- සිරි දළදා වන්දානාව අවසන් දිනයේ ක්‍රියාත්ක කිරිමට නියමිත වැඩසටහන් (2025.04.27)
- මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
- දළදා දැක්ම නිමාවී පැය 24ක් තුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්න් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතයි.
- මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වැදීමට විශේෂ අවස්ථාවක් පස්වරු 04.00ට
- දළදා දැක්මට දායකවූ කාර්යය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කරමින් තේවාවභාර නායක හිමි පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ පැවැත්වේ. ( 09.00ට)
- දළදා දැක්ම නිමාවූ පසු මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.