ජාතික හෙද විශ්ව විද්‍යාලය ලඟ දීම ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථාන දී උස්සවයක දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති වරයා මෙසේ ද කීය.
හෙදිය අපේ අනාගතයයි – හෙදියට සත්කාරය තුළින් ආ ර් ථිකය ශක්තිමත් වේ යන්න තේමා කර ගනිමින් මෙවර හෙද දිනය සමරනු ලබන අතර හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ හෙද සේවයේ මාතෘවරිය ලෙස සැලකෙන “ෆ්ලොරන්ස් නයිටිංගේල්” මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් සෑම වර්ෂයකම මැයි 12 දිනය ජාත්‍යන්තර හෙද දිනය ලෙස යොදා ගෙන තියනවා.
හෙද හෙදියන් සමාජය තුළ ඉටු කරන වැදගත් කාර්ය භාරය සහ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා හෙදියන්ගේ දායකත්වය, කැපවීම් පිළිබඳව සිහිපත් කිරීම සඳහා ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් 1974 සිට සෑම වසරකම මැයි 12 දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම් කර තිබෙනවා.
ජාතික හෙද විශ්ව විද්‍යාලය මෙරට තුළ ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විශාල කාර්යභාරයක් ඉටුකල බව සිහිපත් කළ අමාත්‍යවරයා එම විශ්ව විද්‍යාලය කඩිනමින් ආරම්භ කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒකාබද්ධව අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවතින අඩු පාඩුකම්, ප්‍රායෝගික ගැටලු විසදීමට, කමිටුවක් පත්කිරීමට කටයුතු කරනවා.
පවතින අඩුපාඩු, ප්‍රායෝගික ගැටලු විසදීමකින් තොරව විශ්ව විද්‍යාලයක් ආරම්භ කළහොත් එය ඉදිරියේ දී, ප්‍රශ්න ගණනාවක් උද්ගතවීමට ඉඩ ඇති බවත් එබැවින් ගැටලු නිරාකරණය කර නුදුරු කාලය තුළ දීම ජාතික හෙද විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නවා.
අනාගතය වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමට පැවරි තියනවා.
විශේෂයෙන්ම ඉතිහාසය විසින් අපේ උරමත මේ පටවලා තිබෙන්නේ ලාංකීක රාජ්‍ය, පෙහොසත් රාජ්‍යයක් කිරීම සහ එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ලස්සන කිරීමේ වගකීමයි.
එම අරමුණ ඉටු කිරීමට නම් අපි සැවොම ඉදිරි වසර තුන තුළ දී අඛණ්ඩව වෙහෙස නොබලා කටයුතු කළ යුතු වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ දී ඔබ දැනටමත් හෙදියන් හැටියට කරන කාර්යභාරය නොවන්නට මෙම ක්ෂේත්‍රය මේ තරමින්වත් පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වීමට ඉඩ තිබු පෙන්වා දිය හැකියි.
ජාත්‍යන්තරය ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය සේවාවේ නිර්ණායකයන් පිළිබඳව අපි රටක් හැටියට උද්දාමයට පත්වන විට එහි විශාලතම කාර්යභාරයක් ඉටු කර තිබෙනුයේ ශ්‍රී ලාංකික හෙද සේවය නියෝජනය කරන පිරිස බව සඳහන් කරන්නට කැමැතියි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියේ දී, අභියෝග කිහිපයකට මුහුණ දෙන බවත් ඉන් මුලික වන්නේ වේගයෙන් වැඩි වෙන වියපත් ජනගහනයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම බව සඳහන් කළ හැකියි.
මෙරට සෞඛ්‍ය නිර්ණායක මෙන්ම මෙරට සෞඛ්‍ය සැලැස්ම සකස් කිරීමේ දී මෙම වැඩිහිටි ජනගහනය රෝහලෙන් පිටත දී රැකබලා ගැනීම කළ යුත්තේ කෙලෙස ද කියන කරුණ මත පදනම්ව අදාළ සැලසුම් සකස් විය යුතු වෙනවා.
බාහිර රෝගී අංශ වල රෝගීන් වැඩිම ප්‍රමාණයක් පැමිණෙන්නේ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි.
බාහිර රෝගීන් හෝ නේවාසික රෝගීන් හැටියට බෝ නොවන රෝග සඳහා රෝහල් වලට ඇතුළු වන ප්‍රමාණය අවම කර ගනිමින් මහජනතාව සමඟ සම්බන්ධ වී ඒ අයට නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් විය යුතුව තිබෙනවා.
මේ සඳහා ඉදිරි වසර තුන තුළ දී ප්‍රජාව පදනම් කර ගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය ඒකක 1000 ක් අලුතින් ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා .
එහි දී, ප්‍රජාවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සම්බන්ධ කරගනිමින් මුලික කාර්යභාර්ය ඉටු කිරීමේ වගකීම පැවරෙනුයේ ද මහජන සෞඛ්‍ය, හෙද කාර්ය මණ්ඩලයට බව පෙන්වා දිය හැකියි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සමරු තිළිණයක් ද මෙහි දී ප්‍රදානය කරනු ලැබීය.
මෙම සැමරුම් උත්සවයට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, හෙද විදුහල් වල විදුහල්පතිවරුන් ඇතුළු ව හෙද හෙදියන් පිරිසක් සහභාගී වුහ.