සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත් කළ  බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වාර්තාව ලැබුණු වහාම විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

නවකවධය හේතුවෙන් මරණය සිදුවී ඇති බවට සමාජ මාධ්‍යවල බෙදාගන්නා වාර්තා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවත්, එල්ලවන චෝදනා ඔප්පු වුවහොත් වග කිව යුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යාංශය පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න