පසුගිය දින කිහිපය මුළුල්ලේ පැවැති  වර් ෂාව  සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂි කර් ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විටත් ආරම්භ කර ඇති බව එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පැවසීය.

මේ අනුව  වී,බඩ ඉරිඟු,අර්තාපල්,,ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදු වන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05 ක් දක්වා  නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කරන බව ද ඒ මහතා කීය.

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රුපියල්100,000 ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලැබේ. 

ඉහත තත්වය යටතේ දැනට මාතර දිස්ත්‍රික්කයේ ගොවියන් 100 ක ගේ පමණ  කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බව වා ර් තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබදව නිරන්තර  අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.

අපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන් හි ජලය මේ වන විට ක්‍රමයෙන්  බැස යාමට ලක් වන බව ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ  දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් අප වෙත දන්වා ඇති බවද ඒ මහතා කීය.

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918  අමතා ගොවීන්ට තම වගා හානි වීම් අප වෙත දැනුවත් කිරීම සිදු කල හැකි බවත් ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න