ගෝඨාභය පත් කළ කෙහෙලිය ආරක්ෂා කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමඟ සෞඛ්‍ය සේවය නිසි පරිදි ක්‍රියාත්මක කල නො හැකි බව ජනාධිපති වටහා ගත යුතු යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
ඒ නිසා නිදහස් සෞඛ්‍ය සේවයේ නාමයෙන් මෙරට අකාර්යක්ෂම ඖෂධ නියාමන අධිකාරි හා රාජ්‍ය ඖෂධ සංස්ථා පරිපාලනය වෙනස් කරන්න යැයි ද ඒ මහතා කියා සිටියේ ය.
ඊයේ (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය අර්බුදය මැඩ පැවැත්වීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කර දී තිබියදීත් ඖෂධ හිඟය,ඖෂධ 200 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධව අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය කණගාටුවට කරුණක් බව ද ඒ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල බාල ඖෂධ රැගෙන එන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් බාල ඖෂධ මිල දී ගැනීම් සම්බන්ධ වන ඖෂධ නියාමන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලට දිගින් දිගටම සහභාගී නො වූ වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන වැඩි පුද්ගලයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල් පුටුවල තබා ගෙන සෞඛ්‍ය සේවාවේ දූෂිත නිලධාරීවාදයට එරෙහිව සටන් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඖෂධ නියාමන අධිකාරියේ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන පරිපාලන යටතේද මෙරට වෛද්‍ය සැපයුම නියාමනය සහ බෙදා හැරීම යාවත්කාලීන කිරීමට අසමත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඖෂධ නියාමන අධිකාරිය වර්තමාන විධායක අධ්‍යක්ෂ හා සභාපතිවරයා යටතේ කවුරුවටත් ඖෂධ නියාමන අධිකාරිය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තත්ත්ව පාලන රසායනාගාරයක් ස්ථාපිත කිරීමට හෝ කටයුතු කර නොමැති බව ද ඔහු කීය.
ඇතැම් ඖෂධ දිගින් දිගටම සංකූලතා මතු වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එම සමාගම් ආරක්ෂා කරන බව ද මේ අන්දමට තෝරාගත් සමාගම් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ම පැවතීම නිසා සැපයුම්කරුවන් මෙරට සැපයුම් ජාලයට එකතු වීමට අධෛර්යයට පත් කිරීමට එය හේතුවක් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.