කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය තලවකැලේ ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ ජන රැලිය නියමිත වේලාවට පෙර අවසන් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැළියට එක්ව සිටි පිරිස අමතා සිදු කළ කතාවෙන් පසු පිරිස විසිර යාමට පටන් ගැනීමත් සමඟ සමගි ජන බලවේගයේ මැයි රැලිය අනපේක්ෂිත ලෙස අවසන් විය.

පාක්ෂිකයින් රඳවා ගැනීමට සංවිධායකයින් උත්සාහ කළ ද පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් රැස්ව සිටි පිරිස අමතමින් පවසා තිබුණේ නායකතුමන්ට හදිසි වැඩකටයුතු ඇති බැවින් ඔහුට කලින් පිටව යාමට අවශ්‍ය වූ බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර හර්ෂ ද සිල්වා ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සිටින බැවින් ඔවුන් ඉදිරියේදී සභාව ඇමතීමට නියමිත බවත් ඔහු පැමිණ සිටි පිරිසට පවසා තිබේ.

එබැවින් උත්සවය තවමත් අවසන් වී නැති බව අවධාරණය කරමින් ඔහු රැස්ව සිටි පිරිසට රැඳී සිටින ලෙස ද පවසා තිබිණි. එහෙත් එම ප්‍රකාශ නොතකා බොහෝ පිරිසක් පිටව යාම නිසා රැලිය අවසන් කිරීමට සිදුව තිබෙන බව දැක ගත හැකි විය  

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න