සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉහල නැංවීමට ව්‍යායාම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දැන් විවුර්තයි .

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩලයේ ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉහල නැංවීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ව්‍යායාම මධ්‍යස්ථානය වඩාත් පුළුල් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය බලාපොරොත්තු වෙයි.
ව්‍යායාම පිළිබඳ ඩිප්ලෝමාධාරි උපදේශකවරයෙකු යටතේ සතියේ වැඩ කරන දින පහේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ව්‍යායාම මධ්‍යස්ථානය ක්‍රියාත්මකය.

සතියේ වැඩ කරන සෑම දිනයකදීම පෙරවරු 06.30 සිට පෙරවරු 08.30.දක්වාත් පස්වරු 04.30 සිට 09.30 දක්වාත් මෙම ව්‍යායාම මධ්‍යස්ථානය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් විවුර්තව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය (0716805681) පැවසුවාය

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න