මියගිය සිය පියා විසින් හීනෙන් පැමිණ කියන ලද නිධානයක් ගැනීමට ගිය පිරිසක් සමග උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසිය සමත්ව තිබේ.
මේ අතර වල හැරිම සදහා යොදා ගත් බැකෝ යන්ත්‍රක් ද වෙයි.
19 පස්වරුවේ මේ වැටලීම සිදු කර ඇත . අත්අඩංගුවට පත් උපකරණ අතර උදලු ,සවල් යකඩ ඉන්නක් ද වෙයි . මිට අමතර නිධානය ගැනීම සදහා පුජාවක් පැවැත්වීමට අවශ්‍ය භාණ්ඩ කීපයක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් පස් දෙනා අතර කාන්තාවක්ද සිටින අතර අය ඉතාලියේ සේවය කර මෙරටට පැමිණ ඇත්තේ මේ නිධානය ගැනීම සදහායි මේ නිධානයේ වටිනා මැණික් දෙකක් තිබෙන බව අය පොලිසියට ප්‍රකාශ කර ඇත.
මිට පෙර අවස්තාවකද මි නිධානය ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී කපුවෙකු මේ කාන්තාව රවටා ව්‍යාජ ගල් කීපයක් දී විශාල මුදලක් රැගෙන පලා ගොස් තිබේ.
බැකෝ යන්ත්‍රය ගෙන්වා ගෙන ඇත්තේ ළිදක් හැරීමට බව පවසමිනි.මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණයක් සිදු කරයි.සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි