නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා  පාරිභෝගිකයන් නො මඟ යවමින් ටින් මාළු   නිෂ්පාදනය කළ මීගමුව තලාහේන  දුන්ගල් පිටිය ප්‍රදේශයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  වටලා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින් මාළු නිෂ්පාදනය  කරමින් තිබු ස්ථානයක් වටලනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින්  අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින් මාළු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීම සිදු කොට ඇති බවට අනාවරණය වී ඇත.

වැටලීමේ දී ව්‍යාජ ලෙස නිෂ්පාදනය කර වෙළ දෙ පොළට නිකුත් කිරිමට සුදානම්කර තිබු  ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන ඇති අතර පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ  ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලිමට අදාළ මුලික විමර්ෂනවල දී අනාවරණය වී ඇති බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන  ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවද එම අධිකරිය කියා සිටි යේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න