සති හයකින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට පියවර ගන්නා බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසීය.

පසුගිය 28 වන දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති වරයා මෙසේ ද කීය.

මාධ්‍ය සංවිධානවලට මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමටත් සුරක්ෂිත සහ වගවීමෙන් යුක්ත රාමුවක් තුළ පොදු උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිවන ප්‍රශස්ත පරිසරයක් නිර්මාණය කිරීමත්  මෙහෙවර කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනයට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීය..

රජය ලෙස ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම  සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස තහවුරු කිරීම යන කරුණු දෙක පිළිබඳ ව අවධානය යොමු කරන බව ද ඒ මහතා කීය.

එම නිදහස උල්ලංඝණය වුවහොත් අධිකරණ පද්ධතිය හරහා විසදුම් ලබා ගත හැකි බව ද ඒ මහතා පැවසීය.

භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස බලාපොරොත්තු  වන ප්‍රමාණයකට හෝ තහවුරු වූ තැනක පුද්ගල නිදහස, ගරුත්වය, පුද්ගල සහ සමාජ කණ්ඩායම් අතර අනන්න්‍යතාවය ආරක්ෂා කරන්නේ කෙසේද යන කරුණ මේ යුගයේ අභියෝගයට ලක්ව ඇති කරුණක් බව ද පැවසී ය.

භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සම්බන්ධයෙන් මීට පෙර පැවැති සාකච්ඡා වල දි මුහුණ දීමට සිදු වූයේ ආණ්ඩුවේ බලය යොදා ගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සීමා පැනවීම් බවත් අද වන විට ආණ්ඩුවේ මාධ්‍ය එයින් ඔබ්බට ගොස් ඇති බවත් අනෙකුත් පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකරුවන් පුද්ගලයන් ලෙස සාමාජ මාධ්‍ය භාවිත කරන බව ද පැවසීය.

මෙම සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය තුළින් පුද්ගලයාගේ ගරුත්වය පෞද්ගලික නිදහස අනන්‍යතාව ආදී සියලු දේ සදහා ඇතිවන බලපෑම අවම කරන්නේ කෙසේ ද යන්න මේ අවස්ථාවේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී මුලිකත්වය ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී  පැවසී ය.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග වන බවත්, ඒ අනුව දැනට අඩුපාඩු සකස් කරමින් සකස් කෙරෙන කෙටුම්පතේ අඩුපාඩු වේ නම් එම අඩුපාඩු ද සකස් කරමින්  වර්ධනය කිරීමත් එසේ නොවන්නේ නම්  අළුතින් ම නැවත කෙටුම්පතක් සකස් කිරිම සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම කාර් ය  ඉටු කිරීමේ දී පෞද්ගලිකව අමාත්‍යවරයා ලෙස තමාට හෝ රජයට ගෞරවයක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද අවශ්‍ය වනුයේ මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

මෙම කාර්යය සදහා මේ දක්වා දායකත්වයන් ලබා දී තිබෙන්නේ  මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා කෙටුම්පතට සංශෝධන සිදු කරමින් ඉදිරියට යාමේ ක්‍රියාවලිය මෙහිදී වඩාත්  පහසු වනු ඇති බවත් එය වඩා ඉක්මන් සහ පහසු වනු ඇති බව ද සඳහන් කළේ ය.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ දායකත්වයෙන් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බව ද ඒ මහතා කීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊට අවශ්‍ය පහහසුකම් සැපයීම සිදු කරන බව ද පැවසී ය.

මෙම කාර්යයට සක්‍රීයව දායක වන ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන සියල්ලටම ජනමාධ්‍ය  අමාත්‍යාංශය ආරාධනා කර ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඉදිරි සති 06 ක කාලය තුළ මෙම  කාර්යය සම්පූර්ණ කිරීමට සියළු දෙනාගේ සහයෝගය ලබා දීම අත්‍යාවශ්‍ය වන බව ද ඒ මහතා කීය.

ලබන සැප්තැම්බර් මස වන විට මෙම කාර් ය  සම්පූර්ණ කිරීමට ලැබෙනු ඇති බවට තමා අනුමාන කරන බව ද පැවසී ය.

මෙහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ සාකච්ඡා ඉල්ලා ඇති පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමටත්, ඩිජිටල්කරණ, මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය වැනි ව්‍යාපෘති සදහා ද  නව ප්‍රවේශයක් ලබාදෙමින් මේ සමග සම්බන්ධ වන මාධ්‍ය සංවිධාන සමග ඉදිරියට ගමන් කිරීම වැදගත් බවයි. 

උතුරු නැගෙනහිර මාධ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග ද සාකච්ඡාවක් පැවැත්වීම සුදුසු බව ද පෙන්වා දෙන ලදි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විඡේනායක මහතා

ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතට අදාළව අදහස් හා යෝජනා ලබාගැනීම සදහා මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළ බවයි. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට බදුන් වුන කරුණක් බවත්, එය නැවත සකස් කිරීමට මෙමගින් අදහස් කරන බව ද ඒ සදහා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද පැවසී ය.

මෙම විශේෂ සාකච්ඡාවේ දී ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයින් වන, කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශ ප්‍රධානී විජයානන්ද රූපසිංහ, ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද අදහස් දක්වන ලද අතර,  ජාතික මාධ්‍ය ප්‍රතිපත්ත්තියක අවශ්‍යතාව, ප්‍රතිලාභ, ජාතික මාධ්‍ය ප්‍රතිපත්ත්ති කෙටුම්පත සකස් කිරීමේ ගමන් මඟ මෙන් ම අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග පිළිබඳ ව දැනුවත් කිරී ද මෙහිදී සිදු කරන ලදි. 

මෙම අවස්ථාවට ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයින්, රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය ආයතන නියෝජනය කළ මාධ්‍යවෙදීන්, ස්වාධීන මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල මාධ්‍ය අංශ නියෝජනය කළ ආචාර්යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න