සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය අද (18) සැලසුම් කර ඇති පැය 24 ක වැඩ වර් ජ නය  ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවැසීය.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය පෙ.ව. 07.00 සිට වැඩ වර් ජ නයක නිරත වන බව ද ඒ මහතා කීය.

මෙම දැවැන්ත වැඩ වර් ජ නයට සෞඛ්‍ය වෘතීය සමිති 20 කට අධික ප්‍රමාණයක් සහයෝගය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර් ථක වීමෙන් පසු වැඩ වර් ජ නය දියත් කරන්නට තීරණය කළ බවද ඒ  පැවැසීය.

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය,අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ පෙරමුණ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය එක්ව දියත් කරන වැඩ වර් ජනය සඳහා සෞඛ්‍යට සම්බන්ධ සංගම් රසක්ද සහයෝගය දක්වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අනුබද්ධ සංගම් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය,රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය,රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රජයේ වෘත්තීය චිකිත්සකවේදීන්ගේ සංගමය,රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය, රජයේ කථන හා භාෂා ව්‍යාධිවේදීන්ගේ/ චිකිත්සකවරුන්ගේ සංගමය,රජයේ ශ්‍රවණවිද්‍යා නිලධාරීන්ගේ සංගමය, අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ පෙරමුණ මෙම සටනට අප එක්ක එක් වෙන බවද ඒ මහතා කීය.

මෙම දැවැන්ත වැඩ් වර් ජනය ට තවත් පිරිසක් ද එක්වන  බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය,රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය,රජයේ විද්‍යුත් නිකර්පණ රේඛණ ශිල්පී සංගමය, රජයේ අක්ෂි තාක්ෂණවේදීන්ගේ හා සෘජු නේත්‍රඥයින්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමය, රජයේ ඛන්තු රේඛණ ශිල්පී සංගමය,රජයේ පාසල් දන්ත චිකිත්සක සංගමය, රජයේ දන්ත තාක්ෂණ ශිල්පී සංගමය,සෞඛ්‍ය දෙපාර්තවේන්තුවේ මහජන සෞඛ්‍යරසායනාගාර ශිල්පී සංගමය,රජයේ ඖෂධ සංයෝජක නිළධාරීන්ගේ සංගමය, අංගාදේශ හා සෘජුකරණවේදීන්ගේ සංගමය ආදි සංගම් ද අපේ සටනට සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න