ජා ඇල වැලිගම්පිටියේ දී වටිනා වාලම්පුරියක් ලක්ෂ 20කට අළෙවි කිරීමට තැත්කල 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ මෑතකදි පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් පුත්‍රයකු බව පොලිසිය සදහන් කරයි.ජාඇල පොලිස් විශේෂ කාර්යාංශයට ද තොරතුරක් මත ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්ගත් පොලිස් උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම සිදුකොට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන කටයුතු වලදී සැකකරු මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වුවෙකු බවත් මීට පෙර තම පියාට අයත් ලොරියක් සොරාගෙන තවත් අයෙකුට රුපියල් 23 ලක්ෂයකට උකස් කිරීමේ චෝදනාවකට සපුගස්කන්ද පොලිසියේ පැම්ණිල්ලක්ද සැකකරුට එරෙහිව ඇති බවත් අනාවරණය වු බව ජාඇල පොලිස්ය වැඩිදුරටත් පවසා සිටියි.