මොනරාගල පොලිස් වසමට අයත් හුලංදාව දකුණ ප්‍රදේශයේ රක්ෂිතයෙන් කපාගෙන ටිපර් රථයකට පටවා ඊට උඩින් දැව නො පෙනෙනසේ වැලි දමා ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හුලංදාව දොඩම්වත්ත ප්‍රදේශයේදී වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මොනරාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් මෙලෙස දැව තොගය අත්අඩංගුවටගෙන තිබේ.