කතු වැකිය

රාජ්‍ය පරිපාලනයේ මානව සම්පත් සේවය කොයිබටද ?

ජාතික සංවර්ධනයට හා නිෂ්පාදන ඵලදායිතාවයකට උරදෙන රාජ්‍ය සක්‍රීයතාවයක් රටේ පොදු මහජනතාව බලා සිටින අවස්ථාවක් අපේක්ෂිත මේ පසු කරමින් ඉන්නේ .කියලා කිව්වොත් වඩාත්නිවැරදියි.
විශේෂයෙන් විදේශිකයින් සඳහා කිසියම් වැඩසටහනක් දියත් කිරීමේදී රටේ අනන්‍යතාවය නිෂ්පාදන ඵලතායිතාවයකට දිසාගත කිරීම පරිපාලනයේ ඉතාම වැදගත් කරුණක්
රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය එකිනෙකට වෙනස් විෂයන් දෙකක් .
නමුත් පරිපාලනයේදී මෙය සම්මිශ්‍රව එකට බැඳීපවතිනවා .
රටක පවතින විවිධ දේශපාලනික සමාජීය ආර්ථික හා සංස්කෘතික රටාවන් හා එම තොරතුරු මත එක්ක එක විවිධ ප්‍රමාණයේ නිර්මාණාත්මක ක්‍රියාවලින් මතු වෙන්නපුළුවන් .
එවැනි අවස්ථාවලදී සමාජ විද්‍යාත්මක හා රටේ අනන්‍යතාවය ඔසවා තබන ආර්ථික ඵලදායිතාවයකට රට තල්ලු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අදාළ අමාත්‍යාංශයේ වගකීමක් .
පසුගියදා ගුඩ් මාර්කට් හී පැවති විදේශිකයින් සම්බන්ධ කරගත් සල්පිල එවැනි ක්‍රියාන්විතයකට විදේශ අමාත්‍යාංශය යොමු වූවාද යන්න ගැටලු සහගතයි .
පහළ මට්ටමේ නිලධාරීන්ට බලය පැවරීමේදී අමාත්‍යාංශයේ ලේකම්වරියට සුවිශේෂ වගකීමක් තියෙනවා .
නිදහස්ව වැඩ කිරීමටත් පැන නගින තත්ත්වයන්ට අනුරූපීව අදාල අමාත්‍යාංශයේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී පූර්ව අර්ථකථනය කිරීම ලේකම්වරයා හෝ ලේකම්වරියගේ පළමු රාජකාරියයි .
ඒ සඳහා ඉංග්‍රීසි දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ .
දැනුම බුද්ධිය පුහුණුව සහ දක්ෂතාවය පදනම් කරගත් සහජීවනයකින් ඔහු හෝ ඇය සමත් වියයුතුයි .
වර්තමාන රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන් කළමනාකරණ පරිපථය තුළ බලය අසමත් වීම නම් එය අවසානයේ අභාග්‍යය කාන්දු වන්නේ රටටයි
බලයට පත් වූ නව රජය ජනතාවගේ රජයක් යයි කියවෙයි.
රාජ්‍ය පරිපාලනයේ හැසිරීම භාවිතය අනුව එය සැබැවින්ම සත්‍යයක්ද ?
නව රාමුවකින් කලඑළියට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ රජය රාජ්‍ය පරිපාලනය ගෙනයන්නේ කොතනටද ?
දැනට සමාජය තුළ තදබල විවේචනයන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව මතු වෙමින් තිබෙනවා .
එය පොදු මහජනතාව හඳුන්වන්නේ රාජ්‍ය නිලධාරී මාෆියාව ලෙසයි .
විවිධ රටවල තානාපති අංශ එක් කරගනිමින් විදේශ අමාත්‍යාංශය සංවිධානය කර තිබූ සල්පිල විශ්වාසනීයත්වයකින් තොර අසුභදායක තත්ත්වයක පෙරනිමිති ප්‍රදර්ශනය කර තිබුණා.
වැඩසටහන පුරාම සමාජීය අසමානතාවයක් දක්නට ලැබුණා .
වර්තමාන සමාජය පොදුවේ ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා .
පොදු ප්‍රශ්න අප්‍රමාණයි .
එම ප්‍රශ්නවලට යහපත් ප්‍රතිචාර පිළිතුරු ලැබෙන වැඩසටහන් දියත් කිරීම විශේෂයෙන් විදේශ අමාත්‍යංශය වැනි ආයතනයක සුවිසාල වගකීමක්.
නිෂ්පාදන ආර්ථිකය නවීකරණය වන සුළු ලාංකික අනන්‍යතාවය ගොනු වූ සමාජ පණිවිඩයක් ගෙන එන සංයුතියක් අදාල වැඩසටහන තුළ දක්නට ලැබුණේ නැහැ .
සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍යයේ බුද්ධියට නිගා දෙන සංයුතියක් වැඩසටහන පුරාම දක්නට ලැබුණා .
සරල රුචිකත්වයට මුල් තැනක් දෙන වැඩසටහන් දියත් කිරීම විදේශ අමාත්‍යංශය වැනි ආයතනයකට ගැලපෙනවාද .?
වර්තමාන රජය තුළින් ජනතාව අපේක්ෂා කළේ සාර්ථක නිවැරදි ජනහිතකාමී රාජ්‍ය පරිපාලනයක්ය .
අමාත්‍යාංශයක් ඉදිරියේ ඇති ජනතා ප්‍රශ්නවලට කුමක් කළ යුතුද ?
අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ වරියට කුමක් කළහැකිද ?
මේ පිළිබඳ දිගු විචාරයන් ඉදිරි කතුවැකි තුළින් බලාපොරොත්තු වන්න.
කතු වැකිය ලිව්වේ විචාරක සුමිත් කොඩිතුවක්කු

Secretary to the Ministry of Foreign Affairs Mrs. Aruni Ranaraja

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න