ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් අද දින පැවැත්වුණා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විනිශ්චයකාරතුමන් ද සහභාගි වුණා. මෙහිදී අභිචෝදක කාර්යාලය ආරම්භ කිරීම, පවත්වා ගෙන යාම පිළිබදව පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණා. මෙය මූලික සාකච්ඡාවටයක් පමණයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්තුමියටත් නීති අංශයටත් මා උපදෙස් ලබා දුන්නා. අභිචෝදක කාර්යාලය පිහිටුවන්නේ කෙසේද ? ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එයට අවශ්‍ය මානව සම්පත් සහ තාක්ෂණ සම්පත් ලබාගන්නේ කෙසේද ? යනාදී සියලු කරුණු පිළිබදව තවදුරටත් සාකච්ඡා කරනවා. මෙහි අවසාන අරමුණ වන්නේ කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමයි. එමෙන්ම මේ සඳහා සුදුසු අවස්ථාවකදී මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් විමසීමට අපි කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ස්වාධින අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කර ගත හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා
මුල් පිටුව අධිකරණ ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ,...