නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (16) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවති අතර මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන නියෝජ්‍ය මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

දෙරට අතර ක්‍රීඩා සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, රග්බි ක්‍රීඩාව කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වෙනුවෙන් මැදිහත් වන බවත් නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න