විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මියයාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කළ බවයි.
තාක්ෂණික පීඨයේ දෙවෙනි වසර ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධව එම විශ්ව විද්‍යාලයෙන් සිසුන් සිව්දෙනෙකු පසුගියදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.