මේ ගෙවී යන්නේ 2022 වසර, වසර 74ක් අධිරාජ්‍යවාදී ස්වේදේශීය පාලකයින් යටතේ හෙම්බන්ත් වූ ශී‍්‍ර
ලංකාව.

2023 ජනවාරි 1 වන ඉරිදා ආරම්භ වන්නේ ඇත්තටම ඉතාම දුක්මුසු තත්ත්වයකින්.

අලූත් අවුරුද්ද නැත්නම් නව වසර ආරම්භයේ රටේ පාලකයන්ගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවාද? අරගල කරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යය මර්දනය
කෙසේ වෙතත් මේ දිනවල ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයෝ වොයිස් කට් දෙන්න පුරුදු පුහුණු වෙලා
තියෙනවා.

දෙසැම්බර් මාසය පුරාම ආණ්ඩුපක්ෂයේ නියෝජිතයින් වොයිස් කට් ලබාදීමෙන් බලාපොරොත්තු වූයේ දැනට ආණ්ඩුවට තියෙන අපකීර්තිය ඉවත් කර ගන්න.
වොයිස් කට් දෙන්න තවත් කරුණක් තමයි මැතිවරණයක් සඳහා කෝට් 1000ක් වැය කිරීම අපරාධයක් බවට ජනමතයක් ගොඩනැගීම ඉලක්ක කර ගැනීම.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මිලක් නියම කරන්න බැහැ.

මුදල් නැති ප‍්‍රශ්නය ඉදිරියට දමා ආණ්ඩුව මැතිවරණ නොපවත්වානම් රට මුහුණ දෙන්නේ භයානක
තත්ත්වයකට වෙන්න පුළුවන්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් විතැන් වෙනවා නම් ඒකාධිපතිවාදයට තල්ලූවෙන ප‍්‍රවේශයක් විදියට එය දකින්නට පුළුවන්.
ඒ නිසා මැතිවරණ එපා කියන උදවිය පරිස්සමින් වචන පාවිච්චි කිරීම සුදුසු බව ආණ්ඩුවේ ප‍්‍රධානීන් ප‍්‍රකාශ කරල තිබෙනවා.
සාමාන්‍යයෙන් වසරක් ගෙවි වසරක් එළෙඹෙනකොට අපට බොහෝ විට ඉතිහාසයේ ගුවන්විදුලියෙන් අසන්න
ලැබුණේ ජෝතිපාලගේ කිරි ඉතිරිවා නව වසරේ සාමයේ ගීතයේ රැුව් නැගේ දස අතේ කිරි ඉතිරේවා නව වසරේ යන ගීතය.
ජෝතිපාලගේ මධුර මනෝහර හඬින් ගැයුනු මනරම් ඒ ගීතය මෙවර අවුරුදු උදාවත් එක්ක අසන්නට හෝ
ගුවන් විදුලි නාලිකාවල ඉන්න නිෂ්පාදකවරුන්ට ඒ ගීතය ගොනු කරන්නවත් සදාචාරයක් තිබෙනවාද කියන
ගැටලූවක් පවතිනවා.

ඊට හේතුව මිනිස්සු අප‍්‍රමාණව මුහුණ දෙන ගැටලූම්කාරී අර්බුදකාරී ආර්ථික අහේනියයි.

අඩසිය වසක කාලයක් නව වසරක් එළැඹෙන විට ශී‍්‍ර ලාංකිකයින්ගේ මුවඟ රැුඳුනු වදන වූයේ ඇත්තටම කිරි ඉතිරිවේ යන වාක්‍යයයි.
එහෙමත් නැත්නම් හමුවෙන අයකුට සුබ නව වසරක් වේවා යන කියමන.

දැන් ජනවාරි මස පළමු දිනය උදාවෙලා අවසන්.

ජෝතිගේ ගීතයේ සඳහන් ආකාරයට රට බතබලූතින් සාරවී නැහැ. සාමයේ ගීතය රැුව් නැගෙන්නෙත් නැහැ.
ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඉන්නවා.

රට කරවන පාලකයෝද ජාතියේ මුරදේවතාවෝද ජනතාව තුළ බලාපොරොත්තු දල්වන්නට අසමත්ව ඉන්නවා. අලූත් අවුරුද්දක් එළැඹෙන විට නැගිටුව් අදහස් පළ කිරීම සුදුසු නැහැ.
එහෙත් මේ මොහොතේ ශී‍්‍ර ලංකා වාසීන් අත්විඳින් කටුක අමිහිරි සත්‍ය ධනාත්මක නොවන බව කොයිකාටත් තේරුම් යන කරුණක්.
2023 ජනවාරි ඇරඹෙන්නේ යටත් විජිත පාලනයෙන් ශී‍්‍ර ලංකාව නිදහස් වී ගත වන 75 වෙනි අවුරුද්දයි.

ලාංකික ජනතාවට කිරි ඉතිරී නොගියේ ඇයි?

වෙලාවට අවුරුද්ද ලබනකොට කිරි උතුරුවන සෑම නිවසකම හොඳ අලූත් අවුරුද්දක් නව වසරක් උදාවක් බලාපොරොත්තු වුණා.
මෙවැනි සම්ප‍්‍රදායික මිත්‍යා මතත් සමඟ අත්වැල් බැඳගත් සමාජ සංස්කෘතියක සැබෑ යතාර්ථය වර්තමාන ආර්ථික අර්බුදය තුළින් මනාව දිස්වන්නක්.
ලංකාවේ බෞද්ධ සමාජයේ යථිවර භික්ෂූන් දේශපාලන තිරය මත වැජඹීම ලංකාවේ මේ දුප්පත්කමේ එක් පැත්තක්.
රටක් ජාතියක් කිරට අඬන තැනට වැටුණේ යැයි යන්න පැහැදිලි ගැඹුරු සොයාබැලීමක් රට තුළ මේ වන තෙක් සිදුවී නැහැ.
අධිරාජ්‍යවාදීන්ගේ වියගසින් මිදුණු ආසියාවේ බොහෝ රාජ්‍යයන් ලංකාව පසුකර බොහෝ දුරට ගොස්
තිබෙනවා.

එම රටවල් සමෘද්ධිය ළඟාකර ගෙන ඇත්තේ අප ළඟා කරගෙන තිබෙන පරිහානිය හා බංකොලොත් භාවයට ප‍්‍රතිවිරුද්ධ දිසාවට ජතියේ පියවරු සහ අප්පච්චිලා අපට ලබාදී තිබෙන ත්‍යාග අවාසනාවන්ත කාලකණ්ණි රටක් නිර්මාණය කර දීම නොවේද?
වැඩවසම් සමාජ ක‍්‍රමයේ දිගුවක් සඳහා පෙරටුගාමීන් වන පන්සල් ආශි‍්‍රත භික්ෂු සමාජය සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීමේ සංස්කෘතික කි‍්‍රයාදාමයේ ප‍්‍රතිඵල අප මේ වන විට භුක්ති විඳිමින් සිටිනවා.
ආණ්ඩුවෙත් විපක්ෂයේත් දේශපාලකයන්ගේ පම්පෝරි පුරසාරම් කතාවලින් රටට මෙතෙක් සිදු ඇති යහපතක් නැහැ.
මහා සංඝරත්නයේ වැදිබණ වලින්ද රටේ සමෘද්ධියට සිදුවී ඇති සෞභාග්‍යයක් නැහැ.

ලාංකික ජනතාවගේ ඥානය පහළ කිරීමට යතිවර සමාජය ගෙන ඇති පියවර කවරේද?

ඔවුන් තවදුරටත් මහපොළොව බදාගෙන යැපෙන වඳින දේශපාලනඥයන් සමඟ අත්වැල් බැඳ ගැනීම මේ රටේ අභාග්‍යයයේ මූලික කඩඉමක්.
රටේ ජනතාවගේ රාජ්‍ය දේපළ සොරකම් කළ පාදඩ දේශපාලනඥයින් මහනායක හිමිවරු බැහැ දැකින්නට පූජා වට්ටි නොයෙකුත් භෞතික සම්පත් දේපළ ජාතියේ මහ භාණ්ඩාගාරයේ බදු ගෙවන ජනතාවගේ මුදල් සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් භික්ෂු සමාජය වෙත කාන්දු කිරීම බෞද්ධ පන්සල් අත්වැල් බැඳගෙන සිටින පාදඩ දේශපාලනඥයන්ගේ කූඨ උපාය මාර්ගයක්.
ජනතාව පමා වූ නුවන ඇතුන් ලවා අද්දන්නට නොහැකි බව දැන්වත් තේරුම්ගන්න අවශ්‍යයි.

ඇත්තටම උතුරේත්, දකුණේත් ජාතීන් අතර වෛරය නිෂ්පාදනය කළේ භික්ෂුව හා පාදඩ දේශපාලනඥයන් කිව්වොත් වඩා නිවැරදියි.
ඒ තුළින් දේශපාලනය සිංහල ප‍්‍රජාවගෙන් කොල්ල කෑවේ ඉතාමත්ම උපායශීලී ලෙසයි.

ජාතියේ මුදේවතාවන් ලෙස සලකන යතිවර සමාජයේ ආශිර්වාදය ඔවුන්ට හැම විටම හිමි වුණා.

අප මෙය වටහාගැනීමට ලංකාවේ විද්වත් භික්ෂු සමාජය මනාලෙස ඒ සඳහා කර තිබෙන කාර්ය භාරය ඉතාමත්ම ලැජ්ජා සහගත නොසලකා හැරීමට සිද්ධ වෙනවා.
ඒ අනුව ලංකාවේ 2022 වසර ගෙවී ගිය අමතක නොවන දවස් හා දේශපාලන දෛනික චර්යාවන් පිළිබඳව පසු විපරමක් කිරීම මේ වෙලාවේ ඉතා වැදගත්.
2022 ජනවාරි මාසයේ 2 වැනි දින ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 99 න් 85ක් නැවත පවරා ගත් බව ගම්මන්පිල බලශක්ති ඇමැතිවරයා එදා කිව්වා.
කෝවිඞ් බූස්ටර් ආරම්භ කළා.

ජනවාරි 02 පසුව ජනවාරි 04 චීන කසල පොහොර නැවට මහජන බැංකුව සල්ලි ගෙවනවා. මේ පිළිබඳව ඉතාම යමක් සඳහන් කළ යුතුයි.
චීනයෙන් ආනයනය කරන ලද කාබනික් පොහොර ප‍්‍රමිතියෙන් තොර බව හෙළි වෙනවා. පසුව ශී‍්‍ර ලංකාව එම පොහොර භාර ගැනීම ප‍්‍රතික්ෂේප කරනවා.
එහෙත් ඉන්දිය සාගර කලාපයෙන් පිටව නොගිය චීන නෞකාව චණ්ඩිකමින් වන්දි ගෙවන ලෙස මෙරට රජයට බලපෑම් කරනවා.
ශී‍්‍ර ලංකාවේ මහජන මහාධිකරණයෙන් වන්දි ගෙවීම ඒ වෙනකොට වාරණයකට ලක් කර තිබුණා.

2022 ජනවාරි මාසයේ එම තහනම ඉවත් වීමත් සමඟම ජනවාරි 07 මහජන බැංකුව චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 67ක් වන්දියක් ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගෙවා දමනවා තමන්ගේ දේපළක් විදියට සලකලා.

ජනතාවගේ දුක් මහන්සිය ස්වාධිපත්‍ය ඒ ආකාරයට ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගෙවා දමලා කිසිම නිසි පිළිවිතරයක් අනුගමනය නොකොට පොහොර ඇණවුම් කිරීමෙන් රජයට සිදු කළ පාඩුව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් මෙතෙක් රාජ්‍ය අංශයෙන් සිදු වුණෙත් නැහැ.
ඒ පිළිබඳව රජය මැදිහත් කි‍්‍රයාකාරී නිසි වැඩපිළිවෙළක් දියත් කළෙත් නැහැ.

ජනවාරි 08 ප‍්‍රවීණ රංගන ශිල්පී සිනමා රංගන ශිල්පි රොබින් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වෙනවා.

ජනවාරි 09 ඒ සිද්ධියත් එක්ක ඊට පෙර ජනවාරි 07 ඇමතිවරුන් පසුපස බුද්ධි අංශ යෙදවීම ප‍්‍රශ්නයක් බව සුසිල් පේ‍්‍රමජයන්ත හිටපු ඇමතිවරයා ප‍්‍රකාශ කරනවා.
පසුව ඔහුගේ ඍජු ප‍්‍රකාශත් සමඟ නැවත රාජ්‍ය ඇමැති පසු කාලයේ අධ්‍යාපන ඇමැති දක්වා දිගු වෙනවා. ජනවාරි 10 අදියර 7කින් විදුලිය විසන්දි කිරීමට සැලසුම් දියත් වෙනවා.
ජනවාරි 11 බොරැුල්ල සර්ව සාන්තුවරයන්ගේ ස්ථාන පරිශ‍්‍රයේ තිබිලා අත්බෝම්බයක් සොයා ගන්නවා. ජනවාරි 12 රාජගිරිය දේවස්ථානයේ අල්තාරය අසල බෝම්බයක් තිබිල හමුවෙනවා.
2012 බන්ධනාගාර කැරැුල්ලේදී සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළා.
නඩුවේ පළමු විත්තිකරු වූ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් වෙනවා.

ජනවාරි 13 වැලිකඩ සිරකරුවන්ගේ ඝාතනයේ නිදහස හා එමිල් රංජන්ගේ මරණ දණ්ඩනය පිළිබඳව සැබෑ සමාජ සංවාදයක් සිදුවන්නේ නැහැ.
ජනවාරි 19 රට ගොඩනැගීමට පක්ෂ බේද නොසලකා එකතු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යෝජනා කරනවා.
ජනවාරි 18 විදුලියට තෙල් දුන්නොත් ප‍්‍රවාහනය සඳහා තෙල් නැතිවනවා යැයි ඇමැති ගම්මන්පිල ප‍්‍රකාශ කරනවා.
ජනවාරි 27 ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලික සමාගමකට පවරනවා. මේ වනකොට රටේ ටිකින් ටික උද්ධමනය දිගු වෙමින් පවතිනවා.
2022 පෙබරවාරි 02 දා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රාගම නේවාසිකාගාරයට පිටස්තරයන් පිරිසක් පහර දෙනවා.
එහිදී තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් වෙනවා. ඒ සිද්ධියේදී ඊට අදාළ වගකිව යුතු රාජ්‍ය ඇමැතිවරයාගේ පුතා නිදහස් වෙනවා.
පෙබරවාරි 04 හැත්තෑ හතර වෙනි නිදහස් උළෙල පැවැත්වෙනවා. එහිදී අගරදගුරු හිමිපාණෝ අදාළ නිදහස් උළෙල වර්ජනය කරනවා.
පෙබරවාරි 15 ප‍්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප‍්‍රාප්ත වෙනවා.

ලංකාදීප පුවත්පත දැඩිව පේ‍්‍රමදාස වාදීව අනුගමනය කළ වකවානුවක සිංහල භාෂාව මනාව හසුරවපු පුද්ගලයෙක් තමයි සමන් චන්ද්‍රනාත් වීරසිංහ.
ඒ වන විට ලියුම්කරු ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කළා.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ පසු කාලයකදී කිසිම දේශපාලන පක්ෂයක ගැතිකම් කිරීමට ගියේ නැහැ.

මාර්තු මාසය

මාර්තු 01 දා පාස්කු වින්දිතයන් ගැන කියන්න කාදිනල් හිමිපාණෝ වතිකානුවේදී පාප්තුමා හමුවෙනවා. මාර්තු 02 දින පක්ෂ 11ක කණ්ඩායම් මුළු රටටම හරිමඟට යන වැඩපිළිවෙළට එකතු වෙනවා.
එහිදී විමල් හා ගම්මන්පිල කැබිනට් එකෙන් නෙරපීම සිදුවෙනවා.

මාර්තු 18 – 2019 පාස්කු ඉරිදා පාස්කු ප‍්‍රහාරය කල් තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට අපොහොසත් වීමෙන් සාපරාධී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අදාළ චෝදනාවලින් නිදහස් කරනවා.
මාර්තු 24 ප‍්‍රවීණ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතා අභාවප‍්‍රාප්ත වෙනවා.

මහින්ද රාජක්ෂට නිහඬව උපරිම ලෙස කඬේ ගිය මාධ්‍යවේදියෙක් බන්ධුල පද්මකුමාර. ගෝඨාභය රාජපක්ෂ මාර්තු 24 සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා.
මුදල් ඇමති බැසිල් සහන මල්ලක් දෙන බව කියනවා.

මේ අතර වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මනාව විධිමත්ව කල එළි බහින්නේ ඒ අවස්තාවේ.

මුදල් ඇමැති බැසිල් මේ අවස්ථාවේදී හමුවෙන්න යන්න කලින් ගිවිසුම් තුනක් රහසේ අත්සන් කළ බව මාර්තු 27 දින එළිවෙනවා.
මාර්තු 27 රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස ප‍්‍රකාශයට පත් වෙනවා.

මාර්තු 29 රනිල් අගමැති කරන්න අපට මොළේ අමාරුවක් නැහැ යනුවෙන් රෝහිත අබේගුණවර්ධන ප‍්‍රකාශ කරනවා.
එසේ කියපු රෝහිත අබේගුණවර්ධන මේ වන විට රනිල් පසුපස ප‍්‍රශස්ති ගයමින් අමාත්‍ය ධුරයක් ලබා
ගැනීමට පසුතැවෙමින් ඉන්නවා.

මාර්තු 31 රජය විසින් ආර්ථිකය හසුරුවන අයහපත් ක‍්‍රමයට විරෝධය පළ කමින් සිය ගණනක් විරෝධකරුවන් මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට කඩා වදිනවා.
එය නිවසට කඩා වැදුණා යැයි කීමට වඩා නිවස ආසන්නයේ සිය විරෝධතාවය දක්වන බහුතර ප‍්‍රජාවක් එකතු වන අවස්ථාවක් වශයෙන් නම් කිරීම වඩාත් වැදගත්.
ඒ අනුව මාර්තු 31 ඒ සිද්ධියත් එක්කම අපේ‍්‍රල් 1 වැනිදා රාතී‍්‍ර ජනාධිපතිගේ පුද්ගලික නිවස අසල සාමකාමී උද්ඝෝෂණයට පොලිස් ප‍්‍රහාරයක් හා බස් රථයකට ගිනි තැබීමක් සිදු වෙනවා.
වට්ස් ඇප් එකමුතුව හරහා තුන්වැනි උද්ඝෝෂණයක් කැඳවීමක් සිදුවෙනවා.

ඉන් පස්සේ අපේ‍්‍රල් 1 වැනිදා මිනීමැරුම් නඩුවෙන් පේ‍්‍රමලාල් ජයසේකර නිදොස්කොට නිදහස් කිරීම තුළ මහින්ද රාජපක්ෂලාගේ සැබෑ නීති විරෝධී සමාජ භාවිතය හා හැසිරීම පිළිබඳව මහජන විරෝධය සෙමින් පටන්ගැන්ම ආරම්භ වෙනවා.
අපේ‍්‍රල් 3 ඇඳිරි නීතිය මධ්‍යයේ කොළඹ මහජන උද්ඝෝෂණයට විශාල පිරිසක් ප‍්‍රවේශ වෙනවා. මේ අතර අපේ‍්‍රල් 3 කැබිනට් ඇමැතිවරු බහුතරයක් එහෙම නැත්නම් 26ක් ඉල්ලා අස්වෙනවා. ජනතාව වීදි බැසීම වළක්වන්න ෆේස්බුක් තහනම් කරනවා.
රට පුරා ඇඳිරි නීතිය පැනවෙනවා.

මේ තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතාම අහිතකර තත්ත්වයක් උද්ගත කරනවා.

ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ වී ඇති ඇමතිකම් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලට ඉන් පසුව ඇරයුම් කරනවා.
අපේ‍්‍රල් 5 දයාසිරි, සුදර්ශනී, පි‍්‍රයංකර, ලසන්ත, දුමින්ද ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 14ක් සිය ඇමතිකම් අත්හැර ස්වාධීන වෙනවා.
පසුව ඒ තත්ත්වය මන්තී‍්‍රවරු 42ක් දක්වා ස්වාධීන වෙන්න වැඩකටයුතු සිද්ධ වෙනවා. 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න මේ අතර කැබිනට් අනුමැතිය හිමි වෙනවා.
ගෝල්ෆේස් හි ගෝඨා ගෝ ගම පිහිටුවීම හා අඛණ්ඩව උද්ගෝෂණය අපේ‍්‍රල් 9 වෙනකෙට ඇරඹෙනවා. ඉන් පස්සේ 27 දින මම කීයටවත් ඉල්ලා අස්වන්නේ නැහැ යනුවෙන් අගමැති කියා සිටිනවා.
මේ තත්ත්වය මනාව වටහාගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය දුරාචාරයේ නියැලී සිටින මහින්ද රාජපක්ෂගේ යතාර්ථය තේරුම් ගැනීම අදාළ දිනවල මනාව සිදුවෙනවා.
ඒ අතර ජනාධිපති ඉවත්වෙනවා නම් ගැටලූ බහුතරයක් ගොඩඑන බවට ප‍්‍රතිරූපයක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේම පිරිසක් තිරය පිටුපස සුවිශාල ප‍්‍රචාරයක් ගෙන යනවා.
අපේ‍්‍රල් 28 අගමැති මහින්ද ඉල්ලා අස්වෙනවා.

එතැනදී සර්වපාක්ෂික ආණ්ඩුවක් හඳනවා යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියනවා. මේ අතර ගෝඨාභය තාම මට යන්න කිව්වේ නැහැ අගමැති මහින්ද ප‍්‍රකාශ කරනවා.
මැයි 1 වැනි දින සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති ගෝඨාභය එකඟ වෙනවා. ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්තී‍්‍රවරුන් සමඟ ගෝඨා සාකච්ඡුාවක නියැලෙනවා.
මැයි 3 වන දින ජනතා විමුක්ති පෙරමුණ සෙසු දේශපාලන පක්ෂවල මූල්‍ය වංචා ලිපිගොනු රැුසක් එළියට දමනවා.
නමුත් ඒ සම්බන්ධව කි‍්‍රයාකාරි නෛතික කටයුතු කිරීම සිදු විය යුත්තේ ශී‍්‍ර ලංකාවේ නීතිය අනුව නීතිපති දෙපාර්තමේන්තුව.
නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන තෙක් ඒ පිළිබඳව දැඩි නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන පක්ෂ 11ක් ජනාධිපතිට යෝජනාවක් ගෙන එනවා.
මැයි 5 දා අගමැති මහින්ද කිසිසේත්ම ඉවත් නොවන බව නැවතත් කියනවා.

අන්තර්කාලීන ආණ්ඩුවකට යා යුතු බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ඒ අතර ආණ්ඩුවට ප‍්‍රකාශ කරනවා. ගෝඨභය, සජිත් පේ‍්‍රමදාසට අගමැතිකම භාරගන්න කියන්නේ මැයි 7 වැනිදා.
මැයි 8 ජනාධිපති ඉවත් වනවා නම් ආණ්ඩුව භාර ගන්න එකඟ බව අනුර කුමාර ප‍්‍රකාශ කරනවා.

අරලියගහ මැදුරෙන් පිටත් වූ පොහොට්ටු මැරයෝ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දෙන්නේ මේ අතර.
ඒ සිදුවන්නේ පොහොට්ටුවේ පාදඩ දේශපාලන නඩ ගෙන්වා ජනතාවගේ බදු මුදලින් යැපෙන අරලියගහ මැදුරේ අගමැති මහින්ද රාජක්ෂගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වීමක් පවත්වා මහින්ද රාජපක්ෂ ඉවත් වෙනවා හෝ ඉවත් කිරීමට එරෙහි වන බව අදාළ පාක්ෂිකයින්ගේ හඬ නැගීමෙන් පසුවයි.
එම සිදුවීම හුදෙක්ම ගෝඨාභය රාජපක්ෂට අනියම් ලෙස බලපෑම් කිරීමක් වෙනවා.

මේ අතර මයිනා ගෝ ගමට හා අනතුරුව ගෝල්ෆේස් හි ගෝඨා ගෝ ගමට රාජපක්ෂ පාතී මැර ප‍්‍රහාරය අදාළ රැුස්වීමෙන් පසු සිදු වෙනවා.

එදිනම සවස් වන විට කොම්පඤ්ඤ වීදිය ආශි‍්‍රතව බස් ගිනි තැබීම් ආරම්භ වෙනවා.

රට පුරා වාහන මන්තී‍්‍ර හා අමාත්‍යවරුන්ගේ දේපළ ගිනි තැබීම වාර්තා වෙන්න පටන් ගන්නවා.

ඒ අතර ගෝඨා ගෝ ගමට පහරදුන් දාමරිකයන් අල්ලා බේරේ වැවට දමන මහජන විප්ලවීය ස්වභාවයක් මතු වෙනවා.
පොදුජන පෙරමුණ මන්තී‍්‍ර අමරකීර්ති අතුකෝරළගේ හා ඔහුගේ සිය ආරක්ෂකයා නිට්ටඹුවේදී 7 දෙනෙකුට වෙඩි තබා එක් තරුණයකු මරා දමනවා.
අදාළ මන්තී‍්‍රවරයා හා ආරක්ෂකයාත් ඒ සමඟම මරණයට පත් වෙනවා.

නිට්ටඹුව ගැටුමෙන් අමරකීර්ති අතුකෝරළ මන්තී‍්‍රවරයා හා නිලධාරියාගේ මරණයට පත්වීම මේ වන විට ආභරණයක් කරගෙන පොහොට්ටු මන්තී‍්‍රවරු සිය මහජන මුදල් මංකොල්ලකෑමේ වෑයමකට යෙදී ඉන්නවා.
එය නෛතිකව කි‍්‍රයාත්මක කරන්න අදාළ කි‍්‍රයාදාමයන් දියත් වී තිබෙනවා.

මැයි 11 කැරලිකරුවන් හම්බන්තොට ඞී. ඒ. රාජපක්ෂ පිළිරුව පෙරළීම සිදු වෙනවා. මැයි 13 රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරේ දිවුරුම් දෙනවා.
ගෝල්ෆේස් ප‍්‍රහාරයෙන් පස්සේ මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමේ ලිපිය ගෝඨාභය රාජපක්ෂට දෙන්න සිදු වෙනවා.
මැයි 17 ඉදිරි මාස කිහිපය ජීවිතයේ දුෂ්කරම කාලය විය හැකි බව අගමැති රනිල් ජාතිය අමතා ප‍්‍රකාශ කරනවා.
කැබිනට් මන්තී‍්‍රවරු 9ක් ඉන් පසුව දිවුරුම් දෙනවා.

තමිල්නාඩුවේ ආධාර නැවක් කොළඹට මැයි 21 එනවා.

උද්ඝෝෂණයට යළිත් විශාල ජන සහභාගිත්වයක් මැයි 18 ඇති වෙනවා. උද්ඝෝෂකයින් 9ක් ඒ වන විට අත්අඩංගුවට ගැනෙනවා.
මැයි 25 රනිල් වික‍්‍රමසිංහ මුදල්, ආර්ථික, ස්ථාවරත්වය හා ජාතික ප‍්‍රතිපත්ති ඇමති ධුරයේ දිවුරුම් දෙනවා. ජූනි මාසය බැසිල් මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් වෙනවා.
ජූනි 10 බැසිල්ගේ පුරප්පාඩුවට දුරාචාර ව්‍යපාරික ධම්මික පෙරේරා නමැති රාජ්‍ය ව්‍යවස්ථාදායකයට පත්වෙනවා.
දුරාචාර ව්‍යාපාරකයකු ඍජුවම කැසිනෝ ව්‍යාපාරිකයෙක් පාර්ලිමේන්තුවට පත්වන පළමු අවස්ථාව ජූනි මාසයේ සිද්ධ වෙනවා.
ජූලි 9 ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිලි උද්ඝෝෂකයින් අත්පත් කර ගන්නවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ අඩියක් පසුපසට තබනවා.
ආණ්ඩු විරෝධී පෙළපාලි කරුවෝ රටේ සිවු දෙසින් කොළඹට ප‍්‍රවේශ වෙනවා.

ලක්ෂ සංඛ්‍යාත උද්ඝෝෂකයෝ කොළඹ කොටුව ප‍්‍රදේශය වසාගත් එකම හිස් ගොඩක් බවට පත් වෙනවා. පෙළපාලි කරුවෝ බාධක බිඳගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යනවා.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරයට, අග‍්‍රාමාත්‍ය කාර්යාලය උද්ඝෝෂකයින් විසින් පසුව යටත් කරගන්නවා.

නමුත් එය ඉතාම ප‍්‍රතිඵල අත් නොවන උද්ඝෝෂකයින්ගේ වැඩසටහනක් පමණක් බවට පත් වෙනවා.

දේශපාලන සාක්ෂරතාවයක් මනාව නැති උද්ඝෝෂක පිරිසකගේ හැසිරීම භාවිතය ඉතාමත්ම ඛේදවචාකයක් බවට පසුව පත් වෙනවා.
ජූලි 10 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට නුදුරින් සිටින බව කථානායක පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට තුළ සිටින බව කථානායකට නිවේදනය කරන්න සිද්ධ වෙනවා. ජනාධිපති ගෝඨාභය ජූලි 12 රටින් පිට වෙනවා.
ජූලි 13 උදෑසන අගමැති කාර්යාලය උද්ඝෝෂකයින් අත්පත් කර ගැනීම සිදුවෙනවා.

ජූලි 12 එක්සත් ජනපදය ගෝඨාභය රාජපක්ෂගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඒ නිසා ඔහු යන්නේ 13 දින උදේ ජනාධිපති ගෝඨාභය ගුවන් හමුදා යානයකින් මාලේ බලා පිටත් වෙනවා. ගෝඨාගේ පැමිණීම ගැන මාලදිවයිනේ විපක්ෂය සිය විරෝධතා ඒ අතර දියත් කරනවා.
ජූලි 14 මන්දිරය යළි භාරදීමට තීරණය කිරීම හා ජනාධිපති ලේකම් කාර්යාල පුස්තකාලය පමණක් තබා
ගැනීමට අරගල කරුවන් ප‍්‍රකාශ කරනවා.

ජූලි 14 ගෝඨාභය රාජපක්ෂ සංචාරකයකු ලෙස සිංගප්පූරුවට යනවා.

ජනාධිපති ගෝඨාභය ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට බස්සවා පැමිණීමෙන් පසුව ඒ පිළිබඳව ගුවන් හමුදාපති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරනවා.
ජූලි 15 රනිල් වැඩ බලන ජනාධිපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙනවා. අනුප‍්‍රාප්තික ජනාධිපති ධුරයට නාමයෝජනා ඉන්පසුව ගැනෙනවා.
ජූලි 21 රතු කුරුස සංවිධානය ගෝඨා ගෝ ගමින් ඉවත් වීම සිදු වෙනවා.

ජූලි 22 පාන්දර ගෝඨා ගෝ ගමට හමුදා ප‍්‍රහාරය හා ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල යළි ආණ්ඩුව භාරයට ගැනීම සිදු වෙනවා.
ජූලි 20 වෙනකොට අනුප‍්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා පැවති ඡුන්ද විමසීමේදී රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු ඡුන්දයෙන් මන්තී‍්‍රවරුන්ගේ ඡුන්ද 134ක් ලබාගනිමින් ජනාධිපති ධුරයට පත් වෙනවා.
ඉන් පසුව දිනේෂ් ගුණවර්ධන අගමැති ධුරයේ දිවුරුම් දෙනවා.

ජූලි 24 අරගලකරුවන්ට විහාර මහා දේවි උද ්‍යානය දෙන බවට ජනාධිපති රනිල් පවසනවා.

ජූලි 26 අරගල නායකත්ව පිරිසකට රටින් පිට වීම තහනම් කරමින් උසාවි නියෝග නිකුත් වෙනවා.

ජූලි 26 ගුවන් යානයක් තුළ දී දනිස් අලි රූපවාහිනියට ඇතුළු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙනවා. අගෝස්තු 4 ගෝල්ෆේස් අරගල කරුවන්ට ඉවත් වීමට සවස 5 වන තෙක් රජය කල් ලබාදෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් වන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සියලූම පක්ෂවලින් ඉල්ලා සිටිනවා. අගෝස්තු 11 අරගල කරුවෝ ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වන බව අධිකරණයට දන්වනවා.
ගෝල්ෆේස් අරගලකරුවන්ව ආරක්ෂක හමුදා පහරදී ඒ අතර ඉවත් කරනවා. අගෝස්තු 9 වන විට නිල වශයෙන් ගෝඨා ගෝ ගම අහෝසි වෙනවා. අගෝස්තු 30 රනිල් වික‍්‍රමසිංහ රජයේ අතුරු අයවැය සම්මතයට පත් වෙනවා.

සැප්තැම්බර් 8 දෙවැනි එළිසබත් මහ රැුජිනගේ අභාවය සිද්ධ වෙනවා. එහිදී රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා.
සැප්තැම්බර් 12 ශී‍්‍ර ලංකාව විස්සයි විස්ස කි‍්‍රකට් ආසියානු කුසලානය දිනා ගන්නවා. ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගන්නවා.
ඔක්තෝබර් මාසය දෙවැනි දින දං ඕවිටදී පොලිස් වෙඩි පහරින් බසයක ගිය තරුණයෙක් මිය යනවා. නොවැම්බර් 6 බිලියන 2.4ක මුදල් වංචාවක් තිළිණි පි‍්‍රයමාලි නමැති කාන්තාව රිමාන්ඞ් භාරයට පත් වෙනවා. ඒ අතර ජිනිවා වලදී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වෙනවා.
2023 අයවැය නොවැම්බර් 14 වෙනිදා ඉදිරිපත් වෙනවා.

දෙසැම්බර් 4 මාර්තු 20 ට පෙර පළාත් මැතිවරණ ඡුන්ද තිබෙන බව මැතිවරණ කොමසාරිස් සහතික වෙනවා.

දෙසැම්බර් නමය 2023 මාර්තු මුලදීත් පුංචි ඡුන්දය තිබෙන බව මැතිවරණ කොමසාරිස් නැවත ප‍්‍රකාශ කරනවා.
මූල්‍ය සමාගමක සභාපති දිනේෂ් සාෆ්ටර් බොරැුල්ල කනත්තේදී ඒ අතර ඝාතනය වෙනවා.

2050ට යනවාද නැත්නම් 1950ට ආපසු හැරී යනවාද ජනතාවගෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඒ අතර අහනවා.
විදුලි බිල ජනවාරියේ වැඩි කරන බව විදුලිබල ඇමැති දෙසැම්බර් 22 ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයක් කරනවා. දෙසැම්බර් 25 නත්තල් දා ජලගැල්මෙන් මහනුවර ඇතුළු ප‍්‍රදේශ රැුසකට හානි පැමිණෙනවා.
රටේ බහුතරයක් කි‍්‍රස්තු බැතිමතුන්ට ජේසු බිළිඳාගේ උපත සැමරීමට අහිමි වෙනවා.

මේ තත්ත්වය කොහොම වෙතත් රටේ තවදුරටත් ආර්ථික අර්බුදයේ දිගුව තවදුරටත් දිගු වෙමින් තිබෙන සමාජ පරිසරයක ඇත්තටම ලංකාවේ 2022 අමතක නොවන පෙරළි සහ දිළිඳුභාවයේ අන්තයට ජනතාව පත් වූ වර්ෂයක් වශයෙන් සලකන්න පුළුවන්.
මේ අතර ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතීන්වල ප‍්‍රමුඛ චරිතයක් වූ සිනමා හා වේදිකා ටෙලිනාට්‍ය නළු රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි 2022 ජුලි මාසයේදි 3 දා අනුරාධපුර තලාව ප‍්‍රදේශයේදී රිය අනතුරකට භාජනය වෙනවා.
ටෙලිනාට්‍ය රූගත වීමකට සහභාගි වී ආපසු යමින් සිටි ජැක්සන් පැදවූ වාහනය තලාවේදී වන අලියෙකු හා
ගැටීමෙන් ඔහු බරපතල තුවාල ලබා සිටියා.

මාස 6කට අධික කාලයක් තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන ජැක්සන් ඇන්තනි මේ වන විට ප‍්‍රකෘත්ති තත්ත්වයට පත්ව නැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන පාදඩ දේශපාලනඥයන් සඳහා කඬේ ගිය ජැක්සන් ඇන්තනි භික්ෂූන් වහන්සේත් අභිබවා මහින්ද රාජපක්ෂ බුදු හාමුදුරුවන්ගේ ඥාතීන් බව ප‍්‍රකාශයට පත් කිරීම ඒ පවුකාර ප‍්‍රකාශය තුළම මෙලොවදීම ඔහුට අත් වූ ඉරණමක් ද යන්න ගැටලූ සහගත තත්ත්වයක්.
එම ප‍්‍රකාශය පිළිබඳව ජැක්සන් ඇන්තනී ප‍්‍රජාවගෙන් සමාවක් ගැනීමක් හෝ ඒ පිළිබඳ පශ්චාත්තාප වීමක් හෝ සිදුවූයේ නැහැ.
ඒ පිළිබඳව අන්තර්ජාතික සිනමා උළෙලක් පැවැත්වු රීගල් සිනමා ශාලාවේදී ලියුම්කරු ජැක්සන් ඇන්තනීගෙ න් ඍජුව ප‍්‍රශ්න නැගීමේදී ඔහු දැඩි නිහඬතාවයකින් සිටි අතර එම සම්මාන චිත‍්‍රපට ප‍්‍රදර්ශනයට සහභාගි වූ ප‍්‍රජව ඔල්වරසන් හා අත්පුඩි දිගින් දිගටම ඒ අවස්ථාවේදී ලබාදුන්නා.

කරුණු කෙසේ වෙතත් මහජනතාවගේ දුගී දුප්පත් භාවයේ පත්ලටම රට තල්ලූ වූ වසරක් වූ 2022 වසර තුළ අත් වූ ඛේදවාචක තත්ත්වය තවදුරටත් දිගු වෙනවාද කියන ප‍්‍රශ්නය ගැටලූ සහගත තත්ත්වයක්.
නව වසරක් එළැඹෙන මේ මොහොතේ අපේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ශී‍්‍ර ලංකාවේ ඉරණම සිවිල් පුරවැසි ඔබම අතට ගන්නා ලෙසයි.
දේශපාලනඥයන්ගේ ඉච්ඡුා බස්වලට නොරැුවටෙන ලෙසයි.

ලෝකය පරයා නැගෙන්නට අපේ යෞවන යෞවනියන්ගේ නැණ නුවන ගොඩනැගීමට කැප විය යුතු සමාජ පරිසරයක අපට නැවත ඥානය ලබාදීමට මගක් ලැබේවා යැයි අලූත් නව වසරේ පී. එෆ්. පී. නිවුස් පැතුමයි.
සොබාදහම නියතයටම අනුව කුඩාම පණුවකු වුවද පාගන විට ඇඹරෙනවා.

තමා මත හෙලූ පීඩනය පෙරලා දමන්නට සතා වෑයම් කරනවා.

ලංකාවේ බහුතරයක් ප‍්‍රජාව වෙනසක් ඉල්ලනවා. යුක්තිය හා සාධාරණය ඉල්ලනවා.
අරගල කරනවා.

දෛනිකව රාති‍්‍ර කාලයේ පන්දම් දල්වා නාගරිකව ග‍්‍රාමීයව වශයෙන් විරෝධතා දක්වමින් ඉන්නවා.

නිහඬව දක්වන විරෝධයට ඇත්තටම සෙසු ප‍්‍රජාව අභිමානයෙන් කිසියම් දායකත්වයක් ලබාදිය යුතු නොවේද?

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් වැලිවිටියේ ශී‍්‍ර සෝරත නාහිමියන් පැවසුවේ අරගල නොකරන විප්ලවකාරී මනසක් නැති සිසුන්ගෙන් මේ විශ්වවිද්‍යාලයට ප‍්‍රයෝජනයක් නැත යනුවෙන්.
නමුත් හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළ සිදුවෙන විරෝධතාවය ඊට හාත්පසින්ම වෙනස්.

ඒ කිලිටි තොරතුරු කණවැල එළැඹෙන ඉදිරි දිනයක විමර්ශනාත්මකව පී.එෆ්.පී. නිවුස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න