පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය අප්‍රේල්  මස සිදුකරන ලද විමර්ශනයකදී ව්‍යාජ ලෙස නිෂ්පාදිත   Amin’s හිසකෙස් වර්ණක ග්‍රෑම්  10  බැගින් වන ඇසුරුම් ගබඩා කිරීම හා බෙදාහැරීම සිදුකරන ලද වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට සහ එම භාණ්ඩ අලෙවිය සදහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළදසැලකට එරෙහිව  පසු ගිය (03) දින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරන ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

 එහි දී අලෙවිය සදහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් අන්හල් මොහොමඩ් මිල්හාන් සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි මොහොමඩ් නසීම් සම්සුඩීන් මොහොමඩ් රීනාස් යන අය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4 ක් සදහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000 ක දඩ මුදල් ගරු අධිකරණය මගින් නියම කරන ලදී.

අදාල නිෂ්පාදන විකිණීම සදහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි මොහොමඩ් නසීම් සම්සුඩීන් මොහොමඩ් රීනාස් යන ව්‍යාපාරිකයාට ඉහත දඩ මුදලට අමතරව බරපතල වැඩ සහිතව මාස 6 ක සිර දඩුවම් නියමකළ ගරු අධිකරණය එම සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලදී.

‍අදාළ භාණ්ඩ අලෙවිය සඳහා ගබඩා කරන ලද කොළඹ 12 පෙටා එසන්ස් සප්ලයර්ස් ආයතනයද අදාල වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩ මුදලක් අධිකරණය මගින් නියමකරන ලද බව ද  අධිකරිය පවසයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න