ලංකාවේ පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් සියදිවි හානි කර ගැනීමේ දිස්ත්‍රීක්කය මාතර දිස්ත්‍රීක්කය බවට පත්ව ඇති බවත් 2024 වර්ෂයේ දී පමණක් පුද්ගලයන් 118 දෙනෙකු සිය දිවි හානි කර ගෙන ඇතැයිද එයින් 79 දෙනෙකුම සිය දිවි හානි කර ගෙන ඇත්තේ එල්ලිලා බවට පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඩී.කේ.බන්දුතිලක් මහතා පවසයි.මේ බව අණාවරනය කළේ පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.
පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම සභාපති පාරලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය මහ ලේකම් ටී.එච්.දර්ශණ වර්ණප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා පස්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවණගාරයේදී පැවැත්විණි.
පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය බන්දු තිලක් මහතා වැඩිදුරටත් කියා සිටියේ සිය දිවි හානිකර ගැනීම වයස් සීමාව ලෙස 30-60 අතර වයස්වල පසුවන පුද්ගලයන් වන බවත් ඉතා සුළු දෙයකට පවා ඇතැම් පුද්ගලයන් සිය දිවි හානි කර ගෙන ඇති බවට විමර්ශණ වලදී අනාවරණය වී ඇති අතර ක්ෂණික කෝපයක් හෝ සිත්තැවුලක් ඇති වූ අවස්ථාවලදී මෙලෙස සිය දිවි හානි කර ගැනීම් සිදුව ඇති බවත් සිය දිවි හානි කර ගැනීම විශාල තර්ජණයක් බවට පත්ව ඇති බැවින් මේ පිලිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවට පැවැසීය.