ලංකාව භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610ක්.
ශී‍්‍ර ලංකාවේ සමුද්‍රීය ජල ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 489,000ක්.
රට තුළ වර්ග කිලෝමීටර් 437,000ක භූමි ප‍්‍රමාණයක අනන්‍ය ආර්ථික කලාපයක් තිබෙනවාද කියන ප‍්‍රශ්නය මතු වෙමින් තිබෙනවා.
රටේ ප‍්‍රධාන ගංගාවන්ගේ මූලාශ‍්‍රය වන මධ්‍යම කඳුකර ප‍්‍රදේශ මීටර් 2524 උසින් පිහිටා තිබෙනවා.
රටේ වයඹදිග හා අග්නිදිග පළාත්වල අර්ධ දුෂ්කර කලාපද මධ්‍යම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000කට අඩුවෙනවා.
මධ්‍යම කඳුකරයේ නිරිතදිග බෑවුම්වල මිලිමීටර් 5000කට වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 – 28ත් අතර පවතිනවා.
මධ්‍යම කඳුකරයේ එය 15 – 19ත් අතර වෙනවා.
රට පුරා කෘෂි පාරිසරික කලාප පවතින මෙවන් තත්ත්වයක් හමුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන අලූත්ම වාර්තාවෙන් කියන්නේ කුමක්ද?
2022 වර්ෂයේ තෙවන කාර්තුවේ එනම් ජූලි මස 01 දා සිට සැතැම්බර් 20 දක්වා ලංකාවේ නිෂ්පාදන ප‍්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් හා ස්ථාවර මිල ගණන් අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය 11.8%කින් පසුබෑමකට
ලක්වෙලා තිබෙනවා.
මේ තත්ත්වය වඩාත් අර්බුද කාරී තත්ත්වයකට ගොදුරු වෙමින් යනවා.
පරිසර පද්ධතීන්, වැසි වනාන්තවල සිට තෘණ භූමි දක්වා විහිදෙන පරිසරයක් තුළ තමයි මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙන්නේ.
ගංගා තෙත් බිම් නැවුම් ජල මූලාශ‍්‍ර සහ වෙරල හා සමුද්‍රීය පරිසර පද්ධතිය දක්වා මනාව විහිදී තිබෙන සෞන්දර්යයක් රටට ගෙනෙන පරිසරයක් තුළ සංචාරක ව්‍යාපාරයෙන් සුවිශාල ප‍්‍රාග්ධනයක් ගොඩනැගීමට ඇති පරිසරයක් තුළ රට තවදුරටත් අගතියට තල්ලූ වෙමින් තිබෙනවා.
සපුෂ්ප ශාක වර්ග 3800කින් පමණ ශී‍්‍ර ලංකාව පොහොසත්.
ඉන් 23%ක් ලංකාවටම ආවේණික සපුෂ්ප ශාක කියල කියන්න පුළුවන්.
ශී‍්‍ර ලංකාවට ආවේණික සත්ව වර්ග විශාල සංඛ්‍යාවක් පවතින අතර ලංකාවේ ජෛව විවිධත්ව අතින් පොහොසත් ලෝකයේ රටවල් 18 වන ස්ථානයේ ශී‍්‍ර ලංකාව පැවතියා.
ඉදිරි කාලය පවතින ආර්ථික අර්බුදය හමුවේ කොතැන්ට තල්ලූවේද යන්න ගැටලූ සහගතයි.
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ නීතිමය හා පරිපාලන ව්‍යුහය ජනරජ ව්‍යවස්ථාවක් මත පදනම්ව
තිබෙනවා.
සැබැවින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රට පරිපාලනය වනවාද කියන ගැටලූ සහගත තත්ත්වය මතු වෙමින් තිබෙනවා.
පරිපාලනමය පහසුව තකා රට පළාත් 9කට බෙදා වෙන් කර තිබෙනවා.
නමුත් වසර ගණනාවක සිට පළාත් සභා මැතිවරණය ලංකාවේ පවත්වලා නැහැ.
බලය පළාත්වලට පවරා නැති පරිසරය තුළ රාජ්‍ය සේවයේ ¥ෂණය රාජ්‍ය නිලධාරින්ගේ ¥ෂණය ප‍්‍රවර්ධනය වෙලා තිබෙනවා.
මහජන ඡුන්දයෙන් තේරී පත්වන පළාත් සභා පරිසරයක් මේ වන විට දක්නට නැහැ. රාජ්‍ය නායකයා හා විධායකය ජනාධිපතිවරයා වෙනවා.
නව ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් නොවන අතර මහජන නියෝජිතයන්ගෙ න් පාර්ලිමේන්තුවට පත් වූ මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දයෙන් එනම් පාර්ලිමේන්තු ඡුන්දයෙන් ජනාධිපතිවරයෙකු වූ රනිල් වික‍්‍රමසිංහ කිසියම් දීර්ඝ කාලීන වැඩසටහනකට යෑමට උත්සාහ ගනිමින් තිබෙන බව පෙනෙන කරුණක්.
නමුත් මහජන විරෝධය ඊට දෛනිකව දිගු වෙමින් පවතිනවා. සම්ප‍්‍රදායිකව රාජ්‍ය නායකයා හා විධායකය ජනාධිපතිවරයා වෙනවා.
මෙතෙක් ජනාධිපතිවරයා සර්වජන ඡුන්ද බලය මගින් වසර 5ක කාලයක් සඳහා පත්වන පසුබිමක් තිබුණා.
අග‍්‍රාමාත්‍යවරයා හා කැබිනට් ඇමැතිවරු ප‍්‍රධාන ව්‍යවස්ථාදායක මණ්ඩලය වන පාර්ලිමේන්තුව හරහා තෝරා
ගැනීමේ පරිසරයක් තිබෙනවා.
අග‍්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ අධිකරණ පද්ධතිය මෙහෙයවනු ලබනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා කිහිපයක්ම ස්ථාපිත කොට තිබෙනවා.
නමුත් ඉදිරි කාලයේදී නව ජනාධිපතිවරයාගේ පත්වීම සහ කොමිෂන් සභාවල කාලය එහි සාමාජිකයන්ගේ කාලය අහෝසි වන්න තිබෙන අවස්ථා වැඩියි.
නව කොමිෂන් සභා සාමාජිකයින්ගේ ඉදිරි කාල පරිච්ෙඡ්දය ස්වාධීන නෛතික කි‍්‍රයාදාමයකට පත්වෙයිද යන ප‍්‍රශ්නය ජනතාව තුළ මතු කර තියෙන්නේ පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට යාම පිළිබඳ සමාජ විරෝධයක් පවතින පරිසරයක් නිසා.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නීර්ණය කිරීමේ කොමිසම, ජාතික ප‍්‍රසම්පාදන කොමිසම හා විගණන සේවා කොමිසම ආදී ස්වාධීන කොමිෂන් සභා හුදෙක් ලංකාවේ පවතින්නේ න්‍යායාත්මකව පමණක්ද යන්න ගැටලූ මතු කර තිබෙනවා.
හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ශක්තිමත් කිරීමට මේ ආයතනවල ස්වාධීනත්වය
තහවුරු කරන කි‍්‍රයාදාමයන් සිදුවනවාද යන්න ප‍්‍රශ්නය මතු වී තිබෙන නිසා.
තවදුරටත් ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් මේ වන විට රටට අවශ්‍ය වී තිබෙනවා.
ඒ සඳහා ශී‍්‍ර ලංකාවේ බුද්ධිමතුන් විවිධ න්‍යායාත්මක හා ප‍්‍රායෝගික කි‍්‍රයාකරුවන් වගකිව යුතු අංශ මැදිහත් කිරීම සඳහා මනා සැලසුම් දියත් කළ යුතු අවස්ථාවක ලංකාව මේ අවස්ථාවේ ඉන්නව කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකාවේ ජනගහනය මිලියන 21ක් වුණා.
ඒ වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන අනුපාතය 4.8%ක්.
1999 දී ශී‍්‍ර ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 825 සිට 2000 දක්වා තිබුණා. පසුව ඇමරිකානු ඩොලර් 897 දක්වා වර්ධනයක් ද පෙන්නුම් කළා.
2015 වර්ෂය අවසානයේදී එය ඇමරිකානු ඩොලර් 3926 දක්වා වර්ධනය වෙලා තිබෙනවා.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගෝලීය ආර්ථික තත්ත්වය පහළ මැදි ආදායම් කණ්ඩායමට අයත් වුණා. නමුත් අද තත්ත්වය කෙසේද?
අමාත්‍ය මණ්ඩල තීරණය අනුවම ලංකාවේ දුප්පත්කම ලිඛිතවම ව්‍යවස්ථානුකූලවම ප‍්‍රකාශයට පත් කරල
තියෙනවා.
2014 වර්ෂයේ පළමු කාර්තුව තුළ ඍජු විදේශ ආයෝජන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් 76ක් වුණා. 2016 අවසන් කාර්තුවේදි එය ඇමරිකානු ඩොලර් මිලියන 636 දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා.
නිෂ්පාදන හා සේවා අංශයේ දායකත්වය වර්ධනය වෙමින් එහෙම පැවතියත් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය තවමත් ස්වාභාවික සම්පත් මත වර්ධනය කර ගන්න පැවති රජයන් හා වර්ථමාන රජය අසමත් වෙලා තිබෙනවා.
කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කැණීම් වැනි ක්ෂේත‍්‍රයන්ගේ දල දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය 1978 දී 33%ක් වුණා.
වර්ෂ 2000 වන විට එය 21% දක්වා පහත වැටී තිබුණා.
ඒක පුද්ගල විදුලි පරිභෝජනය වසර 2000 වන විට කිලෝවොට් 258ක් වුණා. 2014 දී එය කිලෝවොට් 531 දක්වා වර්ධනය වුණා.
2015 දි ප‍්‍රබල බලශක්ති ප‍්‍රබවයන් වූයේ ඉන්ධන 46%ක් ජල විදුලියෙන් විදුලිය සැපයීම 22%යි. ගල් අඟුරුවලින් විදුලිය ප‍්‍රබවයන් වර්ධනය කිරීම 24%ක් වුණා.
සම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වලින් විදුලිය නිෂ්පාදනය 8% දක්වා අඩු මට්ටමක පැවතියා.
ඒ සඳහා මනා ශක්තිමත් පදනමක් ඇතිව කි‍්‍රයා කරන්න විදුලිබල මණ්ඩලය හෝ රජය මෙහෙයුම් කරන
තත්ත්වයක් පෙනෙන මානයකවත් දකින්න නැහැ.
ඉදිරි කාලය තුළ පැය 10ක විදුලිය කප්පාදුවක් 2023 ජනවාරියේ සිට ආරම්භ වන බව විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුම සංගමය පවසනවා.
මේ අතර 2030 වන විට කොළඹට ජලය නොමැතිවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අඹතලේ ජලාශයට මුහුදු ජලය එකතු වීම මීට ප‍්‍රධාන සාධකයක් බව ඊට අදාළ වගකිව යුතු අංශ පවසනවා.
ගල්අඟුරු නොලැබීම නිසා විදුලි කප්පාදුව ඉදිරි කාලයේදී පැය 10ක් දක්වා වර්ධනය විය හැකි බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.
මේ තුළ ඇති මාෆියාව පිළිබඳව 2023 කාලපරිච්ෙඡ්දය තුළ රට තුළ සාකච්ඡුාවට බඳුන්විය යුතුයි.
ලංකාව වර්ෂය පුරාම වැසි ජලය මනාව කළමනාකරගන්න බැරිකම පිළිබඳව අදාළ ඉංජිනේරු අංශ හෝ විදුලිබල මණ්ඩලය නිහඬයි.
ගල්අඟුරු ප‍්‍රමාණවත් වන්නේ දෙසැම්බර් 31 දක්වා පමණක් බව පවසන විදුලි ඉංජිනේරුවන් ඒ සඳහා විකල්ප කි‍්‍රයාමාර්ග සඳහා යායුතු මාර්ග ප‍්‍රකාශ කරන්නේ නැහැ.
සූර්්‍යතාප විදුලි යෝජනා පිළිබඳව ඉංජිනේරුවන් කි‍්‍රයාශීලී මෙහෙයුමකට අත හිත දෙන බවක් පෙනෙන්නේ නැහැ.
සම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් සංවර්ධනය සඳහා කි‍්‍රයාමාර්ග ගන්නේ නම් රටේ විදුලිබල නිෂ්පාදනය සඳහා ඉමහත් සේවයක් වර්ධනය වන සුළුයි.
නමුත් සම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ක‍්‍රමයන් රට පුරා වර්ධනය කරන්න විදුලිබල මණ්ඩලය හා ඉංජිනේරුවන් දක්වන්නේ අඩු සැලකිල්ලක්.
ආදායම් සාධාරණ ලෙස බෙදී යාමට සැලැස්වීම මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ලබාගැනීමට තිබෙන හැකියාව පිළිබඳව අදාළ සැලසුම් ව්‍යවස්ථාදායක සභාව මගින් කි‍්‍රයාත්මක කිරීමට අසමත් වෙලා තිබෙනවා.
කරුණු කොහොම වෙතත් ජනගහනයෙන් 25%කට වැඩි ප‍්‍රමාණයක් එසේ නම් මිලියන 7ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන වපසරියක් මේ වන විට ගොඩනැගී තිබෙනවා.
සාගින්නෙන් ඉන්න ජනතාව වර්ධනය වෙමින් තිබෙනවා.
ආදායම බෙදාහැරීමේ සමහර බරපතල විෂමතාවයන් මේ වන විට රට තුළ පැන නැගී තිබෙනවා. ඒ නිසාම සිවිල් ආරවුල් හා අරගල රට පුරා දියත් වෙමින් පවතිනවා.
වඩාත් විවිධත්වයක් සහිත වානිජමය ආර්ථිකයකට තිරසාර ජීවනෝපාය මාර්ග ගොඩනැගීමට සැලසුම් කිරීමට රාජ්‍ය අංශය අසමත් වීම මීට ප‍්‍රධාන සාධකයක්.
සම්ප‍්‍රදායික කෘෂිර්මය මත පදනම් වූ ග‍්‍රාමීය ආර්ථිකයකින් ලංකාව පරිවර්තනයකට ලක් කිරීමට පසුගිය අවුරුදු 74 පුරාම පැවති රජයන් හා වර්ථමාන රජය අසමත් වීම මීට කේන්ද්‍රීය බලපා තිබෙන ගැටලූවක්.
කෘෂිකර්මාන්තය මත දැඩිව රඳා පැවතීමෙන් ඉවත් වීමට දරන ප‍්‍රයත්නය මේ තුළ පෙන්නුම් කරන සුළු චිත‍්‍රයක්. එය විරැුකියාව හා දරිද්‍රතාවයේ රැුගෙන ගැටලූ විසඳීමට ගන්නා උත්සාහයක්.
අතීතයේදී රජය විසින් තම මහජන ආයෝජනයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් වැව් අමුණු නිර්මාණයට හා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවනු ලැබුවා.
හෙක්ටයාර් මිලියන 17ක් දක්වා වගා කළ හැකි බිම් ප‍්‍රමාණය ව්‍යාප්ත කිරීම සඳහා අදාළ සැලසුම් රජය අතනැති කම මීට ප‍්‍රධාන තවත් සාධකයක්.
කර්මාන්ත පිහිටුවීම, යටිතල පහසුකම් සංවර්ධණය හා නාගරික සේවා මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම මගින් දරිද්‍රතාවය පිටුදැක වේගවත් ආර්ථික වර්ධනයක් ලබාගැනීමට බුද්ධිමත් රජයකට කළ හැකි දෙයක්.
ස්වභාවික සම්පත් පරිහානියට ලක් වීම මනාව ස්වාභාවික සම්පත් කළමනාකරණය කර ගැනීමට අසමත් වීම මීට ප‍්‍රධානම හේතු සාධකයක්.
ලංකාවේ බොහෝ ගංගාවලින් ගලන ජලය අවසානයේ කැලණි ගඟ හරහා මුහුුදට එක්වීම අදටත් සිදුවෙමින්
තිබෙනවා.
ලංකාව තුළ දෛනිකව වර්ෂය පුරා එක් රැුස්වන ගංගා ජලය මනාව කළමනාකරණය කිරීමට නොහැකිවීම මෙහි තවත් සාධකයක්.
අඛණ්ඩව දිගු වෙමින් පවතින දරිද්‍රතාවය වර්ධනය වන පාරිසරික හානිය ආර්ථික වර්ධනය පසුපස හඹා යෑම සඳහා සංකීර්ණ සැලසුම් අවශ්‍ය වන අවස්ථාවක ශී‍්‍ර ලංකාව පසුවෙනවා.
භූමි ප‍්‍රමාණය, වාතය හා ජලය, ¥ෂණය, සෞඛ්‍ය ගැටලූ, ජෛව විවිධත්වයට හානිවීම යන පැති මනාව බුද්ධිමය සංවාදයට ලක් කර ඒ සඳහා ප‍්‍රමාණවත් සැලසුම් දියත් නොවීම මීට ප‍්‍රධාන හේතු සාධකයක්.
ලංකාව අලූත්ම මුහුණ දි තිබෙන ගැටලූව විෂ දුම් වායුව ශී‍්‍ර ලංකාව මේ වන විට ආක‍්‍රමණය කර තිබීමයි. ඊටත් වඩා ගැටලූව ගෙවුම් ශේෂ අර්බුදයකට ශී‍්‍ර ලංකාව මේ වන විට මුහුණ දී තිබීමය.
බංගලදේශයට පවා මේ වන තුරු ශී‍්‍ර ලංකාව ණය කරුවෙක්.
ඉන්දියාවේ දිළින්දන් සිඟා කා එකතු කරන මුදල් ලංකාවට එවන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. කාලයක් ශී‍්‍ර ලංකාව නොසලකා හැරි බංගලදේශයට අද ශී‍්‍ර ලංකාව හෑල්ලූවට ලක් වෙලා තිබෙනවා. සුවිශාල පාරිසරික සම්පත්වලින් හෙබි ශී‍්‍ර ලංකාවට මොකද වුණේ?
ස්වාභාවික හෝ භෞතික සම්පත් නැති කමද?
පසු විමර්ශනයක් සඳහා මේ සඳහා තවදුරටත් ඉදිරි කලාප තුළින් අපගේ තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගොලීය නිෂ්පාදන ජාලයක හවුල් කරුවකු නොවන ශී‍්‍ර ලංකාවේ අනාගතය කොයිබටද යන්න මතු දිනක අපි සංවාද කරමු.