එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක් ආරම්භ කර ඇත.
0707 89 88 89 දරණ වට්ස්ඇප් අංකය හරහා දරුවන් විසින් නො සලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් හට නඩත්තු ඉල්ලීම පිළිබඳ ඕනෑම අවස්ථාවක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට තොරතුරු ලබා දිය හැකි වේ.
මෙම අවස්ථාව සංකේත්වත් කරමින් ඊයේ (16) ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිළවශයෙන් වට්ස් ඇප් අංකය ජන ගත කිරීම සිදු කෙරිණි.
වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළ ඳ වීමක් ද සිදු කළහ.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක අතිරේක ලේකම් හේමා පෙරේරා, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු අමාත්‍යංශීය නිළධාරින් පිරිසක් සිටියහ.