වාසනාවකට වාගේ බුදුන් වහන්සේ වදාළ ධර්මය ආගම් වර්ගීකරණයට අයත් වන්නේ නැහැ.
ආගම් වලට දෙවිවරුන් අවශ්‍ය වුවත්, දහමට දෙවි කෙනෙක් අවශ්‍ය වන්නේ නැහැ. බුදු දහමට අනුව විමුක්තිය තනි තනි පුද්ගලයා සතු කාර්යභාරයක් සහ වගකීමක්. මේ තත්ත්වය යටතේ කිසිම පුද්ගලයෙකුට තනිවම යුද්ධ ඇති කරන්නත් බැහැ. නැති කරන්නත් බැහැ.
බාධක කඩුලු ධාවන තරඟයකදී, කිසිම කඩුල්ලක් පෙරළා නොගෙන වේගයෙන්ම දිව ගොස් තරඟය දිනන්නා සංකේතමය වශයෙන් ගතහොත් ජීවිතයේ බාධක ජයගෙන සංසාරෙන් මිදීම පිළිබඳ විමුක්තිය ළඟා කර ගන්නා තැනැත්තායි.
තරඟය ඇත්තේ එතැනයි.
දාර්ශනික පැත්තෙන් බැලූ විට තරඟයෙහි දිව යන්නෙක් නැත. එහෙත් කඩුලු ඇත.
දිනන්න කෙනෙක් නැත්නම් පරාජිතයෙක් ද නැත. ලෞකික ජීවිතයේ ජයග්‍රහණ පරාජය මෙන්ම සාපේක්ෂයි.
ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් එකම පැවැත්මක මායාකාරී සිතිවිල්ලක් පමණයි.
දෙවියන් කියන්නෙත් එවැනි මායාකාරී සිතිවිල්ලක් පමණයි. අනාරක්ෂිත බව තුළින් ඇතිවන විනාශයටත්, බාධක ජයගැනීම තුළින් ඇතිවන සතුටටත් මුළ් වන්නේ දෙවි කෙනෙක්නම්, ලෝක පැවැත්මේ හොඳ නරක තීරණය කිරීමට සර්ව බලධාරී දෙවි කෙනෙක් අවශ්‍ය නැත.
දෙවි කෙනෙක් නැති තැන යක්ෂයෙක් ද නැත. බොහෝ දෙනෙක් අසන පැණය නම් දෙවියන්ව මැව්වේ කවුද යන්නයි.
යක්ෂයෙක් කියන සිතුවිල්ල අතීතයේ කිසියම් දිනක මිනිස් සිතට ඇතුළ් නොවුනේ නම්, ඒ හිස් අවකාශය තුළ මොනම අන්දමේ දෙවි කෙනෙකුටවත් ඉඩක් නැත.
“අත්ථාහි අත්ථනෝ නාථො”
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
19.06.2025
ලෝකයට ආගම් හඳුන්වා දෙනු ලැබුවේ මිනිස් පැවැත්මේ අවසානය තීරණය කරන බලවත්ම හා එකම සාධකය එය වන නිසයි. දෙවි කෙනෙකු නැති ආගම ආගමක් ලෙස පිළිගන්න මිනිසුන් කැමති වන්නේ නැහැ. හේතුව මිනිස් පරිණාමයේ ආරම්භයේ සිටම නොදන්නා අවසානයක් දක්වාම මිනිස් චර්යාව තීරණය කරන මූළික අභිප්‍රේරණ සාධකය “අනාරක්ෂිතභාවය” මත රඳා පවතින නිසයි. වාසනාවකට වාගේ බුදුන් වහන්සේ වදාළ ධර්මය ආගම් වර්ගීකරණයට අයත් වන්නේ නැහැ. ආගම් වලට දෙවිවරුන් අවශ්‍ය වුවත්, දහමට දෙවි කෙනෙක් අවශ්‍ය වන්නේ නැහැ. බුදු දහමට අනුව විමුක්තිය තනි තනි පුද්ගලයා සතු කාර්යභාරයක් සහ වගකීමක්. මේ තත්ත්වය යටතේ කිසිම පුද්ගලයෙකුට තනිවම යුද්ධ ඇති කරන්නත් බැහැ. නැති කරන්නත් බැහැ. බාධක කඩුලු ධාවන තරඟයකදී, කිසිම කඩුල්ලක් පෙරළා නොගෙන වේගයෙන්ම දිව ගොස් තරඟය දිනන්නා සංකේතමය වශයෙන් ගතහොත් ජීවිතයේ බාධක ජයගෙන සංසාරෙන් මිදීම පිළිබඳ විමුක්තිය ළඟා කර ගන්නා තැනැත්තායි. තරඟය ඇත්තේ එතැනයි. දාර්ශනික පැත්තෙන් බැලූ විට තරඟයෙහි දිව යන්නෙක් නැත. එහෙත් කඩුලු ඇත. දිනන්න කෙනෙක් නැත්නම් පරාජිතයෙක් ද නැත. ලෞකික ජීවිතයේ ජයග්‍රහණ පරාජය මෙන්ම සාපේක්ෂයි. ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් එකම පැවැත්මක මායාකාරී සිතිවිල්ලක් පමණයි. දෙවියන් කියන්නෙත් එවැනි මායාකාරී සිතිවිල්ලක් පමණයි. අනාරක්ෂිත බව තුළින් ඇතිවන විනාශයටත්, බාධක ජයගැනීම තුළින් ඇතිවන සතුටටත් මුළ් වන්නේ දෙවි කෙනෙක්නම්, ලෝක පැවැත්මේ හොඳ නරක තීරණය කිරීමට සර්ව බලධාරී දෙවි කෙනෙක් අවශ්‍ය නැත. දෙවි කෙනෙක් නැති තැන යක්ෂයෙක් ද නැත. බොහෝ දෙනෙක් අසන පැණය නම් දෙවියන්ව මැව්වේ කවුද යන්නයි. යක්ෂයෙක් කියන සිතුවිල්ල අතීතයේ කිසියම් දිනක මිනිස් සිතට ඇතුළ් නොවුනේ නම්, ඒ හිස් අවකාශය තුළ මොනම අන්දමේ දෙවි කෙනෙකුටවත් ඉඩක් නැත. “අත්ථාහි අත්ථනෝ නාථො” (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා) 19.06.2025