මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පණතේ(නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැලකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක්යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමහර දේශපාලනඥයින් මාර්තු මාසයේ පනත සංශෝධනය කර දෙවතාවක් දැනුම් දීම මත මේ ප්‍රතික්ෂේප වීම් සිදුවූූ යැයි සඳහන් කිරීම වැරදි ප්‍රකාශයක් බවද පළාත් පාලන පනත සංශෝධන සහිතව සම්මත වූයේ පසුගිය ආණ්ඩු සමයේ බවද පෙන්වා දුන්නේය.
තරුණ නියෝජනය පිළිබඳව එමගින් පැහැදිලිව සඳහන් කර ඇති අතර තමා විශ්වාස කරන පරිදි මැතිවරණ කොමිසම මගින් ලබාදුන් උපදෙස් මගහැරීම හේතුවෙන් මෙම චෝදනාව ඉදිරිපත් කරන බවට සිතන්නේයැයිද ඒ මහතා කීය.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු සමයේ සම්මත කළ පනතට අනුව සිදු කරන අතර පැනවූ නීතියක් පිළිබඳව දැනුවත් නොවන බව හෝ අවබෝධයක් නොවූ බව නිදහසට කරුණක් නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.රටක පවතින නීතියකට අනිවාර්යයෙන්ම රටේ ජනතාව ලක්වන බවද මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.