සතුට කියන්නෙ ලොකු දෙයක්. ඒත් ඒක ලඟා කර ගන්න එක පොඩි වැඩක්. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ…

“නෑ..නෑ..කොච්චර මහන්සි වෙන්න ඕනද සතුට ලඟා කර ගන්න…ඔයාට වැරදිලා. සුනෙත් …මොනාද මේ කියවන්නේ ? ඔයාලගෙන් ටික දෙනෙක් හරි එහෙම කියන්න ඉඩ තියෙනව…

හරි….මං ඔයාගෙන් අහන්නම් ප්‍රශ්නයක්…
සතුට ලැබෙන්න මොනාද කරන්න ඕන…
“සල්ලි ගොඩාක්,ලොකු තනතුරක්,හොඳම වාහනයක්…තමන් ආදරේම කරපු කෙනා බඳින එක….ලොකු ලොකු විභාග පාස් කරන එක…?
ඔයා හිතන්නෙ ඒ ඔක්කොම කරගත්ත අය සතුටින් කියලද ?
මං කියනව එහෙම නෑ කියල…
ඒකෙන් කියවෙන්නෙ ඒව තියෙන අය ඔක්කොම අසතුටින් කියන එක නෙවෙයි…
එයාලගෙ සතුට තියෙන්නෙ ඒවයෙ නෙවෙයි…එයාලගෙන් සමහර අයත්..ඒ වගේ ලොකු ලොකු දේවල් නැති අයත් සතුටින් ඉන්නව ඕන තරම්…
ඒක ලොකු මැජික් එකක් නෙවෙයි…
පුරුදු කර ගත්තාම හරි ලේසියි..
ඇත්තටම සතුට තියෙන්නෙ බාහිර දේවල් මත හරි බාහිරින් ලැබෙන උත්තේජන ඒ කියන්නෙ සිද්ධ වෙන දේවල් මත නෙවෙයි..
ඒව ගැන ඔයා ප්‍රතිචාර දක්වන්නෙ ,හිතන්නෙ කොහොමද කියන එක අනුවයි ඔයාට ඒ දේ නිසා ඇතිවෙන්නෙ සතුටක්ද දුකක්ද කියල තීරණය වෙන්නෙ..
සතුට ගැන ඕන තරම් කතා කලහැකි.
ඒක වෙන දවසක කරමු දිගට…
එතකල් මෙන්න මේ තුන කරල බලන්න…
“සිද්ධ වෙන දේවල් මොනව වුනත් ඒව නිසා ඔයාගෙ හිතේ සතුට නැති කරගන්නෙ නැතුව ඉන්නව කියල හිතන එක ,ඒ කියන්නෙ ඔයාගෙන් පිටත දේවල් ඔයාට පාලනය කරන්න බෑ කියන එක හිතන එක, ඔයාට සතුටින් ඉන්න පුලුවන් වෙන පුංචිම දේකින් හරි අවස්ථාවකින් හරි සතුටු වෙලා ඒ සතුට උපරිමයෙන් හිතට ගන්න එක…අතීතෙ සිද්ධ වෙච්ච දේවල් එක්කවත් අනාගතේ වෙන්න යන දේවල් එක්කවත් ජීවත් වෙන්නෙ නැතුව මේ දැන් ,මේ මොහොතෙ වෙන දේ තියෙන පුංචිම සතුට හරි උපරිමයෙන් විඳින එක…….
කරල බලන්න …
ආස හිතෙයි…….
ඔයා හැමදාම සතුටින් ඉඳියි….එහෙම කලාම ඔයා සතුටින්ම ඉන්න පුරුදු වෙනව….
එතකොට අනික් අයට මේක තේරෙන්නෙ නැතුව ගොඩක් ප්‍රශ්න අහවි..
එතකොට එයාලටත් මේක තේරුම්.කරල දෙන්න .
ඒක ලොකු පිනක්…

“සතුට බෝ වේවා…..හැමදාම “

ජානක සුනෙත් බණ්ඩාර
සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ,
මනෝ විද්‍යා උපදේශක
2025.03.20
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී
(ජායාරූපය රංගිකා නංගීගෙන් සහ අන්තර්ජාලයෙන් )

happiness#world

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න