩ ගැසීමක් ද ඒ තුළ ගොනුවෙන්න පුළුවන්.

මේ මොහොත වන විට ජනතාව ඉතාම දුකට, පීඩනයට, වේදනාවට අගතියට පත්වෙලා තිබෙනවා.

ඒ නිසා මහාචාර්යවරයකුට මෙවැනි තත්ත්වයක් උදා වුණාම ජනතාව තුළ යම්කිසි චිත‍්‍රයක් මවාගන්න
ලැබෙනවා.

ඒ නිසා යම්කිසි දේශපාලනික වශයෙන් මඩ ගැසීමට සමාජය කළඹවන අන්දමින් සංවේදී තොරතුරු ඉදිරිපත් කිරීමේ රටාවක් ලංකාවේ ජනමාධ්‍ය තුළ බහුලව දකින්නට ලැබෙනවා.
පුද්ගලික ඉඟි, උදව් හෝ පිළිගැනීම් මත තමයි දැන් සුනිල් ආරියරත්නගේ ප‍්‍රවෘත්තිය මුද්‍රිත මාධ්‍යය තුළින් ඉදිරියට එන්නේ.
අනවශ්‍ය ලෙස පාඨකයා එහෙම නැත්නම් පවතින ආණ්ඩුව අනවශ්‍ය ලෙස අමුතු චිත‍්‍රයක් ඒ තුළ ගොඩනග න්න සාධක වෙන්නත් පුළුවන්.
ඒ ප‍්‍රවෘත්තිය තුළින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, අදාළ අමාත්‍යවරයා එහෙම නැත්නම් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා යම්කිසි අගතියකට තල්ලූ වෙන්න, අපහසුතාවයකට පත් කරන්න ඒ බලපෑමක් ද වෙන්න පුළුවන්.
ඉතින් මේ තුළ ප‍්‍රවෘත්ති ප‍්‍රබන්ධකරණයක් තියෙනවා.

ඒවා ඇත්තම වළක්වන්න සැබෑ තතු තෝරා බේරාගෙන වාර්තා කිරීමේ කලාවක් නැති කම තමයි මීට සාධක වෙන්නේ.
මේ තුළ ආණ්ඩුවට පරිභවකාරී ජනතාව කුපිත කරවන සුලූ පක්ෂග‍්‍රාහී අන්තර්ගතයන් තමයි එවැනි ප‍්‍රවෘත්තිවල ඇත්තටම අන්තර්ගත වෙලා තියෙන්නෙ.
නමුත් එය ඍජුව පේන්නේ නැහැ.

ඒක බොහෝම සැඟවුණු මායාවක් විදියට තියෙනවා.

මේ ප‍්‍රවෘත්තිය තුළින් උගතුන්ගේ භූමිකාව ඔවුන්ගේ නිසිතැන නොලැබීම නිසා සමාජය කළඹවන තත්ත්වයක් එවැනි ප‍්‍රවෘතතිවලින් යමකිසි දිගු කරනවා.
ව්‍යාජ ලෙස ඒ තොරතුරු එළිදරව් කළත් ඒ ප‍්‍රවෘත්ති තුළ ඒවා ව්‍යාජ ලෙස සමබර කරන්නත් මේ අදාළ මාධ්‍යය ආයතන ක‍්‍රියා කරනවා.
එතකොට එතනත් මේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටිය කියන දේ පෙන්වන්න අදාළ මුද්‍රිත මාධ්‍යය උත්සාහ ගන්නවා.
ව්‍යාජ හා අතිශෝක්තිය සහිත කියමන්වලට එදිරිව මූලික තර්ක ශාස්ත‍්‍රීය දැනුමකින් ප‍්‍රජාව සක‍්‍රීය කරන මාධ්‍ය කලාවක් නැති නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නෙ.
කොහොම හරිම ශීර්ෂ පාඨයක සඳහන් කරන තොරතුරු අනුව බොහෝ වෙලාවට ඒ තුළ තිබෙන ඉතාම
ගැටලූ සහගත අසංවේදී තත්ත්වයක්.

දැන් උදාහරණයක් විදියට 2023 ජනවාරි 19 වෙනි දින ලංකාදීප ප‍්‍රවෘත්තියේ ජයවර්ධනපුර පාලක සභාවෙන් සුනිල් හලයි (බයි ලයින් එකක් හෝ වාර්තාකරුවෙක් අදාළ වාර්තාවේ සඳහන්ව නැත*.
එතකොට දැන් සුනිල් ආරියරත්න කියන්නේ දැවැන්ත සමාජයේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් තමන්ගේ මාධ්‍යය කලාව චිත‍්‍රපට කලාව තුළින් නමක් ගොඩනගාගත් පුද්ගලයෙක්.
අපි ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡුා කරන්න ඕනයි කියන එක තමයි මගේ මතය.

දැන් සුනිල් ආරියරත්න බොහෝ අවස්ථාවලදී සමාජ මතය නොමග යවන විධි හා ක‍්‍රියාවන් කරපු අවස්ථා
තිබෙනවා.

එහිදී හොඳම සංසිද්ධිය තමයි චිත‍්‍රපට අධ්‍යක්ෂක වරයකු වන ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ අවමංගුල් උත්සවයේදී ඔහු විසින් කරන ලද කතාව.
නමුත් කිසිම ජනමාධ්‍යයක් සැබෑ තතු විවරණය කළේ නැහැ.

හැබැයි එතනදී සුනිල් ආරියරත්න ලෙස්ටර් වෙනුවෙන් ලෙස්ටර්ගේ පවුල වෙනුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ සම්බන්ධව තමයි එතනදි කරුණු දැක්වූයේ.
හැබැයි යථාර්ථය ඊට හාත්පසින්ම ඇත්තටම වෙනස්. අපි ඒ පිළිබඳව පසුවට කතා කරමු.
හැබැයි දැන් මම කැමැතියි සුනිල් ආරියරත්නගේ පවුලේ සිද්ධියක් අරඹයාම මේ සංසිද්ධිය සුනිල් ආරියරත්න කියන්නේ කවුද? සැබැවින්ම සමාජයේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද නැද්ද කියලා අධිකරණ වාර්තාවකින්ම ඒ වූ නඩු විභාගයක් තුළින් මතු වූ කරුණු කාරණාවලින් යම් දෙයක් කියන්න මම කැමැතියි.
දැන් මේක සිද්ධ වෙන්නේ නුගේගොඩ දිසා අධිකරණයේ.

නඩු අංකය පී./086/08 මෙහි පැමිණිලිකරු වන්නේ තිලකරත්න කුරුවිට බණ්ඩාර.

තිලකරත්න කුරුවිට බණ්ඩාර කියන්නේ ලේඛකයෙක් ජනමාධ්‍ය කරුවෙක්. මේකට එදිරිව සිටින්නේ කුරුවිටගේ හේමලතා මුණසිංහ.
ඒ කියන්නේ සුනිල් ආරියරත්නගේ සහෝදරියක්.

ඊට පස්සේ දෙවනුව එදිරිව සිටින්නේ ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර.

දැන් ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර කියන්නේ සුනිල් ආරියරත්නගේ පොඩි අයියා.

සුනිල් ආරියරත්නට එදා එදන්ම ජීවිතය ගොඩනගා ගන්න කලාව ගොඩනගා ගන්න දායකත්වය වුණු පුද්ගලයා.
එතකොට මේ සුනිල් ආරියරත්න 2002.05.09 වැනිදා ගේ‍්‍රෂ්න් විමලරත්න කුරුවිට බණ්ඩාර තමන්ගේ සහෝදරයා
ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා සරසරවිය පුවත්පතට.

2002.05.09 වැනි දින, මගේ පොඩි අයියා වූ විමලරත්න කුරුවිට බණ්ඩාර සමඟ මගේ තිබුණු ඇසුරත්, ලොකු අයියත් එක්ක බලනකොට අංශු මාත‍්‍රයක් යැයි කියල මට හිතෙනවා.
නමුත් ඔහු මගේ ජීවිතයට තදබල ලෙස බලපාපු අවස්ථා කිහිපයක්ම තිබෙනවා. මගේ ලොකු අයියා නාට්‍ය පිස්සෙක් වුණා.
ඒ වගේම පොඩි අයිය චිත‍්‍රපට පිස්සෙක් වුණා.

මේ කවුද මම කිව්ව නඩුවේ දෙවැන එදිරිව ඉන්න ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර ගැන තමයි සරසවිය පුවත්පතක 2002.05.09 දින සුනිල් ආරියරත්න කියන්නෙ.
ඔහුට තිබුණු ස්කූටරයේ නැඟලා රාත‍්‍රී 9.30ට චිත‍්‍රපට නරඹන්න ගිය කාලයකුත් මට තිබුණා. මේ කවුද ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර එක්ක.
මේ ආදරණීය පොඩි අයියා දක්වපු සැලකිල්ල පිළිබඳව තමයි මේ කරුණු කියන්නේ.

මේ ලෝකයේ මා ඔත්පලව ඉන්න කාලයේ, මේ කියන්නේ චිත‍්‍රපට බලලා ඔත්පල වෙලා වගේ ඉන්න කාලයේ කෙටි චිත‍්‍රපට පිළිබඳ ප‍්‍රබෝධයක් අන්තිමේදී ඇති වුණා.
මම සාරාගී කියන කෙටි චිත‍්‍රපටය හැදුවා. සරාගී කරන්න මට සල්ලි දුන්නේ පොඩි අයියා.
කවුද පොඩි අයියා ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර.

එතකොට රුපියල් 10,000ක මුදලක් සරාගී කෙටි චිත‍්‍රපටයට ඔහු දුන්නා කියලා සුනිල් ආරියරත්න සනාථ කරලා තියෙනවා.
ඒ කියන්නේ ඔහුගේ චිත‍්‍රපටය දැන් මම හිතන්නේ අවුරුදු 25කට 30කට පෙර කතාවක් ඒ කියන්නේ.

එතකොට රුපියල් 10,000ක් කියන්නේ අද වන් මිලියන් එහෙම නැත්නම් ඊට එහා යන වටිනාකමක් තියෙන මුදලක්.
සරාගී කෙටි චිත‍්‍රපටිය නිම් වළල්ල සමඟ රට පුරාම ප‍්‍රදර්ශනය වුණා. ඊට පස්සේ දිගින් දිගටම මම සිනමාවට නැඹුරු වුණා.
ඒ නැඹුරු වීමේ පළමුවෙනි යෝධ හයිය මට දුන්නේ කවුද? ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර පොඩි අයියා.
ඔහු මගේ සරුංගලය, වජිරා වගේ චිත‍්‍රපටවලටත් මුදල් ආයෝජනය කරා කියලා 2002.05.09 වැනිදා සුනිල් ආරියරත්න තමයි කියන්නේ.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට කථිකාචාර්ය පදවියක් ලැබීමත් සමඟ කථිකාචාර්යවරු බස්වල යන්න ඕනෑ නැහැ කියමින් මට මුලින්ම වාහනයක් සහ රියදුරු බලපත‍්‍රයකුත් අරගෙන දුන්නේ ඔහුයි.
ඔහු මගේ ජීවිතය සිනමාව වැනි තවත් සුවිශේෂී ගමනට යොමු කරමින් මට ශක්තිය දුන් ඔහුගේ ආදරණීය බව මට වාසනාවක් නොවේද? යනුවෙන් සුනිල් ආරියරත්න සඳහන් කරනවා 2002.05.09 වන දින.
එතකොට මම දැන් කලින් කියපු මේ සුනිල් ආරියරත්න නුගේගොඩ මංසන්ධිය ආසන්නයේ තිබෙන පර්. 3 කට නඩු කියන්නේ ගේ‍්‍රෂ්න විමලරත්න කුරුවිට බණ්ඩාර එක්ක පී./086/08. 2008 වසරේ මෙම නඩුව පටන්
ගන්නවා.

ඒ නඩුව පටන් ගත්තට පස්සේ සුනිල් ආරියරත්න ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර පිළිබඳ ඒ කෘතඥතාවන් පළ කරන්නේ නැහැ.
ඒ බව හොඳට සනාථ වෙන කරුණක් තමයි 2018 අගෝස්තු මස 20 වන සඳුදා ලංකාදීප පුවත්පතට දෙන ප‍්‍රකාශය අනුව එදා ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර පිළිබඳ කරපු ප‍්‍රකාශයයි මේ ප‍්‍රකාශයයි පරස්පර වෙනවා.
ගේ‍්‍රෂන් විමලරත්න ගැන කිසිම සඳහනක් නැතුව සුනිල් ආරියරත්න 2018 අගෝස්තු 20 වන දින ලංකාදීප පුවත්පතට කියනවා මෙන්න මෙහෙම, බම්බලපිටිය ලයින් හවුස් ගොස් තේ බොමින් චිත‍්‍රපට කතා කළෙමු. සුනිල් ආරියරත්න කෙටි චිත‍්‍රපටයක් හැදීමේ මූල බීජය ඇති වූයේ මේ කාලයේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සරාගී නම් කෙටි චිත‍්‍රපටය උපත ලැබීය. අප සැවොම ඔහුට ධෙර්යය දුණෙමි.
නිම් වළලූ චිත‍්‍රපටයට අපූරු ගීතයක් සුනිල් ලියා දුන්නේය.

මේ ලියුම ලියන්නෙ කවුද? 2018 අගෝස්තු 20 වන දින, ඒ. ඞී. රංජිත් කුමාර.

ඒ. ඞී. රංජිත් කුමාරත් මතුවෙමින් මේ ලිපිය මේ විදියට නොකී කතා කියලා කැටගරිය යටතේ ලංකාදීප පුවත්පතේ තවදුරටත් මෙහෙම කියනවා.
මහාචාර්ය ආරියරත්න තමාගේ ජීවිතය වෙනස් කළ සිවුවැන්නා ලෙස නම් කර තිබුණේ මාය. කවුද කියනනේ ඒ. ඞී. රංජිත් කුමාර.
එය සිරිකත පුවත්පතට 2014.07.28 වැනි දින චලානි හේරත් ලියූ ආකාරයෙන්ම මෙසේ උපුටා දක්වමි. මම ජීවිතයේ ඇලූම් කරන අනෙක් කලාව තමයි සිනමාව.
මම මේ වන විට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පිටත් වුණු මුල් කාලයේ ආනන්ද විද්‍යාලයේ මම වගේම තරුණයෝ ටිකක් එකතුවෙලා නිම් වළල්ල කියල චිත‍්‍රපටයක් හදනවා.
මේ ඒ. ඞී. රංජිත් කුමාර ලියන්නෙ.

පුදුමයි කියල හිතෙන්නෙ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තු මටත් ඒ කණ්ඩායමේ එක් තරුණකේ අඬගහනවා ඒ චිත‍්‍රපටයේ වැඩවලට දායක වෙන්න කියල.
මටත් ආස හිතුණා. මමත් ඔවුන් එක්ක එකතු වුණා. මගේ ජීවිතයේ තවත් පැතිකඩකට හැරවූ එදා ඒ තරුණයා
තමයි ඒ. ඞී. රංජිත් කුමාර.

කවුද මේ නොකී කතාවලට කියන්නේ? මහාචාර්ය සුනිල් ආරියරත්න.

ඔහු මගේ හොඳ මිතුරෙක්. ඒ චිත‍්‍රපටයේ ආරම්භයේ සිට අවසානයතෙක්ම මමත් ඉන්නවා.

ඒක අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද? පසුතල නිර්මාණය වෙන්නේ කොහොමද? නළු නිළියන් හසුරුවන්නේ කොහොමද?
මේ හැම දෙයක්ම මා ඉගෙන ගන්නවා.

ඒ නිසා මට චිත‍්‍රපට කලාවට කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ මම දිගින් දිගටම සිනමාවත් එක්ක රැුඳුණා.
මා නිසා මහාචාර්ය ආරියරත්න සිනමාවට යොමු වුණා යැයි කීමට තරම් මම මමංකාරයක් මා තුළ නැත. මේ ඒ. ඞී. රංජිත් කුමාර කියන්නේ.
එහෙත් ඔහු එදා මෙදා සිට සිංහල සිනමාවට දායක කළ උසස් සිනමා කෘති දෙස බලද්දී මුල් කාලයේ ඉතා අල්ප වසයෙන් අනුබලයක් දීම පිළිබඳ මා තුළ නිහතමානී සොම්නසක් ඇති විය.
වරක් හෝ මට කී අතීත කතාවක් මට සිහිපත් වේ. මගේ අම්මා කපු පරම්පරාවෙන් පැවත එන කාන්තාවක්. අම්මාගේ පොඩි අයියා නවගමුවේ ප‍්‍රධාන කපු මහතා.
ඔහුගේ පුතා සම්මානනීය ලේඛකයෙකු වූ අභාවප‍්‍රාප්ත ඇරැුව්වල නන්දිමිත‍්‍ර.

ඉතින් අපේ පොඩි මාමා සමඟ කුඩා කාලයේ සිටම මාත් ලොකු අයියාත් තිලකරත්න කුරුවිට බණ්ඩාර තොවිල් බලන්න යනවා.

? එළිවෙනකන් තොවිල් දැකලා අපි ගෙදරදී ඒවා අනුගමනය කරලා අපිත් තොවිල් නටනවා. අපේ නැටුම් දකින පොඩි මාමා අපට වාදනය කරන්න පුළුවන් යක් බෙරයක් හදල දුන්නා. අපේ පුංචි අත්වලින් වාදනය කරන්න පුළුවන් බෙරයක් ඒක.
මේ පුංචි බෙරයෙන් තමයි මටත් අයියාටත් කලාව ගැන මුල්පොත කියවන්න ලැබුණේ. කවුද මේ ඒ අයියා. තිලකරත්න කුරුවිට බණ්ඩාර.
එතකොට තමන්ට මුදල් දීල චිත‍්‍රපටයක් කරන්න දායක වුණු ගේ‍්‍රෂන් විමලරත්න කුරුවිට බණ්ඩාර කියන පොඩි අයියා ගැන 2018 අගෝස්තු 20 වෙනකොට කිසිවක් සුනිල් ආරියරත්න කියන්නේ නැහැ.
ඇයි එහෙම කියන්නෙ නැත්තේ.

ඔහුට අර නුගේගොඩ දිසා අධිකරණයේ පී./086/08 දරණ නඩුවේදී අවශ්‍ය අනෙක් පසුබිම සාදා ගැනීමේ ඉලක්කය ඇතිවයි කියලා කිව්වොත් වඩාත් නිවැරදියි.
මේ නඩුව පිළිබඳව සැබෑ තොරතුරු අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.

එතකොට ඇත්තටම ප‍්‍රවෘත්තියක සැබෑ හා පිළිගත හැකි නිර්ව්‍යාජත්වය විපරම් කරන්න සමාජය අවදිවිය යුතුයි.
ඒ සඳහා පමණයි මේ තර්කානුකූල කරුණු ඉදිරිපත් කළේ.

ඔහු සුනිල් ආරියරත්න 2002.05.09 වන දින තමන්ගේ සහෝදරයා පිළිබඳ කියන කරුණුයි, ඊට පස්සේ පරස්පරව ඒ. ඞී. රංජිත් කුමාරත් සමඟ ලංකාදීපයට 2018 අගෝස්තු 20 කියන කරුණුයි එකකට එකක් පරස්පරයි.
එතකොට එවැනි පරස්පර ආත්මගත පුද්ගලයෙක් සැබෑ කලාකරුවෙක්ද?

එතකොට එවැනි ව්‍යාජ ජනප‍්‍රිය සංස්කෘතියේ දැවැන්ත ප‍්‍රතිරූප සමාජය හඳුනාගත යුතුයි. පැහැදිලියි හා විනිවිද භාවයකින් අපි ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා.
ජනමාධ්‍යයටත් පක්ෂග‍්‍රාහී වුව එවැනි දැවැන්ත චරිත උපුටා මතුකර ව්‍යාජ අරමුණු වෙනුවෙන් ක‍්‍රියා කිරීම ඇත්තටම ගැටලූ සහගතයි.
සාම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතයට අභියෝගයක් වෙමින් වර්තමානයේ පැතිරෙමින් තිබෙන සමාජ මාධ්‍යය තුළ ක‍්‍රියාවට නැංවෙන පුරවැසි මාධ්‍යකරණය ඊට ප‍්‍රබල සාධකයක් වී තිබෙනවා.
එය දැවැන්ත ප‍්‍රතිරූප හදාගෙන යැපෙන දැවැන්ත චරිත තේරුම්ගත යුතුයි.

ගවේෂණශීලී මාධ්‍ය වාර්තාකරණයේදී නිවැරදි හැදෑරීම ජනමාධ්‍යකරුවන්ට ඉතාම වැදගත්.

මේ තුළ වේගවත් බව වගකීම් විරහිත බව සහ කිසිම සාධක නැතිව දුස්තොරතුරු වාර්තාකරණය තුළ සැබෑ තොරතුරුවලට වෙන බලපෑම සමස්ත ජනමාධ්‍යකරවැන් තේරුම්ගත යුතුයි.
සුනිල් ආරියරත්න පිළිබඳව ගරු අධිකරණයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නව ප‍්‍රශ්න කළ ආකාරයත් ඒ පිළිබඳව ලබාදුන් පිළිතුරුත් අපි ඉදිරි කථිකාවකදී බලාපොරොත්තු වෙමු.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න