මීගමුව රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 19 හැවිරිදි සීදුව ප්‍රදේශයේ රෝගී තරුණියකට ලිංගික අතවර කළේ යැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබසිටි වෛද්‍යවරයාව අතවරයට පත් වූයේ යැයි කියන තරුණිය විසින් අධිකරණයේදී පවත්වන ලද පෙරටුවේදී 16 වෙනිදින හඳුනාගැනීම නිසා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මෙම තරුණියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබුණේ , ඒ අවස්ථාවේදී රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතුව සිටි මෙම සැකකාර වෛද්‍යවරයාගෙනි. ඒ අනුව එහිදී ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් එම තරුණියට ලිංගික අතවරයක් සිදු කලේ යැයි කියන එම සිදුවීම වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු 31 (31/03) වෙනිදාය. ඒ අනුව පසුදින එනම් අප්‍රෙල් මස 01දින (01/04) මෙම තරුණිය විසින් මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි. තවද මෙම තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ 02 කටද පෙනී සිට ඇති අතර ඉන් එක් පරීක්ෂණයක් මීගමුවේද, අනෙක් පරීක්ෂණය කොළඹදී ද සිදුකර තිබේ.
මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව රෝහල් පාර්ශවයෙන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන්ද වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මෙම වෛද්‍යවරයාට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබිණි.
තවද මාස 02 ක පමන කාලයක් මෙම සැකකාර වෛද්‍යවරයා පොලිසිය සහ අධිකරණය මඟහැර සිට ඇති බවද වැඩිදුරටත් වාර්තා විය. කෙසේ වුවද පසුගිය 02 දින (02/06) මෙම සැකකාර වෛද්‍යවරයා මෝසමක් මගින් අධිකරණයට භාර විය. ඒ අනුව එදින සිට දින 14 ක් එම වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අනුව මෙම සිදුවීම සම්බන්ධව මීළඟ නඩු වාරය එළැඹෙන 20 වැනි දින ( 20/06 ) පැවැත්වීමට නියමිතව ඇත.
(11) මැණික් පුරේ මැණිකක් මරයි!
රත්නපුරේ පදිංචි මැණික් ව්‍යාපාරික ත්‍රීරෝද රථ රියදුරා කුළි ගමනක් රැගෙන ගොස් මරා දමලා.
පසුගිය 18 වෙනිදා අළුයම රත්නපුර කිරිඇල්ල මැද ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දී ත්‍රි රෝදරථයක් ආසන්නයේ කැපුන් තුවාල සහිත මරමුවට පත්වු පුද්ගලයකුගේ මළ සිරුරක් තිබෙනු දැක ඇති ප්‍රදේශවාසීන් ඒ බව කිරිඇල්ල පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර පසුව එම ස්ථානයට පැමිනි කිරිඇල්ල පොලිසියේ නිළධාරීන් විසින් එම මළ සිරුර සොයාගෙන ඇත..
මෙසේ ඝාතනය කර ඇත්තේ රත්නපුර නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ ආසන්නයේ පදිංචි අජිත් පෙරේරා නැමති 62 හැවිරිදි තිදරු පියෙක් බව පොලීසිය හදුනාගෙන ඇත.මොහු මැණික් වයාපාරිකටයුතු වල යෙදී සිටින අයෙකු වනඅතර, නගරයේ පිහිටි ඔහුගේ ගොඩනැගිල්ලක් කුළී පදනම මතද ලබා දී ඇති ඒ අතරතුර ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කුළී ගමන් යාමද සිදු කර ඇත.
ඉකුත් 18 වෙනිදා රාත්‍රියේ 10ට පමණ මියගිය අය හමුවට පැමිනි යම් පුද්ගලයෙකු අයගම ප්‍රදේශයට කුලීගමනක් යාමට යැයි පවසා මියගිය අය සමග ත්‍රීරෝද රථයෙන් ගොස් ඇත. පසුව මෙම පුද්ගලයා සමග මිය ගිය අය රත්නපුර නගරයෙන් පිටත් වී රත්නපුර කොටාමුල්ල හංදිය හරහා මෙම අයගම ප්‍රෙද්ශයට පැමින ඇති බවට පොලිසිය තහවුරු කර ගෙන ඇත. පසුව අයගම ප්‍රදේශයේදී කුළි ගමන ගිය අය මෙම ත්‍රීරෝද රථ රියදුරගේ බඩට හා ශරීරයේස්ථාන කිහිපයකට පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය හදුනාගෙන ඇත.මෙමඝාතනයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, ඝාතකයා හදුනාගැනීමට සබරගමුව පලාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න හා රත්නපුර කොට්ඨාශ භාර ජේෂ්ඨපොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යනමහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිර් මහතාගේ හා කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත රත්නපුර හා කිරිඇල්ල පොලිසිය එක්ව අතර මග සීසීටීවී දර්ශණ උපයෝගී කර ගනිමින් පරීක්ෂණ සිදු කරමින් තිබේ.
(12) වරකා කා කා කා පොලින් ඇසෙන කතාවක්!
සැමියා විදේශ රටක රැකියාවකට ගොස් කුඩා දරුවන් දෙදෙනා සමග තනිව දිවි ගෙවු තරුණ මවකට විෂ බීජයක් ශරිර ගත වී බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ඊයේ 18 වැනිදා අලුයම මිය ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි වික්‍රමගේ නදීෂා වික්‍රමසිංහ නැමැති දෙදරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මිය ගොස් ඇති දෙදරු මව මාතර වෙහෙරහේන ප්‍රදේශයේ උපන්නියක් බවත් කලකට ඉහතදී වරකාපොළ ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී මනාලයාගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිසිය පැවසීය. මනාලයාගේ මව්පියන් මිය ගොස් ඇති බවත් මෙම යුවල පමණක් තනිවම නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවසීය. දැනට යුවලට වයස අවුරුදු 10 ක හා වයස අවුරුදු 06 ක ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටින බවත් දරු දෙදෙනාගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අවස්ථාවේ දී බිරිද හා දරු දෙදෙනා නිවසේ දමා මීට වසරකට පමණ ඉහතදී සිංගප්පූරුවේ රැකියාවකට පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
දරු දෙදෙනා සමග නිවසේ තනිවම පදිංචිව සිට ඇති දෙදරු මව පෙරේදා 17 වැනිදා දහවල් 11 ට පමණ කිලෝමීටර් 220 ක් පමණ ඈතින් මාතර වෙහෙරහේන පදිංචිව සිටින පියාට දුරකතනයෙන් කතා කොට කියා ඇත්තේ තමන්ට අසනීප බවත් වහාම නිවසට පැමිණෙන ලෙසත්ය. පසුව දෙදරු මවගේ මව්පියන් සවස වරකාපොළ නිවසට පැමිණීමෙන් රාත්‍රි අසල්වැසි ත්‍රීරෝද රථයකින් තරුණ දෙදරු වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මව ඊයේ 18 වැනිදා අලුයම මිය ගොස් තිබුණි. මිය ගිය දෙදරු මවගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ ඊයේ 18 වැනිදා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ දී පැවැත්විණ.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් සිදු කළාය. විෂ බීජයක් ශරිර ගත වී බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් සිදු වු මරණයක් බවට වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා තීන්දු කෙරිණ.
වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් ජී,ආර්, අබේසිංහ (34711) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.